ප්‍රබල පාකිස්තානයට නොසිතූ අභියෝගයක්

246

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තානය ලකුණු 159ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වීමට කේ. සිල්වා හා චන්දන දේශප්‍රිය සමත් විය.

සිල්වාගේ ශතකයත් සමඟ ශ්‍රී ලංකාව අවසන් හතරට

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී පකිස්තානු කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය වෙනුවෙන් මැදපෙළ පිතිකරු සනඋල්හා ඔවුන්ගේ ඉනිමේ පදනම සකසාලමින් පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 93ක් රැස්කර ගත්තේ 4 පහර 12ක් හා 6 පහර 2ක් සමඟිනි. ඔහුට සහය වූ දකුණතින් පිත්ත හසුරුවන B2 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වන නිසාර් ලකුණු 147/4ක් ලෙස සටහන්ව තිබූ පාකිස්තානු ඉනිම ලකුණු 308ක් දක්වා රැගනෙ යමින් සනඋල්හා හා එක්ව හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. මොශින් ලකුණු 53යි. අවසානයේ ප්‍රබල පාකිස්තානුවන් සිය නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 476ක් ලබා ගත්තේය.

ලකුණු 477ක ප්‍රබල ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මුල්පෙළ පිතිකරු කේ. සිල්වා හා දකුණතින් පිත්ත හසුරුවන B2 (මැදි දෘශ්‍ය) ක්‍රීඩක රුවන් වසන්ත පිළිවෙළින් ලකුණු 132ක් හා ලකුණු 44ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරන ලදි. පළමු පන්දුවාර 3 තුළ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේය.

”ආදරණීය මැතිව්ස් වෙත ලියා දන්වන වග නම්…”

ආදරණීය මැතිව්ස්, පළමුවෙන්ම ඔබගේ නායකත්වයේ දෙවන ඉනිමට සුබ පතන්නට..

නමුත් සිල්වා හා රුවන් දෙපළ දෙවන කඩුල්ල සඳහා ලකුණු 106ක සවිමත් සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ මට්ටමකට ගෙන එන ලදි. නායක චන්දන දේශප්‍රිය ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කරමින් පන්දු 48ක් තුළ වේගවත් ලකුණු 78*ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරු පිටියේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට වෑයම් කළත් එය සාර්ථක කර ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුනි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 317ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තානු කණ්ඩායම මීට පෙර අවස්ථාවන්වල දී ශ්‍රී ලංකාව හා තරග වැදී ඇති අතර එම තරගවලට වඩා මෙවර හොඳ අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පාකිස්තානය – 476/9 (40): සනඋල්හා 93, නිසාර් 81, මෝශින් 53.

ශ්‍රී ලංකාව – 317/5 (40): කේ. සිල්වා 132, චන්දන දේශප්‍රිය 78*, රුවන් වසන්ත 44, නිසාර් 2/78.

තරගයේ වීරයා – සනඋල්හා
තරගයේ වටිනාම ක්‍රීඩකයා – කේ. සිල්වා

මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (17) ආරම්භ වන අතර එහි දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය යළිත් මුහුණට මුහුණ හමුවනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<