ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති

628

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, ඊයේ (7) පැවැත්වූ තරගයෙන් ලකුණු 33ක ජයක් ලබා ගැනීමට Sylhet Sixers කණ්ඩායමට හැකි විය.

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත..

ශීලාත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ රාජ්ශාහි කිංග්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙක් නියෝජනය කරනු ලබන Sylhet Sixers කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

Sylhet Sixers වෙනුවෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ ශ්‍රී ලංකා විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම් නායක උපුල් තරංග හා දකුණත් පිතිකරු ඇන්ඩෘ ෆ්ලෙචර් පන්දුවාර 10යි පන්දු 3ක් තුළ ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැංවූ අතර, තරංග මෙම තරගාවලිය තුළ පිට පිටම ලබාගත් තුන්වන අර්ධ ශතකයට හිමිකම් කීය. පන්දු 37ක් තුල ලකුණු 50ක් රැස්කර ගත් තරංගගේ ඉනිමට 4 පහර 5ක් හා එක් 6 පහරක් ඇතුළත් විය.

Sylhet Sixers කණ්ඩායමේ මැදපෙළ තවදුරටත් සවිමත් කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලක දැවැන්ත 6 පහර ත්‍රිත්වයක් හා 4 පහර 2ක් සමඟින් ලකුණු 42ක් රැස්කර ගත්තේ පන්දු 22ක් පමණක් වැය කරමිනි. අවසානයේ Sylhet Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 205ක් රැස්කර ගන්නා ලදි.

විහාන් හා මදනායක අර්ධ ශතක අතරට

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත්..

පිළිතුරු ඉනිම දියත් කළ රාජ්ශාහී කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලූක් රයිට් හා ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 35ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට වෑයම් කළත්, ලියම් ප්ලන්ක්ට් හා අබුල් හසන් කඩුලු 3 බැගින් දවා ගනිමින් Sylhet Sixers කණ්ඩායමට මෙම තරගාවලියේ තෙවන ජයග්‍රහණයත් උරුමකර දෙන ලදි.

තවද මෙම තරගාවලිය තුල තරංග, තරග 3කට පමණක් සහභාගි වී පන්දු 125ක් තුල ලකුණු 170ක් ලබාගෙන ඇත්තේ 4 පහර 15ක් හා දැවැන්ත 6 පහර 5ක් සිය ඉනිමට අන්තර්ගත කරමිනි.

තරගයේ වීරයා ලෙස ධනුෂ්ක ගුණතිලක සම්මාන දිනා ගන්නා ලදි.

Sylhet Sixers – 205/6 (20): උපුල් තරංග 50, ඇන්ඩෘ ෆ්ලෙචර් 48, ධනුෂ්ක ගුණතිලක 42, රොස් වයිට්ලි 25, කෙස්රික් විලියම්ස් 2/39.

රාජ්ශාහී කිංග්ස් – 172/8 (20): ලූක්  රයිට් 56, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 35, මොමිනුල් හක් 24, අබුල් හසන් 3/22, ලියම් ප්ලන්ක්ට් 3/29.

තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සිටින Sylhet Sixers කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය අද (8) මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමඟින් මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<