ගුවන් හමුදාවට ඓතිහාසික තරග ජයක්

580

2019 ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 32-23ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මෙම තරගය ඊයේ (19) කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

කිංග්ස්වුඩ් අභියෝගය මැඩලූ තෝමසුවන් ජය ගනී

සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර අද (18) පැවති රග්බි තරගයෙන් ලකුණු 22-17ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස්‍…

පොලිස් පසුපෙළින් පන්දුව සොරාගෙන තරගයේ ආරම්භක උත්සාහක දිනුම වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඉෂාර මදුෂාන් සමත්වූ අතර එහි ප්‍රවර්තනය චරිත සෙනෙවිරත්න විසින් සාර්ථක කරගත්තේය. (ගුවන් 07-00 පොලිස්)

තරගයේ 6 වැනි මිනිත්තුවේ ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගත් උදය සංජුල සාර්ථකව උත්සාහක දිනුමක් කරා සිය ආක්‍රමණය දියත් කළේ පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. නමුත් මෙහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ගුවන් 07-05 පොලිස්)

එම උත්සාහක දිනුමෙන් මද වේලාවකට පසුව ජනිත් චන්දිමාල් අලංකාර ධාවනයක නිරත වෙමින් පොලිස් කණ්ඩායම ලබා ගත් දෙවැනි උත්සාහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර මෙවර ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් විය. (ගුවන් 07-10 පොලිස්)

කෝදාගොඩගේ ගිනිකෙළි වලින් නිත්තවෙල වර්ණවත් වෙයි

සත්කාරක විද්‍යාර්ථ විදුහල සහ ප්‍රතිවාදී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල අතර පැවති 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියේ…

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයින් මුලා කරමින් ගුවන් හමුදා කණ්ඩායමේ පරාක්‍රම රත්නායක පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට රැගෙන ගිය අතර ප්‍රවර්තනයේ අතිරේක ලකුණු ද්විත්වය ද දෙකක් එක්කර දීමට චරිත සෙනෙවිරත්න සමත් විය. (ගුවන් 14-10 පොලිස්)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් සිදු වූ අත්වැරදීමකින් විනිසුරුතුමන් දඬුවම් පහරක් පොලිස් කණ්ඩායමට ලබා දුන් අතර එයින් මනාව ප්‍රයෝජන ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (ගුවන් 14-13 පොලිස්)

එයින් නොනැවතුණු චන්දිමාල් ප්‍රථම අර්ධය අවසන් වීමට මද වේලාවකට පෙර තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූයේ ලකුණු දෙකක පරතරයක් පමණක් ලකුණු පුවරුවේ ඉතිරි කරමිනි. (ගුවන් 14-16 පොලිස්)

ප්‍රථම අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 – 16 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් පන්දුව පොලිස් අණසක යටතේ තිබූ අතර එයින් පන්දුව මුදවා ගැනීමට ගුවන් හමුදාව දිගින් දිගටම උත්සාහ කළේය. පොලිස් ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමකට දඬුවම් පහරක් ලබා ගත් චරිත සෙනෙවිරත්න පොලිස් කණ්ඩායම අභිබවා යෑමට සමත් විය. (ගුවන් 17-16 පොලිස්)

ඒත් සමඟින් ක්‍රියාත්මක වූ පරාක්‍රම රත්නායක තවත් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කරමින් ගුවන් හමුදාව තවත් ඉදිරියට රැගෙන ගිය අතර එම උත්සාහක දිනුමට මනා සාධාරණයක් ඉටු කරමින් චරිත සෙනෙවිරත්න ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (ගුවන් 24-16 පොලිස්)

පොලිස් කණ්ඩායමේ පසුපෙළ මදකට මෙල්ල වූ ආකාරයක් පෙන්නුම් කළ ද ඔවුන් තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු සිටින බවක් දක්නට ලැබුණි. ඉතා වේගවත් රිද්මයකට හිමිකම් කියන පොලිස් පසුපෙළ ක්‍රීඩකයින් අතරින්, ගුවන් හමුදා ආරක්ෂක ක්‍රීඩකයින් පෙරළා ඉදිරියට ඇදුණු විහඟ පිවිතුරු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ජනිත්ට හැකි විය. (ගුවන් හමුදා 24 – 23 පොලිස්)

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කරමින් ගුවන් හමුදාව ජයග්‍රහණයට සමීප කරන විට එහි ප්‍රවර්තනය නම් ඔවුන්ට සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ගුවන් 29-23 පොලිස්)

ඉන් අනතුරුව පොලිස් ක්‍රීඩකයින් ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගැනීමට කොතෙක් උත්සාහ කළත් ඒ කිසිවකට ඉඩ නොතබමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දුව හොඳින් පාලනය කරමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

ඒ අතර Ruck අවස්ථාවක සිදු වූ අත්වැරදීමක් නිසා ගුවන් හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එයින් නිසි ප්‍රයෝජන ගත් ගුවන් භටයින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තේ ප්‍රථම වතාවට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාවයක අවසන් මහා තරගයකට අසුන් වෙන්කර ගනිමිනි.

අවසන් ලකුණු තත්වය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 32 (4T,3C,2P) – 23 (3T,1C,2P ) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – නුවන් පෙරේරා (AFC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

යුධ හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ඉෂාර මදුශාන් 1, පරාක්‍රම රත්නායක 2, නුවන් පෙරේරා 1
  • ප්‍රවර්තන – චරිත සෙනෙවිරත්න 3
  • දඬුවම් පහර – චරිත සෙනෙවිරත්න 2

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – විහඟ පිවිතුරු 1, උදය සංජුල 1, ජනිත් චන්දිමාල් 1
  • ප්‍රවර්තන ගෝල – ජනිත් චන්දිමාල් 1
  • දඬුවම් පහර – ජනිත් චන්දිමාල් 2

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<