කුරුණෑගලින් ඇරඹි රන් කුසලානය ජාතික මට්ටමට

561
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති තරගයේ ඡායාරූපයකි ©ThePapare.com

අඛණ්ඩව 11 වැනි වරටත් ඩයලොග් ආසිආටා ආයතනයේ අනුග්‍රහය සහිතව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන “2016 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය” පසුගිය ජූලි මස 23 වැනිදා කුරුණෑගල බිංගිරිය මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය.

පසුගිය ලිපි: රන් කුසලානය කුරුණෑගලින් ඇරඹේ

මෙම තරගාවලියට දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60000 ආසන්න පිරිසක් සහභාගී වූ අතර ග්‍රාම සේවා වසම් 300කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි වයස අවුරුදු 22න් ඉහළ හා වයස අවුරුදු 22න් පහළ වශයෙන් කාණ්ඩ 4ක් ඔස්සේ තරග පැවැත්විය.

මූලික වටයේ තරග පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ කෙරුණු අතර එම තරගවලදී, දිස්ත්‍රික්ක 25න් එක් දිස්ත්‍රික්කයකින් කණ්ඩායම් 4 බැගින් තෝරා ගත් කණ්ඩායම් 100ක් දෙවන කාණ්ඩය හෙවත් සමස්ථ ලංකා තරග වටයට තරග කල අතර එම තරග සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන් හිදී පැවැත් විය.

ගම්පහ දිස්ත්‍රික් තරග දෙස අවධානය යොමු කිරීමේදී, වයස අවුරුදු 22න් ඉහල විවෘත පිරිමි තරගය 3:0ක් ලෙස ජය ගැනීමට කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට හැකි වූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදී කණඩායම වූයේ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයයි. එම කාණ්ඩයේම විවෘත කාන්තා ඉසව්වට සහභාගී වූයේ රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පමණි.

වයස අවුරුදු 22න් පහල පිරිමි තරගයේදී සීදූව දවිසමර ක්‍රීඩා සමජය විසින් ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය 3:0ක් ලෙස පරාජය කල අතර 22න් පහළ කාන්තා තරගයේදී රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරදා කිරිදිවැල සංඝමිත්තා ක්‍රීඩා සමජය ජයග්‍රහණය අත්කර ගන්නා ලදී.

ගාල්ල දිස්ත්‍රික් තරග වලදී කරන්දෙණිය ක්‍රීඩා සමාජය සහ බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය අතර පැවති වයස අවුරුදු 22න් ඉහල විවෘත පිරිමි තරගයෙන් 2:0ක් ලෙස කරන්දෙණිය ක්‍රීඩා සමාජය ජය ගත් අතර එහි කාන්තා ජය හිමිකර ගත්තේ විජය ක්‍රීඩා සමාජයයි. ඒ 2:0ක් ලෙස තොටගමුව ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමිනි.

කරන්දෙණිය ක්‍රීඩා සමාජය සහ හබරාදූව දිලෙන තරු ක්‍රීඩා සමාජය අතර පැවති වයස අවුරුදු 22න් පහළ පිරිමි තරගයේ ජය 2:0ක් ලෙස කරන්දෙණිය ක්‍රීඩා සමාජය ලබා ගනිද්දී එහි කාන්තා ජය බටපොල දීප්ති ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. ඒ 2:0ක් ලෙස කරන්දෙණිය මහ විද්‍යාලය පරාජය කරමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 22න් ඉහල විවෘත පිරිමි තරගයේදී තරුණ සේවා ක්‍රීඩා සමාජය සහ මිරිහාන එක්සත් ක්‍රීඩා සමාජය තරග වටය 3:1ක් ලෙසින් තරුණ සේවා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලබා ගනිද්දි, එහි කාන්තා ඉසව්වට සහභාගී වූයේ කපිල ක්‍රීඩා සමාජය පමණි.

එම දිස්ත්‍රික්කයේම වයස අවුරුදු 22න් පහල පිරිමි තරගයට සහභාගී වූ පලිගෙදර ක්‍රීඩා සමාජය සහ හබරකඩ ක්‍රීඩා සමාජය අතරින් 3:2ක් ලෙස පලිගෙදර ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජය හිමි වූ අතර එම කාණ්ඩයේම පැවති කාන්තා තරගයෙන් කපිල ක්‍රීඩා සමාජය පරාජය කරමින් තලාහේන බොරලුගොඩ ක්‍රීඩා සමාජය ජය හිමිකර ගත්තේ 3:2ක් ලෙසිනි.

යාපනය දිස්ත්‍රික් තරගවලදී වයස අවුරුදු 22න් ඉහල විවෘත පිරිමි අංශයෙන් අවරන්ගල් හින්දු යූත් ක්‍රීඩා සමාජය සහ අවරන්ගල් සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය අතරින් 3:1ක් ලෙස හින්දු යූත් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරන ලදී. එම වයස් කාණ්ඩයේ කාන්තා අංශයේ ජය හිමි කරගත්තේ කන්කසන්තුරේ යුනයිටඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. ඒ 3:0ක් ලෙස වසවිලන් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරජයට පත්කරමිනි.

අම්පාර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 22න් ඉහළ විවෘත පිරිමි තරගය උහන ප්‍රගති ක්‍රීඩා සමාජය සහ බස්තිඇල්ල අරුණ ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ අතර එම තරගය වට 3:2ක් ලෙස ජයගන්නට උහන ප්‍රගති ක්‍රීඩා සමාජය සමත් විය.

එම දිස්ත්‍රික්කයේම වයස අවුරුදු 22න් ඉහල විවෘත කාන්තා තරගයේ ජය වාර්තා කළේ බස්තිඇල්ල අරුණ ක්‍රීඩා සමාජයයි. ඒ 3:1 ක් ලෙස බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනි.

තවද වයස අවුරුදු 22න් පහළ පිරිමි තරගයේ, 3:2ක් ලෙස මල්වත්ත සීගිරි ක්‍රීඩා සමජය විසින් තිස්සපුර සුපර් කින්ග්ස් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර එම වයස් කාණ්ඩයේම කාන්තා තරගය පැවතියේ තිස්සපුර සුපර් කින්ග්ස් ක්‍රීඩා සමාජය සහ උහන රෝහිත ක්‍රීඩා සමාජය අතරයි. එම තරගය 3:1ක් ලෙස ජය ගන්නට තිස්සපුර සුපර් කින්ග්ස් ක්‍රීඩිකාවන්ට හැකිවිය.

මෙම තරගාවලියේ ජාතික මට්ටමේ තරග මේ මස 5, 6 සහ 7 යන දිනයන් හිදී අනුරාධපුර තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරග දෙසැම්බර් මස 7 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අනෙකුත් දිස්ත්‍රික්කයන් හි තරග ප්‍රතිඵල.

කොළඹ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  තරුණ සේවා ක්‍රීඩා සමාජය ශූරතාවය  කපිල ක්‍රීඩා සමාජය
අනුශූරතාවය මිරිහාන එක්සත් ක්‍රීඩා සමාජය
තරග වට 3 :1
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  පලිගෙදර ක්‍රීඩා සමාජය ශූරතාවය  කපිල ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  හබරකඩ ලකී සෙවන්ස් ක්‍රීඩා සමාජය අනුශූරතාවය  තලාහේන බොරළුගොඩ ක්‍රීඩා සමාජය
තරග වට 3 : 2 තරග වට 3 : 2

අම්පාර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  ප්‍රගති ක්‍රීඩා සමාජය උහන ශූරතාවය  ඇරණ ක්‍රීඩා සමාජය බස්තිඇල්ල
අනුශූරතාවය  ඇරණ ක්‍රීඩා සමාජය බස්තිඇල්ල අනුශූරතාවය බ්ලැක් ලයන්ස්  ක්‍රීඩා සමාජය
තරග වට 3: 2    තරග වට3:1
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  සීගිරි ක්‍රීඩා සමාජය මල්වත්ත ශූරතාවය  සුපර් කින්ග්ස් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  සුපර් කින්ග්ස් ක්‍රීඩා සමාජය තිස්සපුර අනුශූරතාවය  රෝහිත ක්‍රීඩා සමාජය උහන            
තරග වට- 3:2 තරග වට – 3:1

ගම්පහ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  කාටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය ශූරතාවයරඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  රඳාවාන ගෝල්ඩන් ක්‍රීඩා සමාජය
තරග වට 3:0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  සීදුව දවිසමර ක්‍රීඩා සමාජය ශූරතාවය සංඝමිත්තා ක්‍රීඩා සමාජය කිරිදිවැල
අනුශූරතාවය ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය අනුශූරතාවය – රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය
තරග වට 3:0 තරග වට 3:0

ගාල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය කරන්දෙණිය ක්‍රීඩා සමාජය ශූරතාවයවිජය ක්‍රීඩා සමාජය
අනුශූරතාවයබෙන්තොට සාගර ක්‍රීඩා සමාජය අනුශූරතාවයතොටගමුව ක්‍රීඩා සමාජය
තරග වට 2: 0 තරග වට 2 :0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය කරන්දෙණිය ක්‍රීඩා සමාජය ශූරතාවයබටපොල දීප්ති ක්‍රීඩා සමාජය
අනුශූරතාවයහබරාදූව දිලෙන තරු ක්‍රීඩා සමාජය අනුශූරතාවය කරන්දෙණිය මහා විද්‍යාලය
තරග වට 2:0 තරග වට 2:0

වව්නියා දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය වීර නිමල ක්‍රීඩා සමාජය ශූරතාවයවව්නියාව දකුණ කණ්ඩායම
අනුශූරතාවය එක්සත් තරුණ ක්‍රීඩා සමාජය අනුශූරතාවය දිනන තරු ක්‍රීඩා සමාජය
තරග වට 2: 1 තරග වට 2:0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය සිරිසුමන ක්‍රීඩා සමාජය ශූරතාවයපුතුකුලම් මහ විද්‍යාලය
අනුශූරතාවය චෙට්ටිකුලම් ක්‍රීඩා සමාජය අනුශූරතාවයධර්මපාල මහ විද්‍යාලය
තරග වට 2:1 තරග වට 2: 0

පොලොන්නරුව දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය හිඟුරක්ගොඩ ක්‍රීඩා සමාජය ශූරතාවය රන්දුනු ක්‍රීඩා සමාජය
අනුශූරතාවය මැදිරිගිරය රන්දුනු ක්‍රීඩා සමාජය අනුශූරතාවය සෙවනපිටිය ක්‍රීඩා සමාජය
තරග වට3: 0 තරග වට 3 :0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවයරන්දුනු ක්‍රීඩා සමාජය ශූරතාවය පොළොන්නරුව විජයරාජ ක්‍රීඩා සමාජය
අනුශූරතාවය සෙවනපිටිය ක්‍රීඩා සමාජය අනුශූරතාවයසෙවනපිටිය ක්‍රීඩා සමාජය
තරග වට 3: 0 තරග වට 3: 0

රත්නපුර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවයකලවාන වේවැල්කඳුර ක්‍රීඩා සමාජය ශූරතාවය  වැල්ලන්තුර ගජනායක ක්‍රීඩා සමාජය
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය – බලංගොඩ ජයන්ති ක්‍රීඩා සමාජය ශූරතාවය ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය

මාතර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය මාතර නිල්මිණි ක්‍රීඩා සමාජය ශූරතාවය දෙනියාය සාන්ත මැතිව් ක්‍රීඩා සමාජය
අනුශූරතාවයදෙනියාය ක්‍රීඩා සමාජය අනුශූරතාවයදික්වැල්ල ක්‍රීඩා සමාජය
තරග වට 3:1 තරග වට 3:0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  මාතර අරුණ ක්‍රීඩා සමාජය ශූරතාවය  පිටබැද්දර මහ විද්‍යාල ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  පිටබැද්දර ක්‍රීඩා සමාජය අනුශූරතාවය දික්වැල්ල විජිත ක්‍රීඩා සමාජය
තරග වට 3 :0 තරග වට  3: 0

හම්බන්තොට දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  වලස්මුල්ල අරුණ ක්‍රීඩා සමාජය ශූරතාවය  වලස්මුල්ල අරුණ ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  වීරකැටිය දැදිගම පුබුදු ක්‍රීඩා සමාජය අනුශූරතාවය  සූරියවැව ක්‍රීඩා සමාජය
තරග වට 2 :0 තරග වට 2: 0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය හුංගම විජයබා B කණ්ඩායම ශූරතාවය හුංගම විජයබා ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  හුංගම විජයබා A කණ්ඩායම අනුශූරතාවය  හුංගම මධ්‍ය මහා විද්‍යාලය
තරග වට 2:0 තරග වට 3: 2

මහනුවර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  වත්තේගම එකමුතු ක්‍රීඩා සමාජය ශූරතාවය  ලීනියා ක්ලෝතින් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය පේරාදෙනිය ක්‍රීඩා සමාජය අනුශූරතාවය මහනුවර ක්‍රීඩා සමාජය
තරග වට 3: 2 තරග වට 3: 1
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  වත්තේගම එකමුතු ක්‍රීඩා සමාජය ශූරතාවය  උසස් බාලිකා ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  ජේරාදෙනිය ක්‍රීඩා සමාජය අනුශූරතාවය  ලීනියා ක්ලෝතින් ක්‍රීඩා සමාජය
තරග වට 2: 0 තරග වට 2:0

මොණරාගල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  පිවිතුරු ක්‍රීඩා සමාජය ශූරතාවය  සුමධුර ක්‍රීඩා සමාජය මොණරාගල
අනුශූරතාවය  මොණරාගල මහානාම ක්‍රීඩා සමාජය අනුශූරතාවය  පිවිතුරු ක්‍රීඩා සමාජය මැදගම
තරග වට 3: 0 තරග වට3:1
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  සුහද ක්‍රීඩා සමාජය හම්බේගමුව ශූරතාවය  ගලබැද්ද මහා විද්‍යාලය මොණරාගල
අනුශූරතාවය  චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය මොණරාගල අනුශූරතාවය  නිස්සංක මධ්‍ය මහා විදුහල බඩල්කුඹුර
තරග වට 3: 1 තරග වට 3: 0

කෑගල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත)
ශූරතාවයදෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය
අනුශූරතාවයසිල්වර් ලයින් අරණනායක
තරග වට 3 :0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල ශූරතාවයබෝධාගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය ඌරුවල ක්‍රීඩා සමාජය අනුශූරතාවය: කොටළුගොඩ කන්ද ගිරිකුල ක්‍රීඩා සමාජය
තරග වට 3:0 තරග වට 3: 0

මාතලේ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  දඹුල්ල වල්ගම්වැව ක්‍රීඩා සමාජය ශූරතාවය  මාතලේ පුරහල ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  නාඋල ශ්‍රී නාග ක්‍රීඩා සමාජය අනුශූරතාවය  පැල්පොල ක්‍රීඩා සමාජය
තරග වට 2 :0 තරග වට 2 :0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  මඩවල උල්පත ක්‍රීඩා සමාජය ශූරතාවය  ශ්‍රී නාග ජාතික පාසල
අනුශූරතාවය  යටවත්ත ක්‍රීඩා සමාජය අනුශූරතාවය කනුමුලයාය ක්‍රීඩා සමාජය
තරග වට 2: 0 තරග වට 2: 0

බදුල්ල දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  කුලෙයිනගල් ක්‍රීඩා සමාජය ශූරතාවය මලෛකුයිල් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  නිව් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අනුශූරතාවය මේමලෛ
තරග වට 3: 2 තරග වට 3: 2
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය නිව් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය ශූරතාවය  අඹගස්දෝව ජනාධිපති විදුහල
අනුශූරතාවය  දේවානන්ද ක්‍රීඩා සමාජය අනුශූරතාවය  කන්දේකැටිය විද්‍යාලය
තරග වට 3: 2 තරග වට 3: 2

යාපනය දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  හින්දු යූත් ක්‍රීඩා සමාජය අවරන්ගල් ශූරතාවය  කන්කසන්තුරෛ යුනයිටඩ් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය අවරන්ගල් අනුශූරතාවය වසවිලන් ක්‍රීඩා සමාජය
තරග වට 3: 1 තරග වට 3 : 0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය  සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය විලවිලායි ශූරතාවය  වසවිලන් ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  විලර් මධී ක්‍රීඩා සමාජය පුතූර් අනුශූරතාවය  කන්කසන්තුරෛ යුනයිටඩ් ක්‍රීඩා සමාජය
තරග වට 3: 1 තරග වට 3 :1

කලුතර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය  බණ්ඩාරගම රඹුක්කන ක්‍රීඩා සමාජය ශූරතාවය  ගෝවින්න ක්‍රීඩා සමාජය
අනුශූරතාවය  පොතුපිටිය ලකී 6 ක්‍රීඩා සමාජය අනුශූරතාවය  පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය
තරග වට 3 : 1 තරග වට 3: 0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය – පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය ශූරතාවය- අගමැති බාලිකා ක්‍රීඩා සමජය
අනුශූරතාවයගාමිණී ක්‍රීඩා සමාජය අනුශූරතාවයසුවහස් ක්‍රීඩා සමාජය
තරග වට 3 :0 තරග වට 3 :0

පුත්තලම දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා    (විවෘත)
ශූරතාවය – නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය ශූරතාවය – කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය
අනුශූරතාවයආනමඩුව ක්‍රීඩා සමාජය අනුශූරතාවය නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය
තරග වට 3 :1 තරග වට 3 :0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය – හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය ශූරතාවය – තෝඩුවාව ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය
අනුශූරතාවය නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය අනුශූරතාවයමහාඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය
තරග වට 3 :0 තරග වට 3 : 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

වයස අවුරුදු 22න් ඉහළ පිරිමි (විවෘත) වයස අවුරුදු 22න් ඉහළ කාන්තා (විවෘත)
ශූරතාවය – ෆාතිමා ක්‍රීඩා සමාජය ශූරතාවය – ෆාතිමා ක්‍රීඩා සමාජය
අනුශූරතාවය – A. S. K. S. ක්‍රීඩා සමාජය අනුශූරතාවය – විලූන්ඩි යූත් ක්‍රීඩා සමාජය
තරග වට 2: 0 තරග වට 2: 0
වයස අවුරුදු 22න් පහළ පිරිමි වයස අවුරුදු 22න් පහළ කාන්තා
ශූරතාවය – මසාන් ක්‍රීඩා සමාජය ශූරතාවය – රන් සමනළ ක්‍රීඩා සමාජය
අනුශූරතාවය – A. S. K. S ක්‍රීඩා සමාජය අනුශූරතාවය – සිංහල මධ්‍ය මහා විද්‍යාලය
තරග වට 3:0 තරග වට 2:0

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට