මැංගුස් හටනේ විසඳුමට කාලගුණය හරස් වේ; වීරයා යොහාන්

280

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවති මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (10) මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමා විය. මෙය මැංගුස් හටන් ඉතිහාසයේ ජයග්‍රහණයකින් තොරව නිමා වූ 31ක් වැනි තරගයයි.

මැංගුස් හටනේ පළමු දිනයට කාලගුණය හරස් වේ

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට්…

පළමුවෙන් පන්දුවට පහර දුන් තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 212ට පිළිතුරු ලෙසින් කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 193ක් පමණි.  අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙර දිනයේ තරගය නතර කරන විට කළුතර විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 20ක් ලබා සිටි අතර අද ඔවුන් ලකුණු 173ක් එම ඉනිමට එක් කළහ.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හිරුණ මධුශාන් ය. ඔහු ලකුණු 48ක් ලබා ගත්තේ ය. හිරුණ තම ඉනිම පන්දු 65ක දී ගොඩ නැගූ අතර හතරේ පහර 7ක් සහ හයේ පහරක් එම ඉනිමට එක් කිරීමට සමත් විය. කණ්ඩායම වෙනුවෙන් දැඩි වෙහෙසක් දරමින් රැස් කරන ලද එකී ලකුණු ප්‍රමාණය වෙනුවෙන් තරගයේ දක්ෂතම පිතිකරු සම්මානයේ පිදුම් ලැබීමට හිරුණ සමත් විය.

පළමු දිනයේ දී ලකුණු 16ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි විශාර ප්‍රනාන්දුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 37ක් පමණි. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6කින් සහ හයේ පහරකින් තම ඉනිම අලංකාර කළේය.

මීට අමතරව කවිඳු ජයවර්ධන පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද, දුනිත් ජයතුංග පන්දු 56ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තේය. පසුපෙළින් පිටියට පිවිසි ප්‍රබෝද් ජයවික්‍රම පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යැවූ රෙහාන් සිල්වා ලකුණු 70කට කඩුලු 6ක් දවා ගනිමින් සුවිශේෂි පන්දු යැවීමක නිරත විය. කළුතර විද්‍යාලයීය පළමු ඉනිම නිමාවේ දී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ 24.4- 4-70-6ක් ලෙසිනි. රෙහාන්ගේ මෙම දක්ෂතා තරගයේ හොඳම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබීමට හේතු විය.

ඔහුට අමතරව දකුණතින් දඟපන්දු යැවූ සතින් නිමේෂ් ලකුණු 57කට කඩුලු 4ක් දවා ගත්තේය.

රාජකීයයේ පසිඳු රාජකීය පිතිකරණයක

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 139 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සංග්‍රාමයේ…

ලකුණු 19ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දුවාර 31ක් අවසානයේ තම ඉනිම අත්හිට වූයේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 108ක්ව තිබිය දී ය. මේ ලකුණු ප්‍රමාණය ගොඩ නැගීමේ දී නැවත වරක් පිත්තෙන් දක්ෂතා දැක්වීමට නායක යොහාන් රවිශ්ක සමත් විය. ඔහු මෙම ඉනිමේ දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය.

පළමු ඉනිමේ දී සේ ම දෙවැනි ඉනිමේ දී පිතිකරුවෙක් ලෙසින් දැක්වූ දක්ෂතා හේතුවෙන් 60 වැනි මැංගුස් හටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ වීරයා සම්මානයෙන් ද අභිශේක ලැබීමට යොහාන් සමත් විය.

ඊට අමතර ව නිලුපුල් දර්ශන පන්දු 88ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගනිමින් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන කවිඳු ජයවික්‍රම ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔහු තරගයේ දී ලකුණු 87කට කඩුලු 5ක් දවා ගත්තේය.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණේ කළුතර විද්‍යාලයේ නිම්හාන සිල්වා ය.

මැංගුස් හටන මාර්තු 9 -10 සරේ ගම්මානයේ දී

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 09 සහ…

අයහපත් ආලෝක තත්ත්වයත් තරගය නතර කිරීමට වූ සීමිත පන්දුවාර ප්‍රමාණයත් සැලකිල්ලට ගනිමින් කළුතර විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 128ක ඉලක්කයක් ලබා දුන් තිස්ස විද්‍යාලය තරගයේ විසඳුම අවදානමක් කර ගත්තේය. තීරණය තරගය උණුසුම් කිරීමක් වූවද ඉනිම අත්හිටවූ අවස්ථාවේ සිට පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් සරේ ගම්මානයම වසා පැතිර යද්දී තවත් නොවිසඳුණ තරගයක් ලෙසින් 60 වැනි මැංගුස් හටන සවස 4.50 වන විට නතර කිරීමට පිටියේ විනිසුරුවන් තීරණය කළහ.

මැංගුස් හටනේ වාර්ෂික සීමිත පන්දුවාර තරගය හෙට (11) පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.

තිස්ස මධ්‍ය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (58.2) යොහාන් රවිශ්ක 67, නිතිර තෙනුර 49, නිලුපුල් දර්ශන 23, රවිඳු ද සිල්වා 22, ප්‍රබෝද් වනිගසිංහ 3/67, අවිශ්ක ලක්ෂාන් 2/11, දීලක අරුනෝද්‍ය 2/22, කවිඳු ජයවික්‍රම 2/61

කළුතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (60.4) විශාර ප්‍රනාන්දු 37, හිරුණ මධුශාන් 48, කවිඳු ජයවර්ධන 28, දුනිත් ජයතුංග 25, ප්‍රබෝද ජයවික්‍රම 21, රෙහාන් සිල්වා 6/70, සතින් නිමේෂ් 4/57

තිස්ස මධ්‍ය විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 108 (31.0) යොහාන් රවිශ්ක 37, නිලුපුල් දර්ශන 41, කවිඳු ජයවික්‍රම 3/26,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<