සයිබර් අවකාශය පුරා විසිරී පැතිරී සිටින ක්‍රිකට්ලෝලීන් එකට එක්කාසු කොට ගනිමින් පැවැත්වෙන ‘ක්‍රිකට් පිස්සෝ’ ලීග් (CPL) ශූරතාවය මෙවර තෙවැනි වරටත් අති සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.
ඒ අනුව තවත් දින දෙකකින්, එනම් නොවැම්බර් 25 වැනිදා කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඒකරාශි වන කණ්ඩායම් 8ක්, CPL 3 කිරුළ වෙනුවෙන් උණුසුම් සහ උද්වේගකර සටනක නිරත වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඉන්දියානුවන්ගේ දැඩි කැමැත්ත
90 දශකයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එතරම් වදන් හරඹකාරයන් නොවීය. එහෙත් ඔවුන්ට වටකරගෙන පහරදුන් ලෝක ක්‍රිකට් දැවැන්තයන් හමුවේ නිශ්ශබ්ද වීම ප්‍රතික්ෂේප…

ඒ අනුව මින්පෙර කිසිදා මුණ නොගැසුණු ක්‍රිකට්ලෝලීන් පිරිසක් මීට පෙර අවස්ථා දෙකක දී එකට එක්ව එක් කුසලානයක් වෙනුවෙන් තරග වැදුණේ බොහෝ කලක සිට දන්නා හඳුනන සහෝදර පිරිසක් ආකාරයෙනි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් ශානකගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ පී. එස්. ද සිල්වා විසින් මෙහෙයවූ Rhinos කණ්ඩායමයි. මෙම අවස්ථා දෙකේ දී ම ප්‍රබල සටනකින් අනතුරුව අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට නිරංජන් අබේසිංහ නායකත්වය දරන Royal Strikers කණ්ඩායමට සිදු විය. එබැවින් මෙවර ඔවුන්ට තම බොඳවී ගිය සිහිනවලට නැවත ජීවය දෙන්නට අවස්ථාවක් උදා වී තිබේ.
මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සහ නායකයින්
- Frantic Blasters – උවයිසුල් කර්නයින්
- Rhinos – පී. එස්. ද සිල්වා
- Royal Strikers – නිරන්ජන් අබේසිංහ
- Loyal Warriors – තිසර වින්ඩි
- Minnesota Vikings – අකිල සිරිවර්ධන
- Black Hunters – බුද්ධික දේශප්‍රිය
- Dashing Hawks – සුඛිත සංකලන
- Super Rangers – අසේල ලක්සිසි
තරගය බේරා ගත් දික්වැල්ලගේ නාටකයේ පිටපත
ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ අවසන් කාර්තුව තුළ සිදු වූ නාට්‍යයක් වැනි සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල ‘Cricbuzz’ වෙබ් අඩවිය…


වැඩිම ලකුණු ලාභීන්
- ශානුක රත්නායක – ලකුණු 206
- දුල් ප්‍රසාද් – ලකුණු 176
- ගයාන් කොලොන්න – ලකුණු 173
- නිශාන්ත සම්පත් – ලකුණු 163
- සුඛිත සංකලන – ලකුණු 144
වැඩිම කඩුලු ලාභීන්
- දුල් ප්‍රසාද් – කඩුලු 12
- නිරංජන් අබේසිංහ – කඩුලු 9
- ශානුක රත්නායක – කඩුලු 7
- ශලින්ද අබේසිංහ – කඩුලු 6
- කසුන් ජයරංග – කඩුලු 5
ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය
පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23) උදා වන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත්ම අවධානය යොමු වන ඉසව්වයි. 2017/18 අළු බඳුන තරගාවලිය…
මෙවර මූලික වටයේ උණුසුම් තරග 12කින් අනතුරුව මෙම කණ්ඩායම් 8න් වාසනාව සහ කුසලතාවය පිරි කණ්ඩායම් 4ක් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනියි. එහි දී ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට එක් වන්නේ CPL ඵලකය දිනා ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. මෙවර තරගාවලිය සඳහා ආරාධිතයින් වශයෙන් ‘ගුවන් හමුදා ක්‍රීඩා සමාජය’ නියෝජනය කරන රොස්කෝ තට්ටිල් සහ ‘ලංකන් ක්‍රීඩා සමාජය’ නියෝජනය කරන ශමීර වීරසිංහ යන මහත්වරුන් සහභාගි වේ.

ඒ අනුව CPL තෙවැනි අදියරේ සියලු තතු විත්ති ඇතුළත් වාර්තා මෙන්ම ඡායාරූප ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ වසර 4කට අධික කාලයක් පුරාවට ඉදිරියට ගලා ආ ක්‍රිකට් පිස්සෝ සමූහයේ සාමාජිකයින් අතර ක්‍රීඩාශීලීත්වය මෙන්ම සහෝදර ප්‍රේමය යදම් වැලක් සේ තව තවත් ශක්තිමත් වීමයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















