කමිඳුගෙන් නායකත්වයේ ශතකයක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1201
Kamindu Mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ මහනුවර – යාපනය තරගය අද (6) පල්ලෙකැලේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

තරගයේ අද දිනය ආරම්භ වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මහනුවර ක්‍රීඩකයින් කිසිවෙක් නොදැවී ලකුණු 25ක් ලබාගෙන සිටියේ යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 160ක පළමු ඉනිමේ වාසියක් ද ලබාගෙනයි. අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 388ක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී නායකත්වයේ ඉනිමක් දියත් කළ කමිඳු මෙන්ඩිස් පන්දු 234ක් තුල 4 පහර 10ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 137ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ වාර්තා කරගත් සිව්වැනි ශතකය සහ මේ තරගාවලියේ වාර්තා කරගත් දෙවැනි ශතකය වුනා.

ඊට අමතරව මහනුවර දෙවැනි ඉනිමේ මැදපෙළ සවිමත් කළ සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 65*ක් ලබා ගත් අතර ලහිරු උදාර ද අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වුවා. ඔවුන් දෙදෙනාම පළමු ඉනිමේ දී ද ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසුණු අතර ආරච්චිගේ පළමු ඉනිමේ දී අගනා ලකුණු 162ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ මහනුවර දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5න් කඩුලු 3ක් තමන් සතුකර ගත්තා.

මහනුවර පළමු ඉනිම – 503/9d (68): සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ලහිරු උදාර 50, කමිල් මිශාර 35, නිපුන් මාලිංග 3/68.

යාපනය පළමු ඉනිම – 318 (92.4) ජනිත් ලියනගේ 85, සමින්ද ප්‍රනාන්දු 73, ගීත් කුමාර 58*, නිශාන් මධුෂ්ක 56, අවිඳු තීක්ෂණ  5/135, අසිත ප්‍රනාන්දු 2/43.

මහනුවර දෙවැනි ඉනිම – 322/5 (88.4): කමිඳු මෙන්ඩිස් 137, සහන් ආරච්චිගේ 65*, ලහිරු උදාර 65, ලසිත් කෘස්පුල්ලේ 31, දුනිත් වෙල්ලාලගේ 3/66.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

තරගාවලියේ සති දෙකක අවසානයේ දී දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<