තෙවැනි වරටත් විස්ඩන් පුරෝගාමී ක්‍රිකට් ක්‍රීඩකයා

225
Ben Stokes named Wisden leading cricketer

සිව් වසරක් තුළ තෙවැනි වතාවටත් විස්ඩන් පුරෝගාමී ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක Ben Stokes (බෙන් ස්ටෝක්ස්) සමත්ව තිබෙනවා.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තුළ නායකත්ව පෙරළියක් ඇති කිරීම තුළින් ක්‍රීඩා රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව වැදගත් ඉනිමක් ක්‍රීඩා කිරීම ඔහුගේ මෑතකාලීන ප්‍රබලත්වය සනිටුහන් කළා.

ඔහුගේ කණ්ඩායම් සගයන් වන Ben Foakes (බෙන් ෆෝක්‍ස්) සහ Matthew Potts (මැතිව් පොට්ස්) ද මේ වසරේ විස්ඩන් ක්‍රීඩකයන් පස්දෙනා අතර සිටිනවා. එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ Daryl Mitchell (ඩැරිල් මිචෙල්) සහ Tom Blundell (ටොම් බ්ලන්ඩල්) ද, ඉන්දියානු කාන්තා ක්‍රිකට් නායිකා Harmanpreet Kaur (හර්මන්ප්‍රීත් කෞර්) ද ඊට ඇතුළත් වනවා.

බෙන් ස්ටෝක්ස් නායකත්වයට පත්වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 17න් ජයගෙන තිබුණේ එක් තරගයක් පමණයි. ස්ටෝක්ස්ගේ නායකත්වය යටතේ සහභාගී වූ ටෙස්ට් තරග 12න් 10ක් ඔවුන් මේ වන විට ජයගෙන තිබෙනවා. ඒ Baz-ball නම් ශෛලිය ලොවට හඳුන්වා දෙමින්.

2020 සහ ’21 වසරවල දී ද විස්ඩන් පුරෝගාමී ක්‍රිකට් ක්‍රීඩකයා වුනේ ස්ටෝක්ස්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<