2000 දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා විශිෂ්ටයෙක්

109
AFP PHOTO

විස්ඩන් වෙබ් අඩවිය ක්‍රිකට් ලෝකය තුල පවතින ප්‍රධානම වෙබ් අඩවිවලින් එකක් ලෙස සැලකේ. පසුගිය දා එම වෙබ් අඩවියේ අන්තර්ගත ප්‍රධානී යස් රානා, විශේෂාංග සංස්කාරක ටහා හෂීම් සහ කළමණාකාර කර්තෘ බෙන් ගාඩ්නර් 2000 දශකයේ ලෝක එක්දින කණ්ඩායම නම් කිරීමට එක්ව සිටියා. 

>> විස්ඩන් නම් කළ 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායමට ලංකාවෙන් දෙන්නෙක්

ඒ අනුව මතවාද රාශියකින් පසුව ඔවුන් නිරාකරණය කළ 2000 දශකයේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත්කළා. 

2000 ජනවාරි 01 සිට 2009 දෙසැම්බර් 31 දක්වා සංඛ්‍යාලේඛන මේ සඳහා සලකා බලා තිබේ. 

මෙම කණ්ඩායම සඳහා එක්වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ලොව වැඩිම කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් පත්ව ඇත. තරග 205ක් සඳහා සහභාගී වී තිබෙන මුරලිදරන් එහි දී දවාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 335කි. 20.55 සාමාන්‍යයකට හිමිකම් කියන ඔහු කඩුලු 5 බැගින් දවා අවස්ථා 8ක් එක්දින ඉතිහාසය පුරා අපට හමුවේ. ඒ අතර තරගයක හොඳම පන්දු යැවීම ලෙස සැලකෙන්නේ ලකුණු 30කට කඩුලු 7ක් දවා ගත් අවස්ථාවයි.

බෙන් ගාර්ඩ්නර්: මුරලිට සමකරන්න පුළුවන් වෙනත් දඟපන්දු ‍යවන්නෙක් නෑ. මේ රාමුවේ ඔහුට අභියෝග කළ හැකි ක්‍රීඩකයෙක් නෑ.

මෙම සංචිතය සඳහා ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ද ඇතුළත් වී සිටින අතර විස්ඩන් සඟරාව මීට පෙර නම් කළ 2010 දශකයේ එක්දින කණ්ඩායමට හා මෙම 2000 දශකයේ එක්දින කණ්ඩායම යන කණ්ඩායම් දෙකටම ඇතුළත් වූ එකම ක්‍රීඩකයා වන්නේ ඔහුයි. 

නම් කළ සංචිතය: සචින් තෙන්දුල්කාර් (ඉන්දියාව), ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව), රිකී පොන්ටිං – නායක (ඕස්ට්‍රේලියාව), කෙවින් පීටර්සන් (එංගලන්තය), ඇන්ඩෲ සයිමන්ඩ්ස් (ඕස්ට්‍රේලියාව), මහේන්ද්‍ර සිං දෝනි කඩුලු රකින ක්‍රීඩක (ඉන්දියාව), ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (එංගලන්තය), ශෝන් පොලොක් (දකුණු අප්‍රිකාව), බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව), ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)

මේ සඳහා ඇතුළත් විය යුතු තවත් ක්‍රීඩකයින් ඉන්නවා ද? ඔයාගේ අදහස පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<