ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව අද (07) ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ගත් උත්සාහය සාර්ථකව අවසන් කිරීමට නොහැකි වීමත්, ඉදිරිපෙළ පිතිකරුවෝ දැක්වූ දුර්වලතාත් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ අවසානය අවදානම් සහගත වීමේ පෙරනිමිති නිමා වූ දෙවැනි දිනයේ දී ම පහළ වෙමින් තිබේ. මේ තත්ත්වයෙන් මිදීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හෙට (08) දිනයේ ඇදහිය නොහැකි වික්‍රමයන් කළ යුතුව ඇත.
කෝඩුකාර බෙන් ෆෝකස් ශ්‍රී ලංකාවට තරවටු කරයි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත්….
තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා සිටි අතර පන්දුවාර 91ක් නිමා වී තිබුණි. අද දවසේ දී ඔවුන්ට මුහුණ දීමට හැකි වූයේ පන්දුවාර 6කට පමණි. ඒ අනුව ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 342ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 203ක් පමණි.
ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටියේ ය. ඒ අනුව ඔවුන් තවත් කඩුලු 10ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටිති. දිනය අවසන් වන විට රොරි බර්න්ස් (11) සහ කීට්න් ජෙනින්ස් (26) පිටියේ නොදැවී රැඳී සිටී.
තරගයේ පළමු දිනයේ ලකුණු 87ක් ලබා ගනිමින් කෝඩුකාර බෙන් ෆෝකස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කළ තරවටු කිරීම නතර කිරීමට සමත් වූයේ සුරංග ලක්මාල් ය. බෙන් ෆෝකස් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වා වෙත උඩ පන්දුවක් දී දැවී යන විට ලකුණු 107ක් ලබා සිටියේ ය. පන්දු 202ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුලත් විය.
ඔහු දැවී යෑමට ප්‍රථම ජැක් ලීච් සමඟ එක්වෙමින් 9 වැනි කඩුල්ලට ලකුණු 24ක් එක් කිරීමට ද සමත් විය. ජැක් ලීච්ට අද දවසේ ලබා ගත හැකි වූයේ එක් ලකුණක් වූවද ඔහු පන්දුවාර 5ක් පිටියේ රැඳී සිටියේ ය. ඔහුගේ කඩුල්ල දවා ගනිමින් ඩිල්රුවන් පෙරේරා තම ටෙස්ට් තරග දිවියේ ඉනිම කඩුලු 5ක් දවා ගත් 7 වැනි අවස්ථාව වාර්තා කිරීමට සමත් විය.
කඩුලු ලබා ගැනීමේ දී ඩිල්රුවන් පෙරේරා ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිද්දී සුරංග ලක්මාල් ලකුණු 73කට කඩුලු 3ක් දවා ගත්හ. ඊට අමතරව අකිල දනංජය සහ රංගන හේරත් කඩුල්ල බැගින් දවා ගත්හ.
රොහාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්
අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර….
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය අවාසනාවකින්ම ආරම්භ විය. දිමුත් කරුණාරත්න තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ලකුණු 4ක් ලබා ගත් අතර දෙවැනි පන්දුවේ දී කඩුල්ල පිටුපස රාජකාරිය කළ එංගලන්ත ඉනිමේ ශතකලාභී කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ය. එය අනවශ්‍ය ඉක්මන් වීමක්ම විය. ජේම්ස් ඇන්ඩර්සන්ට කඩුල්ල හිමි වූ අතර දිමුත්ට කඩුල්ල අහිමි වූයේ ශ්‍රී ලංකාවට විනිසුරු තීරණයක් අභියෝග කිරීමේ අවස්ථාවක් ද අහිමි කරමිනි. බෙන් ෆෝකස් තම ටෙස්ට් තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමට දායක වූ පළමු අවස්ථාව ද එය විය.
අනතුරුව අනෙක් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට ද තම කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කිරීමට එංගලන්ත කණ්ඩායමේ අනෙක් ආරම්භක පන්දු යවන්නා වූ සෑම් කරන් ඉඩ තැබුවේ නැත. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 10ක් වෙද්දී කෞෂාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණක් පමණක් ලබා සිටිය දී ය.
ධනංජය ද සිල්වාටත්, කුසල් මෙන්ඩිස්ටත් තරගයේ දෙවැනි දින දිවා විවේකය තෙක් කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දී ම පැවරුණ ද ඔවුන් දෙදෙනාට ද එංගලන්ත පන්දු යැවීම හමුවේ තම කඩුලු ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ලැබුණේ නැත. තෙවැනි කඩුල්ලට ලකුණු 24ක් එක් වෙද්දී කුසල් මෙන්ඩිස් ජැක් ලීච්ගේ පන්දුවකට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ ය. ඔහු ඒ වෙද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 19ක් ලබා සිටියේ ය.
දිවා විවේකයට පෙර දැවී ගිය අවසන් පිතිකරු වූයේ ධනංජය ද සිල්වා ය. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටියේ ය.
තරගය දිවා විවේකය වෙනුවෙන් නතර කරන විට ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 42ක් ලෙසිනි. ඒ වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 4ක් ද, නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණක් ද ලබා සිටිය හ.
දිවා විවේකයෙන් අනතුරුව පිටියේ ස්ථාවර බවක් පෙන්නුම් කළ මැතිව්ස් සහ චන්දිමාල් අපහසුවෙන් එහෙත් ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණෙන් ලකුණ එක්තු කළහ. එහෙත් ඉනිමේ 44 වැනි පන්දුවාරයේ දී මේ අමාරුවෙන් ගොඩ නැගූ සබඳතාව බිඳ දැමීමට අදීල් රෂීඩ් සමත් විය. කඩුල්ල පිටුපස සිටි බෙන් ෆෝකස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සෙනසුරු දසාව ගෙන එමින් චන්දිමාල්ගේ විකට්ටුව බිඳ හෙළමින් තමන් දක්ෂ පිතිකරුවෙක් පමණක් නොව දක්ෂ කඩුලු රකින්නෙක් බැව් ද ඔප්පු කළේය. ඒ වෙද්දී චන්දිමාල් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියේ ය.
රෝහිත් ෂර්මා කොදෙව්වන් වනසා දමයි
ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ විශ්මිත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඊයේ (06) ලක්නව් හිදී …
චන්දිමාල් සහ ඇන්ජලෝ අතර 5 වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 75ක් විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව එතෙක් සාර්ථක පිති හරඹයක නිරත වූ මැතිව්ස් ද තම කඩුල්ල අහිමි කර ගත්තේ ය. ඒ වෙද්දී මැතිව්ස් තම ටෙස්ට් දිවියේ 30 වැනි අර්ධ ශතකය ලබා සිටි අතර දැවී යන විට පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියේ ය.
මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව නිරෝෂන් දික්වැල්ල (28) සහ ඩිල්රුවන් පෙරේරා (21) 35ක සබඳතාවක් ද සුරංග ලක්මාල් (15) සහ රංගන හේරත් (14*) අවසන් කඩුල්ලට ලකුණු 28ක සබඳතාවක් ද ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ. අකිල දනංජයට අද කිසිදු ලකුණක් ලබා ගත නොහැකි විය.
>> තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න <<
කඩුලු බිඳ හෙළීමේ දී මොයින් අලි ලකුණු 66කට කඩුලු 4ක් ද, ජැක් ලීච් සහ ආදිල් රෂීඩ් කඩුලු 2 බැගින් ද දවා ගත්හ.
තරගය හෙට (08) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.
එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (97): කීට්න් ජෙනින්ස් 46, ජෝ රූට් 35, ජොස් බට්ලර් 38, බෙන් ෆෝකස් 107, සෑම් කරන් 48, සුරංග ලක්මාල් 3/73, ඩිල්රුවන් පෙරේරා 5/75
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (68): කුසල් මෙන්ඩිස් 19, ඇන්ජලෝ මැතිව්ස් 52, දිනේෂ් චන්දිමාල් 33, නිරෝෂන් දික්වැල්ල 28, ඩිල්රුවන් පෙරේරා 21, ජැක් ලීච් 2/41, මොයින් අලි 4/66, ආදිල් රෂීඩ් 2/30
එංගලන්තය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 38 (12): රොරි බර්න්ස් නොදැවී 11, කීට්න් ජෙනින්ස් නොදැවී 26
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















