හේරත්ගේ සාර්ථක නික්ම යෑමකට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

477

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (08) අවසාන වූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 462ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස යන ගමනේ ලකුණු 447ක් පිටුපසින් සිටිමිනි.

හසිනිගේ උත්සාහය අයර්ලන්තය හමුවේ හෑල්ලු වේ

පිතිකරණයේ දී ම මෙන්ම පන්දු යැවීමේ දී ද දැක්වූ දුර්වලතා හේතුවෙන් අද (08) ඇන්ටිගුවා කූලිඩ්ගේ/p>

තම දෙවැනි ඉනිමට අද (08) පස්වරුවේ පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කිසිවෙක් නොදැවී ලකුණු 15ක් ලබා සිටිය හ. ඒ අනුව දිමුත් කරුණාරත්න (07) සහ කෞෂාල් සිල්වා (08) නොදැවී පිටියේ රැඳී සිටිය හ.  

ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දෙවැනි දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටි අතර අද කඩුලු 6ක් දැවී ලකුණු 322ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු විය.

එංගලන්තය වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු කීටන් ජෙනින්ස් පන්දු 280කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 146ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය වන අතර ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ද විය.

ඩිල්රුවන්ගෙන් කඩුලු 5ක්; තරගය තීරණාත්මකයි

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව අද (07) ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ගත් උත්සාහය සාර්ථකව

තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට රොරි බර්න්ස් (11) සහ කීට්න් ජෙනින්ස් (26) පිටියේ නොදැවී රැඳී සිටි අතර අද ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 60ක් දක්වා රැගෙන ගියහ. රොරි බර්න්ස් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ දුවන්නට කළ උත්සාහයක දී ය. ඒ වෙද්දී ඔහු පන්දු 65කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 23ක් ලබා සිටියේ ය.

එම දැවී යෑමත් සමඟ එංගලන්ත ඉනිම තරමක් මෙල්ල වූ බවක් පෙන්නුම් කළේය. මොයින් අලි (03) සහ නායක ජෝ රූට් (03) ලද අවසරයෙන් පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා සමත් වූහ. ඔවුන්ගේ දැවී යෑමත් සමඟ එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 74කට කඩුලු 3ක් ලෙසිනි.

දිවා විවේකය සඳහා තරගය නතර කරන විට එංගලන්තය එම කඩුල්ලේම නතර වෙමින් ලකුණු 111ක් ලකුණු පුවරුවට එක් කර තිබුණි. ඒ වෙද්දී ආරම්භක පිතිකරු කීට්න් ජෙනින්ස් පළමු ඉනිමේ දී ලකුණු 4කින් ගිලිහුණ තමන්ගෙන් අර්ධ ශතකය දෙවැනි ඉනිමේ දී ලබා ගෙන සිටියේ ය. බෙන් ස්ටොක්ස් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14කි.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් ගොඩ නැගූහ. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදෙමින් බෙන් ස්ටොක්ස්ගේ ඉනිම අවසන් වෙද්දී ඔහු පන්දු 93කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 62ක් ලබා සිටියේ ය. ඔහු අද රැස් කළේ තම ටෙස්ට් තරග දිවියේ 14 වැනි අර්ධ ශතකයයි.

එම කඩුල්ල අහිමි වූ පසු ජෙනින්ස්ට එකතු වූයේ ජොස් බට්ලර් ය. ඔවුන් දෙදෙනා එක්ව ඉනිම ගොඩ ගනිද්දී තේ පානය සඳහා තරගය නතර කළේය. ඒ වෙද්දී එංගලන්ත ඉනිම ලකුණු 212ක්ව තිබුණේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි. ජෙනින්ස් නොදැවී ලකුණු 98ක් ලබා ගනිමින් එංගලන්ත දෙවැනි ඉනිමේ ගැලවුම් බවට පත්ව සිටි අතර ජොස් බට්ලර් ලකුණු 14ක් ලබා සිටියේ ය.

තේ විවේකයෙන් අනතුරුව රංගන හේරත් ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගනිමින් එංගලන්ත ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලෙසට පරිවර්තනය කළේය. ජෙනින්ස් සහ බට්ලර් එක්ව එම කඩුල්ලට ලකුණු 77ක් එක් කිරීමට සමත් වෙද්දී බට්ලර්ගේ ඉනිම පන්දු 58කින් ලකුණු 35කින් නිමා විය.

එංගලන්ත ඉනිමේ ශතක ලාභියාගේ සම්ප්‍රාප්තියත් සමඟ නැවත ලකුණු පුවරුව වේගයෙන් කරකැවෙන්නට පටන් ගත්තේ ය. ජෙනින්ස් සහ බෙන් ෆෝකස් පන්දුවාර 9ක දී ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගූහ. එම සබඳතාව බෙන් ෆෝකස්ගේ දැවී යෑමත් සමඟ අහිමි කළේ අකිල දනංජය විසිනි. ඒ වෙද්දී  බෙන් ෆෝකස් පන්දු 34කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියේ ය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ පළමු පන්දුවේ දී ම එංගලන්ත නායකයා තම පිතිකරුවන් දෙදෙනා ක්‍රීඩාගාරය කැඳවිය.

කඩුලු ලබා ගැනීමේ දී ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් කඩුලු 2 බැගින් ලබා ගත් අතර අකිල දනංජය කඩුල්ලක් දවා ගත්තේ ය.   

තරගය හෙට (09) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

හේරත්ට ජයග්‍රාහී නික්ම යෑමක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ

තරගය හෙට ( 09) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

එංගලන්තය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 342  ( 97 ) කීට්න් ජෙනින්ස් 46, ජෝ රූට් 35, ජොස් බට්ලර් 38, බෙන් ෆෝකස් 107, සෑම් කරන් 48, සුරංග ලක්මාල් 3/73, ඩිල්රුවන් පෙරේරා 5/75

ශ්‍රී ලංකාව ; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 203 ( 68 ) කුසල් මෙන්ඩිස් 19, ඇන්ජලෝ මැතිව්ස් 52, දිනේෂ් චන්දිමාල් 33, නිරෝෂණ දික්වැල්ල 28, ඩිල්රුවන් පෙරේරා 21, ජැක් ලීච් 2/41, මොයින් අලි 4/66, ආදිල් රෂීඩ් 2/30

එංගලන්තය ; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 322 ( 93 ) රොරි බර්න්ස් 23, කීට්න් ජෙනින්ස් නොදැවී 146, බෙන් ස්ටොක්ස් 62, ජොස් බට්ලර් 35, බෙන් ෆෝකස් 37, ඩිල්රුවන් පෙරේරා 2/94, රංගන හේරත් 2/59

ශ්‍රී ලංකාව ; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<