ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලිය මෙවරත්

173

පාපන්දු ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය, සැප්තැම්බර් මස 2 වැනිදා ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් කැපව‍ෙන ඩයලොග් ආසිආටා පෞද්ගලික සමාගම විසින් 12 වන වරටත් අනුග්‍රාහකත්වය ලබා දෙන මෙම පාපන්දු තරගාවලිය, ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දැවැන්තම පාපන්දු තරගාවලිය ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ පැසසුමට සහ අවධානයට ලක්වී ඇත.

18න් පහළ තරගාවලිය සැප්තැම්බර් මාසයේ

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන 2017 වසර සඳහා වන වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 04 වන දින…

මෙහි දී පාපන්දු කණ්ඩායම් 18ක් එකම කිරුළක් උදෙසා තරග වදිනු ලබන අතර, මෙවර තරගාවලිය තුළ පාපන්දු තරග 153ක් දිවයිනේ ක්‍රීඩා පිටි 10කට ආසන්න ප්‍රමාණයක් තුළ පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ පාපන්දු සමාජය වත්මන් ශූරයන් ලෙස මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වේ. ඔවුන් ගියවර පැවැත්වූ පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජයට අනුශූරතාවය හිමි කර දෙමින් එහි අවසන් ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔවුන් මෙම පාපන්දු තරගාවලියේ පැවැත්වූ අවසන් තරගාවලි ත්‍රිත්වයේ දී ම අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

ගියවර තරගාවලියට සහභාගි වූ ජාවා ලේන් ක්‍රීඩා සමාජය, තිහාරිය යූත් ක්‍රීඩා සමාජය, සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය හා මාතර නගර සමාජය මෙවර තරගාවලිය තුළින් පළමු කාණ්ඩයට ඇද දැමීමට තීරණය කර තිබුණ ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ විද්වත් කමිටුවක් මගින් ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ මාතර නගර සමාජය යන කණ්ඩායම් ද්විත්වය සඳහා මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ප්‍රධාන තරගාවලිය යටතේ ක්‍රීඩා කිරීමට අවසර ලබා දී ඇත.

පසුගිය වර්ෂයේ දී ද මෙම තරගාවලියට සමගාමීව පැවැත්වූ පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමි කර ගත් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා එහි අනුශූරතාවය හිමි කර ගත් පෙලිකන්ස් ක්‍රීඩා සමාජය මෙවර උසස්වීමක් ලබාගෙන ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රධාන තරගාවලිය සඳහා තේරී පත්ව ඇත.

මෙවර ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රථම තරගය සැප්තැම්බර් මස 2 වැනි දා බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය හා සුපර් සන් ක්‍රීඩා සමාජය අතර කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රතිභාපූර්ණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා දේශීය මට්ටමින් දිය හැකි උපරිම සහය ලබා දීම මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන ඩයලොග් ආයතනයේ මූලික අරමුණයි. තවද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, රග්බි කණ්ඩායම හා පැරා ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන්නේ ද ඩයලොග් ආයතනයි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට