එංගලන්ත පිතිපෙළ කනපිට හැරේ

342
Chris Woakes

දණහිසේ ආබාධයකට ලක්වූ බෙන් ස්ටෝක්ස් වෙනුවට එංගලන්ත කණ්ඩායමේ  සංචිතයට එක්වූ ක්‍රිස් වෝක්ස් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (27) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ස්ථිර වශයෙන්ම කණ්ඩායමට එක්වන බව එංගලන්ත කණ්ඩායම් නායක ඇලෙස්ටෙයාර් කුක් ප්‍රකාශ කරයි. ක්‍රිස් වෝක්ස් කණ්ඩායමට එක්වීම නිසා එංගලන්ත පිතිකරු ලයිස්තුවේ වෙනසක් කිරීමට සිදුවන බවත් නායක කුක් පැවසීය.

ක්‍රිස් වෝක්ස්ද ආබාධයට ලක්වූ බෙන් ස්ටෝක්ස් වැනිම වූ පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්විය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු හා දක්ෂ වේග පන්දු යවන්නෙකි.

කෙසේ වෙතත් ක්‍රිස් වෝක්ස් කණ්ඩායමට එක්වීම නිසා තම ටෙස්ට් හිස්වැස්ම පැළඳීමට ජේක් බෝල්ට තවත් දින කිහිපයක් බලා සිටීමට සිදුව තිබේ. කණ්ඩායමේ සමබරතාව රැකගැනීම සඳහා ජේක් බෝල් සිටියදී ක්‍රිස් වෝක්ස්ට අවස්ථාව දෙන බවද එංගලන්ත නායකයා කියයි. මෙය 27 හැවිරිදි වෝක්ස්ගේ 7වැනි ටෙස්ට් තරගය වනු ඇත.

මා හිතන්නේ නෑ අපි මේ දක්වා වෝක්ස්ගේ හොඳම දස්කම් දැකලා තියෙනවා කියලා. අපි වෝක්ස්ට තවත් අවස්ථාවක් දෙනවායයිද ඇලෙස්ටයර් කුක් පැවසීය.

වසර 3 කට ඉහතදී ටෙස්ට් වරම් ලද ක්‍රිස් වෝක්ස් එංගලන්ත පිලට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාගත්තේ අතරින් පතරය. එහෙත් මේ වන විට සිය හොඳම දස්කම් අතර සිටින වෝක්ස් පසුගිය සතියේදී එක් ඉනිමකදී කඩුලූ 9 ක් දවාගත් අතර ඊට පෙර සතියේදී ශතකයක් ලබාගැනීමටද සමත් විය.

වෝක්ස්ට කණ්ඩායමේ ස්ථානයක් වෙන්කිරීම සඳහා එංගලන්ත පිතිකරු අනුපිළිවෙල වෙනස් කිරීමටද එංගලන්ත නායකයා බලාපොරොත්තු වෙයි. අනුව පසුගිය තරගයේදී ශතකයක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ අංක 6 ස්ථානයටත්, මුයීන් අලි අංක 7 ස්ථානයටත් වෝක්ස් අංක 8 ස්ථානයටත් පිවිසෙනු ඇත.

පිතිකරු අනුපිළිවෙල වෙනස් වූවත් සුපුරුදු පරිදි අංක 1 ස්ථනයේම ක්‍රීඩා කරන ඇලෙස්ටෙයාර් කුක් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 ලබාගන්නා පළමු වැනි ඉංග්‍රීසි ජාතිකයා වීමේ සිහින දකිමින් සිටී. සඳහා කුක්ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 20 ක් පමණි.

මේ අතර හෙඩිංග්ලි තරගයේදී ලකුණු නොලබා දැවී ගිය නික් කොම්ප්ටන් පවසා සිටියේ තමන්ගේ ටෙස්ට් අනාගතය මෙම තරගයේ දස්කම් මත රැඳී තිබෙන බවයි.

එංගලන්තය වෙනුවෙන් 1950 දශකයට පෙර ක්‍රීඩා කළ අති දක් ආරම්භක පිතිකරුවකු වූ ඩෙනිස් කොම්ප්ටන්ගේ මුණුබුරා වන නික් කොම්ප්ටන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදීත් එතරම් සාර්ථක නොවීය. අවසන් ටෙස්ට් ඉනිම 6 දී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 15, 26, 0, 19, 6 සහ 0 වශයෙනි.

මට මගේ පිතිහරඹය ගැන සෑහීමකට පත්වෙන්න  ඕනෑ. සෑහීමකට පත්වන්නේ කණ්ඩායම වෙනුවෙන් මට සාධාරණ දායකත්වයක් දක්වන්න පුළුවන් නම් විතරයි

මගේ අරමුණ ඒකයි. ඒත් මම ලකුණු ලබාගත්තේ නැත්නම් මාව කණ්ඩායමෙන් හැළෙනවා. ඒක මා දන්නවායයිද නික් කොම්ප්ටන් පැවසීය.

එංගලන්ත නායකයා පවසන්නේ නික් කොම්ප්ටන්ම බව කියා සිටීම වඩාත් යහපත් බවයි.

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන්නේ පීඩනයක් තමයි. ඒත් මා හිතන්නේ අපි සියලූ දෙනා වගේම එයාත් ඉන්නේ එක හොඳ ඉනිමකට මෙහායින්. ඇරත් එයා ටෙස්ට් ශතක දෙකක් ලබාගෙන තියෙනවා. කියන්නේ මේ ක්‍රීඩාවේදී ඔහුට තැනක් තියෙනවායැයිද ඇලෙස්ටෙයාර් කුක් පැවසීය.

   තවත් පුවත් සඳහා පිවිසෙන්න​