ක්‍රිකට් අතුරු කමිටුවෙන් නව සැලසුම් එළිදැක්වෙයි

97

සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව අතුරු පාලක කමිටුව විසින් මෙරට ක්‍රිකට් පරිපාලනය භාර ගැනීමෙන් පසුව මාස 2ක පමණ කාලයක් ගෙවී ගොස් ඇති අතර නව පාලකයන්ගේ මූලික අවධානය මේ දිනවල යොමු වී ඇත්තේ එළැඹෙන පාකිස්තාන් සංචාරයට මෙන්ම පවතින ක්‍රීඩාංගණවල තත්ත්වය උසස් කරලීම සඳහාය.

තවද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නඟා සිටුවීම සඳහා නව ක්‍රිකට් අතුරු කමිටුව විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම් ඇතුළත් ‘අන්තර් පාලක කමිටු දැක්ම 15/15’ නම් ප්‍රකාශනයක්ද පෙරේදා මාධ්‍ය වෙත නිකුත් කළේය.

අන්තර් පාලක කමිටු දැක්ම 15/15

1. 2016 – 20/20 ලෝක කුසලානය සඳහා පෙර සූදානම් වීමේ ප්‍රමුඛත්වය.
2. 2019 එක් දින ලෝක කුසලානය සඳහා පෙර සූදානම් වීමේ ප්‍රමුඛත්වය.
3. 2016 සහ 2018 අවු. 19 පහළ ලෝක කුසලානය සඳහා පෙර සූදානම් වීමේ ප්‍රමුඛත්වය.
4. ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය උසස් ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානයක් සේ වැඩි දියුණු කිරීම.
5. වෘත්තීයමය පුහුණුකරුවන්ගේ තත්ත්වයන් ඉහළ නැංවීම.
6. වෘත්තියමය විනිශ්චයකරුවන්ගේ තත්ත්වයන් ඉහළ නැංවීම.
7. පාසල් ක්‍රිකට් සංවර්ධන ක්‍රියාවලියන් වැඩිදියුණු කිරීම.
8. සෑම ටෙස්ට් ක්‍රීඩාංගණයක්ම සඳහා ගෘහස්ථ දැල්.
9. දේශීය ක්‍රිකට්වල ගුණාත්මක තත්ත්වයන් උසස් කිරීම සඳහා අදහස්.
10. දිවයින පුරා නැඟීඑන ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා සැලසුම්.
11. ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ප්‍රමාණාත්මක උසස් දීමනාවක්.
12. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කාර්යක්‍ෂමශීලී පරිපාලන කළමනාකරණ ක්‍රමයක්.
13. සහායක අනුබද්ධිත ක්‍රීඩා සමාජ සඳහා උසස් තත්ත්වයන් පවත්වාගෙන යෑම.
14. ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවල කළමනාකරණය සඳහා වෘත්තීයමය සැලැස්මක්.
15. යහපාලනය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම.