චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!

ICC Women's U19 T20 World Cup 2025

46
ICC Women's U19 T20 World Cup 2025

නිමා වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් සමඟ නිර්මාණය කළ තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චමෝදි ප්‍රබෝධා ද තෝරා ගෙන තිබෙනවා.

පසුගිය දා නිමා වූ ලෝක කුසලානයේ ශූරතාව ඉන්දියාව විසින් හිමි කර ගැනීමට සමත් වූ අතර, දකුණු අප්‍රිකාවට තරගාවලියේ අනුශූරතාව හිමි වුනා.

එම අවසන් තරගයට සම්බන්ධ වූ ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙම තරගාවලියේ කණ්ඩායමට නම් කර ඇති අතර, ඒ අතරට තරගාවලියේ වීරවරිය වූ ඉන්දීය ක්‍රීඩිකා Gongadi Trisha ද ඇතුළත් වනවා. ඇය විසින් තරගාවලියේ දී ලකුණු 309ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනිය වූ ඉන්දියාවේ ම Aayushi Shukla ද (කඩුලු 17ක් සමඟින්) මෙම කණ්ඩායමේ ස්ථානයක් පහසුවෙන් ම සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, එක් ඕස්ට්‍රේලියානු සහ නේපාල ක්‍රීඩිකාවක් ද කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය සවි බල ගැන්වීම වෙනුවෙන් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග හතරක් ක්‍රීඩා කරමින් කඩුලු 09ක් දවා ගැනීමට සමත් වූ චමෝදි ප්‍රබෝධා ද තෝරා ගෙන ඇති අතර, තවමත් 15 හැවිරිදි වියේ පසු වන චමෝදි විසින් නිමා වූ තරගාවලිය පුරාවට පන්දුවෙන් දැක්වූ දක්ෂතා බොහෝ කතාබහට ලක් වුනා.

මෙම කණ්ඩායම තෝරා ගැනීමට Julia Price, HD Ackerman, Raunak Kapoor සහ Snehal Pradhan යන අයගෙන් සමන්විත කමිටුවක් එක් වුනා.

19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායම:

  1. G Trisha (ඉන්දියාව)
  2. ⁠Jemma Botha (දකුණු අප්‍රිකාව)
  3. Davina Perrin (එංගලන්තය)
  4. ⁠G Kamalini (ඉන්දියාව)
  5. ⁠Caoimhe Bray (ඕස්ට්‍රේලියාව)
  6. ⁠Puja Mahato (නේපාලය)
  7. ⁠Kayla Reyneke (නායිකාව, දකුණු අප්‍රිකාව)
  8. ⁠Katie Jones (wk) (එංගලන්තය)
  9. ⁠Aayushi Shukla (ඉන්දියාව)
  10. ⁠චමෝදි ප්‍රබෝධා (ශ්‍රී ලංකාව)
  11. ⁠Vaishnavi Sharma (ඉන්දියාව)
  12. ⁠Nthabiseng Nini (දකුණු අප්‍රිකාව)

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<