විශිෂ්ට තරගයකින් පසු IPL රන් කිරුළ මුම්බායි පිළට!

236

සමස්ථ ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනිමින් ඊයේ (13) පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ දී තමා ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නොතිබූ ජයක් ගෙන දීමට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හැකිවිය. ඒ අවසන් පන්දුවාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් පිළට එරෙහිව ලකුණු 9ක් ආරක්ෂා කර දෙමිනි. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිළට එක් ලකුණක තියුණු ජයක් සහ ශූරතා කුසලානය හිමිවිය.

මුම්බායි සමඟ ගැටෙන්නට චෙන්නායි සුදුසුකම් ලබයි!

නම ගිය පිතිකරුවන් දෙදෙනෙක් වන ශේන් වොට්සන් සහ ඩු ප්ලෙසිස් ලබා දුන් සුපිරි ආරම්භයත්, පන්දු යවන්නන්ගේ සාමූහික දක්ෂතාත් නිසා මෙවරත් ඉන්දියන් ප්‍රිමියර් ලීග්…

පුරා මාස 2කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ IPL තරගාවලියේ අවසන් අභියෝගයට මෙම කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබුවේ පිටුදැකීමේ වටයේ දී (Eliminator Round) දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් දෙක පරාජයට පත් කරමිනි. එහිදී එක් වරක් චෙන්නායි පිළ මුම්බායි කණ්ඩායම හමුවේ පරාජයට පත් වුවද නැවතත් දිල්ලි කැපිටල්ස් පිළ පරාජය කරමින් අවසන් තරගයට පිවිසෙන්නට ඔවුන් සමත් විය. ඒ මේ දක්වා IPL ඉතිහාසයේ විශිෂ්ටතම කණ්ඩායම් දෙක තමන් බව නැවත වරක් කියා පාමිනි.

ඊයේ දිනයේ IPL කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම ද්වන්ධ සටන දැකබලා ගැනීමට හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයට දහස් ගණනක ප්‍රේක්ෂකයින් රැස්වී සිටියහ. ඔවුන්ගේ ඔල්වරසන් හඬ මැද උරගා බැලුනු කාසියේ වාසිය හිමිවූයේ මුම්බායි නායක රෝහිත් ශර්මාටයි. සාමාන්‍යයෙන් පසුගිය තරග බොහෝමයක කාසියේ වාසිය දිනූ නායකයා පන්දු යැවීම තෝරා ගත්තද ඊයේ රෝහිත් තෝරා ගත්තේ පිතිකරණයයි. මෙය යම් තරමක විමතියක් වුවද තරගයට පෙර නායක රෝහිත් සහ ප්‍රධාන පුහුණුකරු මහේල ඇතුළු අය මේ තීරණය පිලිබඳ බොහෝ සාකච්ඡා සිදු කරන්නට ඇති බවට සැකයක් නැත.

ඒ අනුව මුල සිටම මුම්බායි පිළ ප්‍රහාරය සඳහා යොමුවූ අතර පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 45ක් එක් කරන්නට ද ඔවුන්ට හැකිවිය. කෙසේවෙතත් පස්වැනි පන්දුවාරයේ දී ඩි කොක් සහ රෝහිත් ශර්මා යන දෙදෙනාම දැවී යාමෙන් නැවතත් තරගයට පිවිසෙන්නට චෙන්නායි පිළට අවස්ථාව උදාවිය. මෙවර IPL තරගාවලියේ කැපී පෙනෙන යමක් සිදු කිරීමට අපොහොසත් වූ ඉශාන් කිශාන් ඊයේ පන්දු 26කට මුහුණ දෙමින් ලබා ගත්තේ ලකුණු 23ක් පමණි. මීට අමතරව සූර්‍යකුමාර් යාදෙව් ලකුණු 15ක් රැස් කළේය.

ෆකාර්ගේ ශතකය පරදා බට්ලර්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි!

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (11) පැවති දෙවන තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරීමට…

මේ අයුරින් චෙන්නායි පන්දු බල ඇණිය හමුවේ මුම්බායි ප්‍රහාරයේ සැර බාල වෙද්දී ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් කරා යාමේ ඉඩකඩ අහිමි වන බව පෙනෙන්නට තිබුණි. වෙනකක් තබා ලකුණු 130ක් ද විශ්වාස නැති මට්ටමකට පැමිණ චෙන්නායි පිළට පහසු ජයක් හිමිවන ලකුණු හයිද්‍රාබාද් පිටියෙන් දැකගන්නට ලැබුණි. මේ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ කිරන් පොලාර්ඩ් පන්දු 25කින් නොදැවුණු ලකුණු 41ක ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් මුම්බායි ලකුණු පුවරුව 149ක් දක්වා ඉහල දැම්මේය. පන්දු යැවීමේ දී දීපක් චහාල් කඩුලු 3කට හිමිකම් කීවේය.

පොලාර්ඩ්ගේ ප්‍රහාරයත් සමඟ අවසන් මහා තරගයක පීඩනයද සමඟ යම්කිසි අභියෝගයක් චෙන්නායි පිළට එල්ල වූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් දින දෙකකට ඉහතදී දිල්ලි කැපිටල්ස් පිළ පරාජය කරන්නට අර්ධ ශතක දෙකකින් දායක වූ ප්ලෙසිස් සහ වොට්සන් ඊයේත් චෙන්නායි ආරම්භය ශක්තිමත් කිරීමට සමත් විය. ඒ අනුව එක් අවස්ථාවක ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 70කට එක් කඩුල්ලක් වශයෙනි. නමුත් බුම්රාහ්, චහාර් සහ පාණ්ඩ්‍යා ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වෙමින් චෙන්නායි පිළේ ලකුණු වේගය අඩු කරමින් කඩුලු දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානුවන්ට මෙවරත් අවාසනාව හරස් වේවි ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්. මේ සඳහා සහභාගී වන…

ඒ අනුව අවසන් පන්දුවාරය සඳහා චෙන්නායි පිළට ලකුණු 9ක් අවශ්‍ය වූ අතර එය ලබා ගැනීමට සඳහා දස්කම් අතර සිටි ශේන් වොට්සන් සහ රවින්ද්‍ර ජඩේජා සැදී පැහැදී සිටියහ. මෙම තීරණාත්මක මොහොතේත් නායක රෝහිත් ශර්මා පන්දුව භාර දෙන්නේ ඒ වනවිට පන්දුවාර 3කදී ලකුණු 42ක් ලබා දී තිබූ ලසිත් මාලිංගටයි. මෙම තීරණය රෝහිත්ගේ නායකත්වයත්, මාලිංගගේ ක්‍රීඩා දිවියත් දැඩි ලෙස විවේචනයට බඳුන් විය හැකි කාරණාවක් වුවද අවසානයේ මුම්බායි ඉන්දියන්ස් පිළ 2019 IPL රන් කිරුළ දිනා ගන්නේ ඔවුන් දෙදෙනාව සුපිරි වීරයින් බවට පත් කරමිනි.

එම අවසන් පන්දුවාරයේ දී මාලිංග එකදු හතරේ පහරක් හෝ චෙන්නායි පිළට ලබා නොදුන් අතර අවසානයේ කඩුලු අතර දුවන්නට ගොස් ලකුණු 80ක් ලබා සිටි ශේන් වොට්සන්ට කඩුල්ලද අහිමි විය. පන්දු 59ක් පමණක් වැයවුණු වොට්සන්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. මේ අනුව අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා චෙන්නායි පිළට ලකුණු 2ක් අවශ්‍ය වූ අතර එහිදී වේගය අඩාල කළ පන්දුවක් මගින් ශාදුල් තකූර්ව දවා ගනිමින් මුම්බායි පිළට විශිෂ්ට ජයක් ගෙනදීමට මාලිංග සමත් විය. ඒ එදා මෙදාතුර IPL තරග වල තීරණාත්මක පන්දුවාර යැවීමේ විශිෂ්ටතමයා තමන් බව තහවුරු කරමිනි.

සුනිල්ගේ ශතකය අයර්ලන්තය හඬවයි!

නවක ක්‍රීඩක සුනිල් ඇම්බ්‍රයිස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඊයේ ලකුණු 327ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගොස් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට…

ඒ අනුව ඉතිහාසය පුරාවට මේ දක්වා අවස්ථා 4කදී මුම්බායි පිළ ශූරතා කුසලානය තමන් වෙත හිමි කරගෙන ඇත. ඉන් අවස්ථා දෙකකදීම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූයේ ලොව හොඳම ක්‍රිකට් මොළයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධනයි. තරගයේ වීරයා සම්මානය ලකුණු 14ට කඩුලු 2ක් දවාගත් ජස්ප්‍රිට් බුම්රාහ්ට හිමි වෙද්දී මෙවර තරගාවලියේ වීරයා සම්මානය විස්මිත ඉනිම රැසක්ම ක්‍රීඩා කළ කල්කටා පිළේ අන්ද්‍රේ රසල්ට හිමිවිය. තරගාවලියේ තෝරාගත් ක්‍රීඩකයින්ට හිමිවූ විවිධ සම්මාන පිලිබඳව තොරතුරු පහතින් දැක්වේ.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 149 (පන්දුවාර 20) කිරන් පොලාර්ඩ් 41*, ක්වින්ටන් ඩි කොක් 29, ඉශාන් කිශාන් 23, හාර්දික් පාණ්ඩ්‍යා 16, රෝහිත් ශර්මා 15, දීපක් චහාල් 3/26, ඉම්රාන් තහීර් 2/23, ශාදුල් තකූර් 3/37.

චෙන්නායි සුපර් කිංග්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 147 (පන්දුවාර 20) ශේන් වොට්සන් 80, ඩු ප්ලෙසිස් 26, ඩ්වේන් බ්‍රාවෝ 15, සුරේෂ් රයිනා 8, ජස්ප්‍රිට් බුම්රාහ් 2/14, රාහුල් චහාර් 1/14, කෘනාල් පාණ්ඩ්‍යා 1/39, ලසිත් මාලිංග 1/49.

වෙනත් සම්මාන

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – ශුබ්මන් ගිල්
  • විනය සුරැකි කණ්ඩායම – සන්රයිසස් හයිද්‍රාබාද්
  • වේගවත්ම අර්ධ ශතකය – හාර්දික් පාණ්ඩ්‍යා
  • හොඳම උඩපන්දු රැකීම – කිරන් පොලාර්ඩ්
  • හොඳම ප්‍රහාරකයා – අන්ද්‍රේ රසල්
  • හොඳම තරග වෙනස් කරන්නා – රාහුල් චහාර්
  • තැඹිලි හිස්වැස්ම – ඩේවිඩ් වෝනර්
  • දම් හිස්වැස්ම – ඉම්රාන් තහීර්