කමිඳු සහ පබසර ශතක වාර්තා කරද්දී ප්‍රභාත්ගෙන් කඩුලු 6ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1448

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ පැවැත්වෙන තරග අද (25) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

අද දිනයේ දී කමිඳු මෙන්ඩිස් සහ පබසර වඩුගේ ශතක වාර්තා කිරීමට සමත් වන විට ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවා ගන්නට සමත් වුනා.

යාපනය සහ කොළඹ අතර තරගය

  • යාපනය; සදීර සමරවික්‍රම (නායක – කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, නිශාන් මධුශ්ක, සමින්ද ප්‍රනාන්දු, කල්හාර සේනාරත්න, දුනිත් වෙල්ලාලගේ, ගීත් කුමාර, නිපුන් මාලිංග, සන්තුෂ් ගුණතිලක, කසුන් මධුශංක, ප්‍රමෝද් මධුශාන්
  • කොළඹ; සම්මු අශාන් (නායක), ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා) නිපුන් ධනංජය, ෂෙවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, රොෂේන් සිල්වා, ලහිරු මධුශංක, හිමේෂ් රාමනායක, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ ඊයේ දිනය අවසන් වන විට යාපනය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 311ක් ලබාගෙන තිබුණා.

වෙල්ලාලගේ, සන්තුෂ් ගුණතිලක, ගීත් කුමාර අද දිනය තුල ලබා ගත් අර්ධ ශතක හේතුවෙන් යාපනය කණ්ඩායමේ පළමු ඉනිම දැවැන්ත ලකුණු 555ක ඉලක්කයක් වෙත රැගෙන යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී කොළඹ වෙනුවෙන් වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවා ගත්තා, ඊට අමතරව ලහිරු මදුසංක සහ සම්මු අශාන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 3ක් තුල දවා ගැනීමට යාපනය සමත් වීම නිසා මේ වන විට මේ තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට යාපනය සමත් වී තිබෙනවා.

යාපනය – ලකුණු 555 (173.4): සමින්ද ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ගීත් කුමාර 63, සන්තුෂ් ගුණතිලක 61, සදීර සමරවික්‍රම 58, ප්‍රභාත් ජයසූරිය 6/169.

කොළඹ කණ්ඩායම – 03/2 (4):


ගාල්ල සහ මහනුවර අතර තරගය

  • මහනුවර; කමිඳු මෙන්ඩිස් (නායක) ලහිරු උදාර (කඩුලු රකින්නා) ලසිත් කaaස්පුල්ලේ, ඕෂඳ ප්‍රනාන්දු, කසුන් විදුර, පුලින තරංග, තික්ෂිල ද සිල්වා, නිපුන් රන්සික, අසිත ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, අවිඳු තීක්ෂණ
  • ගාල්ල; ධනංජය ලක්ෂාන් (නායක) පබසර වඩුගේ, ප්‍රියමාල් පෙරේරා, නිමේෂ් විමුක්ති, හේෂාන් හෙට්ටිආරච්චි, විශාද් රන්දික (කඩුලු රකින්නා) හෂාන් දුමිඳු, සුමින්ද ලක්ෂාන්, සංගීත් කුරේ චානක රුවන්සිරි, සචින්ත පීරිස්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබාගෙන සිටියේ මහනුවර පළමු ඉනිමට වඩා තවත් ලකුණු 297ක් පසුපසින් සිටිමින්. එහි දී පබසර වඩුගේ 4 පහර 6ක් සහ 6 පහර 4ක් සමඟ නොදැවී ශතකයක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි මහනුවර කඩුලු 4ක් දැවී ලකුණු 373ක් ලබාගෙන සිටියා. කමිඳු මෙන්ඩිස් අද දිනයේ උදෑසනම සිය ශතකය සම්පූර්ණ කරගනිමින් මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු පත්වුනේ ලකුණු 111ක් ලබාගෙනයි. සහන් ආරච්චිගේ ද අද දිනයේ දී සිය අර්ධ ශතක සම්පූර්ණ කරගත්තා.

මහනුවර – 482 (120.1): කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කaaස්පුල්ලේ 93, ලහිරු උදාර 92, කසුන් විදුර 58, සහන් ආරච්චිගේ 52, හේෂාන් හෙට්ටිආරච්චි 4/64, නිමේෂ් විමුක්ති 3/120, චානක රුවන්සිරි 2/96.

ගාල්ල කණ්ඩායම (දෙවැනි දිනය අවසානයේ) – 185/3 (120): පබසර වඩුගේ 100*

මෙම තරග තෙවැනි දිනටත් (26) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<