බංග්ලාදේශයට යන යොවුන් සංචිතයේ වෙනස්කම් රැසක්

83

ඔක්තෝබර් මස 26 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක්ම සිදුව තිබේ. 

කෙසේ නමුත් එක්දින හා සිව්දින තරගාවලියේ දී කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන්නේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජයයි.

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන…

මෙම තරගාවලිය සඳහා යොවුන් සිව්දින තරග දෙකක් හා එක්දින තරග 5ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව අවසන් වරට සිව්දින තරගයක් ක්‍රීඩා කළේ මේ වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවති එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 3කින් ජයග්‍රහණය කළේය. එම තරගය ක්‍රීඩා කළ සංචිතයේ සිටි ක්‍රීඩකයින් 8ක් ඉවත් කර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට පැමිණීමට අවස්ථාව උදාකරගෙන තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියා තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි අවිශ්ක තරිඳු, මොහොමඩ් ශමාස්, නවෝද් පරණවිතාන, ප්‍රවීන් නිමේෂ්, අශේන් ඩැනියල්, රොහාන් සංජය, කමිල් මිශාර හා දිලුම් සුධීර යන ක්‍රීඩකයින් හට මෙවර ශ්‍රී ලංකා 19න් පහළ ටෙස්ට් සංචිතයේ ඉඩක් වෙන් වී නොමැත. 

ඒ වෙනුවට චමිඳු විජේසිංහ, රවිඳු රශාන්ත, චිහාන් කළිඳු, දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ලක්ෂාන්, රුවින් පීරිස්, අම්ෂි ද සිල්වා, අවිශ්ක පෙරේරා හා මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් ටෙස්ට් සංචිතයට අලුතින් පැමිණීමට හැකියාව ලැබී ඇත.

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා…

නාලන්දා විද්‍යාලයේ කඩුලු රකින පිතිකරුවෙක් වන අවිශ්ක පෙරේරා හා ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන 17 හැවිරිදි මතීෂ පතිරණ පළමු වතාවට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. 

කෙසේ නමුත් අවසන් වරට පැවති තරුණ එක්දින තරගාවලියේ (19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය) දී කණ්ඩායමේ විනය නීතිරීති මාලාව ක ඩකළ දක්ෂ ක්‍රීඩකයින් තිදෙනෙක් වන කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියල් යන ක්‍රීඩකයින් හට මේ තරගාවලිය සඳහා සහභාගී වීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව තීරණය කර ඇත. 

ඒ නිසාවෙන් ආසියානු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයේ රැඳී සිටි චිහාන් කළිඳු, දිලුම් සුධීර හා සොනාල් දිනූෂ යන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා 19න් පහළ එක්දින සංචිතය තුලට නැවතත් පැමිණීමට අවස්ථාව ලැබී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග…

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද සංචිතයන් දෙකේ බහුතරයක් අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියි. ඉතාමත් හොඳ වේගයක් සහිතව දක්ෂ ලෙස පන්දු යවන යසිරුට අමතරව අම්ෂි, චමිඳු විජේසිංහ හා වමතින් වේගපන්දු යවන ඩිල්ෂාන් මදුසංක මේ සංචිතයන් දෙක තුල සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නෝ වෙති. 

ඒ අතරින් සිව්දින (ටෙස්ට්) සංචිතයේ සිටින මතීෂ පතිරණ ද මේ සංචිතයට ඇතුළත්ව සිටීම සුවිශේෂී වේ.

මේ සංචිතයන් දෙකෙහි සිටින ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩකයින් ලෙස වමතින් දඟපන්දු යවන රොහාන් සංජය, දකුණතින් පිට දඟපන්දු යවන අවිශ්ක ලක්ෂාන්, සඳුන් මෙන්ඩිස් හා දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් හඳුන්වා දීමට හැකිය.

ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න සහ කළමනාකරු ලෙස ෆර්වීස් මහරූෆ් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සිව්දින ටෙස්ට් සංචිතය,

නිපුන් ධනංජය (නායක – වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), රවිඳු රශාන්ත ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාය), චමිඳු වික්‍රමසිංහ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), සොනාල් දිනූශ (මහානාම විද්‍යාලය) , චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), ලක්ෂාන් ගමගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), රවීන් ද සිල්වා (නාලන්දා විද්‍යාලය) , අවිශ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලය), චමිඳු විජේසිංහ (නාලන්දා විද්‍යාලය), රුවින් පීරිස් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), අම්ෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අවිශ්ක පෙරේරා (නාලන්දා විද්‍යාලය), මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය).

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ එක්දින සංචිතය,

නිපුන් ධනංජය (නායක – වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), මොහොමඩ් ශමාස් (මරදාන සහිරා විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), රවිඳු රශාන්ත ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), කවිඳු නදීශාන් (අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), ඩිල්ෂාන්  මදුසංක (හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), අම්ෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), 

තරග කාලසටහන,

  • පළමු සිව්දින තරගය – ඔක්තෝම්බර් 26 – 29 – බරිසාල් 
  • දෙවන සිව්දින තරගය – නොවැම්බර් 2 – 5 – කුල්නා 
  • පළමු තරුණ එක්දින තරගය – නොවැම්බර් 9 – කුල්නා 
  • දෙවන තරුණ එක්දින තරගය – නොවැම්බර් 11 – කුල්නා 
  • තෙවැනි තරුණ එක්දින තරගය –  නොවැම්බර් 14 – කුල්නා 
  • සිව්වැනි තරුණ එක්දින තරගය –  නොවැම්බර් 17 – කුල්නා 
  • පස්වැනි තරුණ එක්දින තරගය –  නොවැම්බර් 19 – කුල්නා 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<