රංගන හේරත්ගේ ඇඟිල්ලේ අස්ථි බිදීමක් සිදු වී නෑ – ගුරුසිංහ

369

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද (28) දිනයේ, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සතුව සිටින දක්ෂ පන්දු යවන්නෙක් වන නායක රංගන හේරත්ගේ වම් අතෙහි මැදැඟිල්ලට පන්දුවක් වැදීමෙන් ආබාධ තත්වයක් ඇති විය.

ශ්‍රී ලංකාව පාකිස්තානෙට බෑ කියයි

එළඹෙන ඔක්තෝබර් මාසයේදී ලාහෝර් නුවරදී විස්සයි-විස්ස තරග දෙකකට සහභාගී වන ලෙස පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කර තිබූ ආරාධනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

ඉන්දීය දෙවන ඉනිමේ 36 වන පන්දුවාරයේ දිල්රුවන් පෙරේරා එවූ පළමු පන්දුවට ඉන්දීය නායක විරාත් කෝලි විසින් වේගවත් පහරක් එල්ල කළ අතර, short extra cover ප්‍රදේශයේ පන්දු රැකීමේ නිරතව සිටි රංගන හේරත් එම පන්දුව රැක ගැනීමට යාමේ දී ඔහුගේ වමතෙහි මැදැඟිල්ලේ පන්දුව වැදුනේය. ඒත් සමඟින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා පිටියට පැමිණ හේරත්ව පිටියෙන් ඉවතට රැගෙන යන ලදි.

“රංගනගේ අතේ එම ස්ථානය ආශ්‍රිතවම 2014 වර්ෂයේ දී ද අස්ථි බිදීමක් සිදු වුනා. අපි දැන් එයට අයිස් තබමින් ඉන්නවා. අපිට ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නෑ. අපි එම සිදුවීමට පසුව X කිරණ ඡායාරූපයක් ලබා ගත්තා, එහි නම් අස්ථි බිදීමක් පෙන්වන්නේ නෑ. නමුත් එහි දී යම් තැලීමක් වෙලා තියෙනවා, ඒක නිසා තමයි ඔහුට එතරම් වේදනාවක් ආවේ. අපි MRI පරීක්ෂණයකට ද ඔහුව ඉක්මනින්ම යොමු කරනවා. ඒ සඳහා කොළඹට යාමට අවශ්‍ය නැහැ. හෙට දිනයේ දී ඔහු පන්දු යවාවි කියා අපි හිතනවා. මෙය හුදෙක්ම තැලීමක් පමණක් බවයි දැනට පෙනෙන්නට තිබෙන්නේ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතා තරගයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

හේරත් හට ඉන්දීය දෙවන ඉනිම තුල යැවීමට හැකි වූයේ පන්දුවාර 9ක් පමණි. එහි දී ඉන්දීය පිතිකරුවන් ලකුණු 34ක් රැස්කරගත් අතර, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය. ඉන්දීය කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට, ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 498ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 7ක් ද අතැතිවයි. එසේම මෙම තරගය අවසන් වීමට තවත් දින දෙකක් සම්පූර්ණ ලෙසම ඉතිරිව තිබෙනවා.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගය තුල පිතිකරණය කළ හැකියාව ලැබෙන්නේ ක්‍රීඩකයින් 10 දෙනෙකුට පමණි. ඒ අසේල ගුණරත්න තරගයේ පළමු දිනය තුලම ආබාධයකට ලක්වූ නිසාවෙනි. එහි දී අසේලගේ වමතෙහි මහපටැඟිල්ලේ අස්ථි බිදීමක් සිදු වූයේ, ලහිරු කුමාර එවූ පන්දුවක් හමුවේ ශිකර් ධවාන්ගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව slip කලාපයේ සිට රැක ගැනීමට යාමේ දී අසේල එම සිදුවීමට මුහුණ දෙන ලදි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට