ක්‍රිකට් තේරීම් කමිටුව අලුත් වෙයි

1136

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (4) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස හිටපු තේරීම් කමිටු ප්‍රධානියා වන ග්‍රැහැම් ලබ්රෝයි මහතා නැවතත් පත් කර තිබේ.

මාලිංග, තිසර, දසුන් සහ ඉසුරු කැනඩාවට වෙන්දේසි වේ

ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය..

නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අසංක ගුරුසිංහ මහතාගෙන් හිස්වූ තේරීම් කමිටු සාමාජිකත්ව තනතුරට පත් කර ඇත්තේ තරග සංචාරයන් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙනි.

ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් කිරීම නිසා ඔහුව එම තේරීම් කමිටුවෙන් ඉවත් කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට ද මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටින ගුරුසිංහ මහතාව පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු තරගයෙන්ම ආසියානු කුසලානයට ඉව අල්ලති

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ..

ග්‍රැහැම් ලැබ්රෝයි, ගාමිණී වික්‍රමසිංහ හා ජෙරිල් වවුච්ර්ස් යන මහත්වරුන් පෙර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ද සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන එරික් උපශාන්ත මෙම නව තේරීම්  ඇතුළත් කර ඇත්තේ සජිත් ප්‍රනාන්දු මහතාගේ අසුන වෙනුවෙන් වන අතර සජිත් ප්‍රනාන්දු ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරු තනතුරක් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ඇත.

45 හැවිරිදි එරික් උපශාන්ත මහතා මීට පෙර සනත් ජයසූරිය මහතා ප්‍රධානත්වය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ද සාමාජිකත්වය දරන ලදි.

සුබවාදී බලාපොරොත්තු සමඟින් ධනංජය කොදෙව් දේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා මේ මස 6 වැනිදා ආරම්භ…

එ්ත් සමඟින් 2018 මැයි මස 16 වැනිදා සිට තවත් වසරක කාලයක් එනම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා නව ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය බලපැවැත්වෙනු ඇත.

නව තේරීම් කමිටුව,

  1. ග්‍රැහැම් ලැබ්රෝයි මහතා – කමිටු ප්‍රධානී
  2. ගාමිණී වික්‍රමසිංහ මහතා – සාමාජික
  3. එරික් උපශාන්ත මහතා – සාමාජික
  4. චන්දික හතුරුසිංහ මහතා – තරග සංචාරයන් සඳහා තේරීම් කටයුතු කිරීමට
  5. ජෙරිල් වවුච්ර්ස් මහතා – සාමාජික

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<