ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් වෙනුවෙන් සහභාගී වූ ඩිලාන් බෝගොඩ හා සෙනිරු අමරසිංහ පිළිවෙළින් ලෝකයේ 9 වන ස්ථානය හා 4 වන ස්ථානය ලබා ගනිමින් තරගාවලිය අවසන් කරනු ලැබීය.
සීතල අතරින් සෙනිරු සහ ඩිලාන් ඉදිරියට එති
ආර්ජෙන්ටිනාවේ දැන් ක්‍රියාත්මක යූත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් යටතේ …
සෙනිරු තම හොඳම දක්ෂතාවයට නැවතත්

කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් යොවුන් ක්‍රීඩකයෙකු වන සෙනිරු, උස පැනීමේ ඉසව්වෙන් තමාගේ දෙවන අදියරේ දී මීටර් 2.14ක දක්ෂතාවයක් වාර්තා කරමින් හොඳම දක්ෂතාවය සම කරන්නට සමත් විය. ඒ නිසාම රටවල් 32ක් අතරින් ඔහුට එම ඉසව්වේ සිව්වැනි ස්ථානය හිමි විය.
ඉසව්වේ රන් පදක්කම මීටර් 2.22ක දක්ෂතාවයක් වාර්තා කළ චීනයේ චෙන්ග් ලෝන්ග් විසින් දිනා ගත් අතර ඕස්ට්‍රේලියාවේ මයර්ස් ඔස්කාර් චෙන්ග් හට තියුණු තරගයක් ලබා දීම ද විශේෂත්වයකි.

ඩිලාන් ලොව හොඳම 10 දෙනා අතරට

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයීය ක්‍රීඩක ඩිලාන් බෝගොඩ මීටර් 400 ඉසව්වෙන් තම දෙවන වටයේ දී තත්පර 48.81ක කාලයක් වාර්තා කරමින් සත්වැන්නා ලෙසින් තරගය අවසන් කරන්නට සමත් විය. අවසන් ශ්‍රේණිගත කිරීමේ දී එම ඉසව්වේ 9 වන ස්ථානය බෝගොඩ විසින් දිනා ගත්තේ 8 වැනි මංතීරුවේ කළ අභියෝගාත්මක ධාවනයකිනි.

වැස්සට සේදුණු දෙවැනි දිනයේ ආරම්භක රන් පදක්කම නිමාලිට
44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අද (13) ක්‍රියාත්මක වූ අතර දිනයේ උදෑසන …
ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන පාරමී වසන්ති මාරිස්ටෙලා ඇගේ ඉසව්වේ දෙවන අර්ධය වන රට හරහා දිවීමේ ඉසව්ව වෙනුවෙන් අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට සහභාගී වීමට නියමිතයි.
මේ සියලු තොරතුරු ද ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානමින්, රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















