ලෝක ශූරතාවය හඹා යන ඩොජර්ස් සහ රෙඩ් සොක්ස් තරග බිමේ

254

ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන අංගය වන “ලෝක ශූරතා තරගමාලාව” (World Series Championship) හෙට (24) සිට පැවැත්වේ.

ඒ සඳහා සුදුසුකම් ලැබීමට මේ වසරේ ජාතික ලීගයේ ශූරතාවය හිමිකර ගත්  “ලොස් ඇන්ජලීස් ඩොජර්ස්” (Los Angeles Dodgers) කණ්ඩායම හා ඇමරිකානු ලීගයේ ශූරතාවය හිමිකර ගත් “බොස්ටන් රෙඩ් සොක්ස්” (Boston Red Sox) කණ්ඩායම සමත් වී ඇත.

ලෝක ශූරතා බේස්බෝල් තරගමාලාවට පෙර

“ලෝක ශූරතා තරගමාලාව” හෙවත් “World Series Championship” යනු ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් (Major League Baseball – MLB) තරගාවලියේ…

ඩොජර්ස් කණ්ඩායම පසුගිය වසරේ (2017) පැවති ලෝක ශූරතා තරගමාලාවේ අනුශූරතාවය හිමිකර ගත් කණ්ඩායමයි. මේ වසරේ දී ජාතික ලීගයේ ශූරතාවය සඳහා “මිල්වෝකී බෘවර්ස්” (Milwaukee Brewers) කණ්ඩායම සමඟ තරග කර, තරග වට 4-3ක් ලෙස අවසන් තරගයේ දී ඉතා තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඩොජර්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් මේ වන විට ලෝක ශූරතා තරගමාලා 13කට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති අතර ඉන් 6ක් (1955, 1959, 1963, 1965, 1981, 1988) ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ. මෙය ඔවුන් සහභාගී වන 14 වන ලෝක ශූරතා තරගමාලාවයි.

lmtonline
ලොස් ඇන්ජලීස් ඩොජර්ස් කණ්ඩායම ජාතික ලීගයේ ශූරතාවය හිමිකර ගැනීමෙන් පසුව

රෙඩ් සොක්ස් කණ්ඩායම ඇමරිකානු ලීගයේ ශූරතාවය සඳහා පසුගිය වසරේ ලෝක ශූරතා තරගමාලාවේ ශූරතාවය හිමිකර ගැනීමට සමත්වූ  “හූස්ටන් ඇස්ට්රොස්” (Houston Astros) කණ්ඩායම සමඟ තරග කර, තරග වට 4-1ක් ලෙස ජයග්‍රහණය කරමින් මෙවර ලෝක ශූරතා තරගමාලාව සඳහා සුදුසුකම් ලැබීය. රෙඩ් සොක්ස් කණ්ඩායම මේ වන විට ලෝක ශූරතා තරගමාලා 12කට සහභාගී වීමට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඉන් 8ක දී ම ශූරතාවය තමන් සතුකර ගැනීමට සමත්ව ඇත. මෙම වසරේ දී ඔවුන් 13 වන වරට ලෝක ශූරතා තරගමාලාවට සුදුසුකම් ලැබූ අතර වර්ෂ 1903දී පැවති ප්‍රථම ලෝක ශූරතා තරගමාලාව ජයග්‍රහණය කිරීමට ද සමත් වූයේ “බොස්ටන් රෙඩ් සොක්ස්” කණ්ඩායමයි.

බොස්ටන් රෙඩ් සොක්ස් කණ්ඩායම ඇමරිකානු ලීගයේ ශූරතාවය හිමිකර ගැනීමෙන් පසුව

ලෝක ශූරතා තරගමාලාව තරග 7කින් යුක්ත වන අතර ඉන් වැඩිම ජයග්‍රහණ ගණනක් වාර්තා කරන කණ්ඩායමට ශූරතාවය හිමි වේ. තරගාවලිය හෙට දින සිට නොවැම්බර් මස පළමු වැනිදා (01) දක්වා පැවැත්වේ.

මෙවර බේස්බෝල් ලෝක ශූරතා තරගමාලාවේ තොරතුරු මෙන්ම දේශීය විදේශීය කෙළිබිමේ තොරතුරු දැන ගැනීම සඳහා එක්වී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<