පාසල් වොලිබෝල් පිටියෙහි ප්‍රධානතම තරගාවලියක් වන DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් තරග පසුගිය සති අන්තයේ දී (03 සහ 04) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.
11න් පහළ බාලිකා අවසන් තරගය
සෙනසුරාදා දිනය ආරම්භ කරමින් පැවති මෙම තරගයෙන් පලුගොල්ල යාය 10 මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් ශූරතාවය දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට හැකි වුනා.

මෙම වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය ඇල්පිටිය රත්නසිරි රාජකීය විද්‍යාලය දිනා ගනිද්දී, මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලය සිව්වැනි තැන දිනා ගත්තා.
- දක්ෂතම පන්දු ඔසවන්නිය: රිතිනි සහන්සා (ධම්මිස්සර)
- දක්ෂතම ප්‍රහාරිකාව: මතීෂා මිහිරංගි (ධම්මිස්සර)
- දක්ෂතම ක්‍රීඩිකාව: යෙන්සදි ඉමායා (ධම්මිස්සර)
11න් පහළ බාලක අවසන් තරගය
මෙම තරගයේ ද ආධිපත්‍ය පැතිර වූ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල ශූරතාවය දිනා ගත්තේ සිය සහෝදර පාසලක් වන නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය පරාජය කරමිනුයි.
තරග වට දෙකකින් අවසන් වූ මෙම තරගය ධම්මිස්සර ක්‍රීඩකයින් පිළිවෙළින් 15-07ක් සහ 15-12 ලෙස ජයග්‍රහණය කළා.

- දක්ෂතම පන්දු ඔසවන්නා: හසිඳු නෙත්මිර (ධම්මිස්සර)
- දක්ෂතම ප්‍රහාරකයා: දිදුල රන්සිළු (ධම්මිස්සර)
- දක්ෂතම ක්‍රීඩකයා: තෙනුජ තරුල් (ධම්මිස්සර)
13න් පහළ බාලිකා අවසන් තරගය
නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය පරාජය කරමින් මෙම කාණ්ඩයේ බාලිකා ශූරතාවය දිනා ගැනීමට හුංගම විජයබා ජාතික පාසලට හැකි වුනා.
ඉතා උණුසුම් තරග වට දෙකකට සීමා වූ මෙම තරගය 21-20ක් සහ 21-19 ලෙස විජයබා ක්‍රීඩිකාවන් ජය ගත්තා.

- දක්ෂතම පන්දු ඔසවන්නිය: ගගනි ටියානි (විජයබා)
- දක්ෂතම ප්‍රහාරිකාව: මින්දුලි එදිරිසිංහ (ධම්මිස්සර)
- දක්ෂතම ක්‍රීඩිකාව: වත්සිකා දිල්ෂානි (විජයබා)
13න් පහළ බාලක අවසන් තරගය
බාලිකා කාණ්ඩයේ අහිමි වූ ශූරතාවය බාලක කාණ්ඩයෙන් නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය පරදවා දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් කණ්ඩායමට හැකි වුනා.
වට තුනක් දක්වා ගිය මෙම තරගයේ පළමු වටය 21-20ක් ලෙස නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය ජයග්‍රහණය කළත් ඉදිරි වට දෙකම 21-11ක් සහ 21-02ක් ලෙස ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය ලබා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයින්ට හැකි වුනා.

- දක්ෂතම පන්දු ඔසවන්නා: හිරුප් නිම්සර (ධම්මිස්සර)
- දක්ෂතම ප්‍රහාරකයා: ටාජ් මිනිහාත් (ධම්මිස්සර)
- දක්ෂතම ක්‍රීඩකයා: විදුල දහම් (ධම්මිස්සර)
15න් පහළ බාලිකා අවසන් තරගය
හුංගම විජයබා විද්‍යාල ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට උහන තිස්සපුර විද්‍යාලයට හැකි වුනා.
තරග වට තුනකින් සමන්විත වූ මෙම තරගය පිළිවලින් 25-06ක්, 25-06ක් සහ 25-16ක් ලෙස ජයග්‍රහණය කරමින් ඔවුන් ශූරතාවය දිනා ගත්තා.

- දක්ෂතම පන්දු ඔසවන්නිය: දිනේෂා මධුමාලී (තිස්සපුර)
- දක්ෂතම ප්‍රහාරිකාව: හර්ෂනී නිසංසලා (තිස්සපුර)
- දක්ෂතම ක්‍රීඩිකාව: සුලක්ෂනා පසිඳුනී (තිස්සපුර)
15න් පහළ බාලක අවසන් තරගය
අනුශුරතා කිහිපයකින් පසුව මෙම කාණ්ඩයේ ශූරතාවය නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය විසින් දිනා ගත්තේ ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලය පරාජයට පත් කරමිනුයි.
තරග වට තුනකට සීමා වූ මෙම තරගය 25-20ක්, 25-27ක් සහ 25-17ක් ලෙස අවසන් කරමින් ශූරතාවය දිනා ගැනීමට ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුනා.

- දක්ෂතම පන්දු ඔසවන්නා: සචින් ප්‍රමෝද (ජනාධිපති විද්‍යාලය)
- දක්ෂතම ප්‍රහාරකයා: ප්‍රෙමුද්‍ර චාමික (ජනාධිපති විද්‍යාලය)
- දක්ෂතම ක්‍රීඩකයා: ඉමිර පසින්ජිත් (ජනාධිපති විද්‍යාලය)
17න් පහළ බාලිකා අවසන් තරගය
උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමින් 17න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට හුංගම විජයබා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
උණුසුම් තරග වට හතරකින් සමන්විත වූ මෙම තරගයේ පළමු වටය 25-15ක් ලෙස තිස්සපුර ක්‍රීඩිකාවන් ජය ගත්තත්, දෙවැනි වටය 25-21ක් ලෙස ජය ගැනීමට හුංගම විජයබා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩිකාවන් මෙම කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගද්දී උහුමිය ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට සිව්වැනි ස්ථානය හිමි වුනා.
- දක්ෂතම පන්දු ඔසවන්නිය: හිරුණි ප්‍රබෝදා (හුංගම විජයබා)
- දක්ෂතම ප්‍රහාරිකාව: එස්. නිසාදි (තිස්සපුර)
- දක්ෂතම ක්‍රීඩිකාව: නෙත්මි දිව්‍යාංජලී (හුංගම විජයබා)
17න් පහළ බාලක අවසන් තරගය
ඉතා උණුසුම් තරගයකින් පසුව පන්නල ජාතික පාසල තරගය වට 3-2ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට මීගමුව ලොයෙලා විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි වුනා.
තරගයේ පළමු වටය 22-25ක් ලෙස පන්නල ක්‍රීඩකයින්ට ජයග්‍රහණය ලබද්දී, දෙවැනි වටය 25-19ක් ලෙස ජය ගනිමින් ලොයෙලා ක්‍රීඩකයින් තරගය අවතීර්ණ වුනා.

තරගයේ තීරණාත්මක අවසන් වටය ලකුණු 15-12ක් ලෙස ජයග්‍රහණය කිරීමට ලොයෙලා ක්‍රීඩකයින්ට හැකි වුනා.
ඉඹුලාන ශ්‍රී සේන ජාතික පාසල එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙද්දී, Amherst දමිල විද්‍යාලය එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තා.
- දක්ෂතම පන්දු ඔසවන්නා: මෙතුම් සන්න ද සිල්වා (ලොයෙලා)
- දක්ෂතම ප්‍රහාරකයා: නිපුන් ප්‍රමෝද (පන්නල)
- දක්ෂතම ක්‍රීඩකයා: හිරූෂාන් පෙරේරා (ලොයෙලා)
19න් පහළ බාලිකා අවසන් තරගය
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය තරග වට 4-1ක් ලෙස පරදවා ශූරතාවය දිනා ගැනීමට උහන තිස්සපුර ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
තරගයේ පළමු වටය 22-25ක් ලෙස ගන්කන්ද විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළත්, ඉතිරි වට පිළිවෙළින් 25-17ක්, 25-18ක් සහ 25-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට තිස්සපුර ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

- දක්ෂතම පන්දු ඔසවන්නිය: කේ. කල්හාරී (තිස්සපුර)
- දක්ෂතම ප්‍රහාරිකාව: සත්‍යා සෙව්වන්දි (තිස්සපුර)
- දක්ෂතම ක්‍රීඩිකාව: චතුරි පූර්ණිමා (තිස්සපුර)
19න් පහළ බාලක අවසන් තරගය
සීදූව දවිසමර මහා විද්‍යාලය වට 3-0ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වුනා.
තරගයේ පළමු වටයේ සිටම ආධිපත්‍ය පැතිර වූ සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයින් පිළිවෙළින් 25-19ක්, 25-10ක් සහ 25-10ක් ලෙසයි තරගය ජයග්‍රහණය කළා.

- දක්ෂතම පන්දු ඔසවන්නා: රිෂාන් සෙනුර (ජෝසප් වාස්)
- දක්ෂතම ප්‍රහාරකයා: කවිෂ්ක චතුමාල් (ජෝසප් වාස්)
- දක්ෂතම ක්‍රීඩකයා: කවිෂ්ක චතුමාල් (ජෝසප් වාස්)
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<






















