දික්වැල්ලගේ සුපිරි ශතකයෙන් NCC කණ්ඩායමත් අවසන් සටනට

600

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (23) අවසන් වූ අතර NCC කණ්ඩයම හා SSC කණ්ඩයම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

තරගාවලියේ අවසාන මහා තරගය හෙට (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ThePapare.com, Dialog TV චැනල් 1 ඔස්සේ හා MyTV ඔස්සේ තරගය ඔබ වෙත සජීව ලෙස ගෙන ඒමට අපි සූදානම්.     

චන්දිමාල් කොළඹට, මැතිව්ස් නුවරට නායකත්වය ලබා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන 2018 සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

NCC හා සැරසන්ස් ක්‍රීඩා සමාජ අතර තරගය

සීමිත ඕවර ආකෘතියේ සිය ආධිපත්‍ය දිගටම පවත්වා ගනිමින් විශිෂ්ට තුන් ඉරියව් දස්කම් පෙන්වමින් NCC ක්‍රීඩා සමාජය අවසාන මහා තරගයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් විය.  

මේ තරග වාරය පුරා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නිරෝෂන් දික්වැල්ල අවශ්‍යම අවස්ථාවේ දී ක්‍රියාත්මක වෙමින් NCC කණ්ඩයම වෙනුවෙන් අගනා ශතකයක් රැස් කිරීමට සමත් විය. සුපුරුදු වේගවත් පිතිහරඹයට සම්පූර්ණයෙන් වෙනස්ව පරිණත ආකාරයකින් පිත්ත හැසිරවූ දික්වැල්ල සෙමින් සිය ඉනිම ගොඩ නගමින් සිය කණ්ඩයම ස්ථාවර ලකුණු මට්ටමකට ගෙන ඒමට සමත් විය. පන්දු 132ක් වැය කළ ඔහු හතරේ පහර 9ක් ද සමඟින් ලකුණු 110ක් රැස්කර ගැනීමට සමත් විය.

NCC ඉනිමේ අවසාන භාගයේ සිය පිත්ත ක්‍රියාත්මක කළ මහේල උඩවත්ත හා චතුරංග ද සිල්වා වේගවත් පිතිහරඹයක යෙදෙමින් ඉක්මන් අර්ධ ශතක දෙකක් රැස්කර ගත්තේ NCC කණ්ඩායමේ ලකුණු පුවරුව 327ක් දක්වා ඉහළ දමමිනි. උපුල් තරංග ද අර්ධ ශතකයක් රැස්කර ගත්තේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ට මනා අඩිතාලමක් සාදා දෙමිනි.

සැරසන්ස් පිතිකරුවන් සිය ඉනිම්වලට හොඳ ආරම්භ ලබා ගත්ත ද, ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා එම ආරම්භය පරිවර්තනය කිරීමට ඔවුන්ට නොහැකි විය. හුදකලා ඉනිමක් දියත් කළ අශේන් බණ්ඩාර සටන්කාමී අර්ධ ශතකයක් රැස් කර ගැනීමට සමත්වුවද, සැරසන්ස් ඉනිම පන්දුවාර හයක් ඉතිරිව තිබිය දී ලකුණු 238කට සීමා කිරීමට ලසිත් මාලිංග ප්‍රමුඛ NCC පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 89ක දැවැන්ත පරාජයක් සැරසන්ස් කණ්ඩායමට උරුම කර දෙමින් ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර හා ෆර්විස් මහරුෆ් කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් විය.

NCC ක්‍රීඩා සමාජය 327/5 (50) නිරෝෂන් දික්වැල්ල 110, චතුරංග ද සිල්වා 58, උපුල් තරංග 56, මහේල උඩවත්ත 50, ඇන්ජෙලෝ පෙරේරා 41 (අබාධයක් නිසා පිටියෙන් ඉවත් විය), චතුර රන්දුනු 2/65, ඇන්ඩි සොලමන්ස් 2/71

සැරසන්ස් ක්‍රීඩා සමාජය 238 (43.3) අශේන් බණ්ඩාර 51, රවිඳු ගුණසේකර 31,නවිඳු විතානගේ 30, සාලිය සමන්  25,ඇන්ඩි සොලමන්ස් 22,රොෂාන් ජයතිස්ස 22, ගමිඳු කනිෂ්ක 21, ෆර්විස් මහරුෆ් 2/36, දුෂ්මන්ත චමීර 2/41,ලසිත් මාලිංග 2/51

ෂෙහාන්, තරංග, දිමුත් සහ දසුන් දක්ෂ පිතිකරණයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (21) අවසන් වූ අතර එහි දී හලාවත…

SSC හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ අතර

කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වූ මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට ප්‍රබල SSC කණ්ඩයම සමත් විය.

හලාවත මේරියන්ස් කණ්ඩයම ලකුණු 138කට සීමා කිරීමට ප්‍රබල SSC පන්දු යවන්නෝ සමත් වූ අතර ධම්මික ප්‍රසාද්, දසුන් ශානක, සචිත්‍ර සේනානායක හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. කලාතුරකින් පන්දු යවන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද පන්දුව සියතට ගෙන, හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ෂෙහාන් ජයසූරියගේ කඩුල්ල දවා ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමක් විය.      

ලකුණු 138ක ඉලක්කය හඹා ගිය SSC කණ්ඩයම පහසුවෙන් තරගය ජය ගත් අතර පිටිය සිසාරා පන්දු යවන්නන්ට වේගයෙන් පහර දුන් ධනුෂ්ක ගුණතිලක නොදැවී පන්දු 70ක දී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය. දසුන් ශානක ද නොදැවී ලකුණු 26ක් රැස් කරද්දී, SSC කණ්ඩයම කඩුලු 8ක් දැවී අවසාන මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය 138 (41) ඕෂධ ප්‍රනාන්දු 43, ෂෙහාන් ජයසූරිය 25, සචිත්‍ර සේරසිංහ 24, සචිත්‍ර සේනානායක 2/16, ධම්මික ප්‍රසාද් 2/23, දසුන් ශානක 2/28, ජෙෆ්රි වැන්ඩර්සේ 2/37

SSC ක්‍රීඩා සමාජය 140/2 (23) ධනුෂ්ක ගුණතිලක 78*, දසුන් ශානක26*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<