දකුණු අප්‍රිකානු නායකයාට ඉතිරි තරග සියල්ල අහිමි වේ

226

උරහිසේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසිස් හට ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව වාර්තා වේ. තෙවන එක්දින තරගයේ දී උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී ඩු ප්ලේසිස් මෙසේ උරහිසේ ආබාධයට ලක්විය.

ධනංජය සහ දනංජයගේ උත්සාහය ප්‍රතිවාදී දැඩි ඉලක්කය හමුවේ අපතේ යයි

ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝම තම යුතුකම ඉටු කරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් …

“දකුණු උරහිසේ ආබාධයක් නිසා ප්ලෙසිස්ට තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කරන්නට හැකියාවක් නැහැ, ප්ලෙසිස්ට නැවත සම්පූර්ණ සුවය ලැබීමට සති හයක් පමණ ගත වේවි, ඔහු නැවත කණ්ඩායමට එක්වන කාලය ඉදිරියේ දී දැනුම් දෙයි.” දකුණු අප්‍රිකානු කණ්ඩායම් කළමනාකරු මොහොමඩ් මුසාජී ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම තාවකාලික නායකයෙකු නම් කරන බවත් තවත් ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවීමට තීරණය කර නැති බවත් වාර්තා වේ.

නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාව අඩපණ කරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර හම්බන්තොට දී …

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියේ පළමු තරග තුන ජය ගනිමින් දකුණු අප්‍රිකාව තරගාවලියේ ජය තහවුරු කර ගත් අතර අවසාන එක්දින තරග දෙක හා විස්සයි විස්ස තරගය සඳහා ඔවුන්ට නායක ෆෆ් ඩු ප්ලේසිස් ගේ සේවය අහිමි වනු ඇත.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය හෙට (08) පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<