මොරටුව කැලඹූ විශ්ව හා සවිඳු වේල්ස් කුමරුවන් අවසන් හතරට රැගෙන යයි

1691

ක්‍රමක්‍රමයෙන් අවසන් වන 2017/18 සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (23) පැවැත්වූ අතර එහි දී ආනන්ද විද්‍යාලය පරාජය කළ වේල්ස් කුමර විද්‍යාලයත්, කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කළ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයත් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය. එහි දී වේල්ස් කුමර විද්‍යාලයේ විශ්ව හා නායක සවිඳුගේ දස්කම් දෙස කාගේත් අවධානය යොමු විය.

රාජකීය ක්‍රීඩකයින්ගේ පළමු පෙළ සිහිනය බොඳවී යයි

පාසල් මහා ක්‍රිකට් උන්මාදය ක්‍රමයෙන් නිමා වෙමින් පැවතිය ද අදත් (20) පළමුපෙළ හා දෙවනපෙළ පාසල් ක්‍රිකට් අවසන් වටයේ තරග කිහිපයක් ක්‍රියාත්මක විය….

දෙදින සුපිරි 8 වටය

ආනන්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී නිමා වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාල නායක අශෙල් සිගේරා පළමුව පන්දුවට පහර දීමට ආනන්ද විද්‍යාලයට අවස්ථාව ලබා දෙන ලදි.

නමුත් කාසියේ වාසියෙන් ලබාගත් වාසිය පිතිකරණයෙන් ලබා ගැනීමට ආනන්ද විද්‍යාල පිතිකරුවන් අපොහොසත් වූයේ නායක සවිඳු පිරිස් ඇතුළු වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙනි. එහි ප්‍රතිඵලය ලෙස ආනන්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 96කට සීමා විය. පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවාලු සවිඳු මේ තරගාවලිය තුළ දවාලු කඩුලු ප්‍රමාණය කඩුලු 100 ඉක්මවා ගියේය.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ කමේෂ් නිර්මාල් විසිනි. ඔහු ලකුණු 27කට දැවී ගියේය.

පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ වේල්ස් කුමර විද්‍යාලයේ ආරම්භක වමත් පිතිකරුවන් වන විශ්ව චතුරංග හා සඳුන් ප්‍රනාන්දු පන්දුවාර 15ක් තුළ ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැගුවේ සීමිත පන්දුවාර තරගයක ලකුණු රැස් කරන විලාසයෙනි. 4 පහර 17ක් හා 6 පහර 3ක් සමඟ ලකුණු 133ක් ලබාගෙන සුපිරි ශතකයක් ලබාගත් විශ්ව වේල්ස් කුමර විද්‍යාලයේ ජයග්‍රහණයේ නියමුවාණන් බවට පත්විය. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 141ක් පමණි.

අවසානයේ තරග තීරක පිටියේ විනිසුරුවරුන් හා කණ්ඩායම් දෙකේ නායකත්වයේ එකඟතාව පරිදි දෙදින තරගයක් වූ මේ තරගය පළමු දිනයේ දී ම අවසන් කරන ලදි. ඒ අනුව මේ තරගයේ පළමු ඉනිමේ ජය ලබාගත් වේල්ස් කුමර විද්‍යාලය දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මුණගැසෙනු ඇත.

එසේම සාන්ත ජෝසප් විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන එහි අනෙක් අවසන් පූර්ව තරගය ලබන 27 හා 28 මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පැවැත්වෙනු ඇත.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 96 (29): කමේෂ් නිර්මාල් 27, ලහිරු හිරන්‍ය 23, සවිඳු පිරිස් 3/15, අවිඳු ප්‍රනාන්දු 2/13, කවුමාල් නානායක්කාර 2/23.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 330/8 (64): විශ්ව චතුරංග 133, සවිඳු පිරිස් 60, සනෝජ් දර්ශික 32, සුහත් මෙන්ඩිස් 28, සඳුන් ප්‍රනාන්දු 27, ගිෂාන් විශ්වජිත් 4/91, අශෙල් සිගේර 3/108.

තරග ප්‍රතිඵලය – පළමු ඉනිමේ ජය ලබාගත් වේල්ස් කුමර විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.

මනෝහරන්ගෙන් විශිෂ්ට ශතකයක්; ප්‍රථම ඉනිමේ ජය සිල්වෙස්තරයින්ට

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “60 වන සුරතලුන්ගේ සංග්‍රාමය” ජය පරාජයෙන් තොරව…….


සීමිත පන්දුවාර දෙවන පෙළ සුපිරි 16 තරග වටය

රාජකීය විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල

කාසියේ වාසිය දිනාගත් සත්කාරක රාජකීය විද්‍යාලයේ කඩුලු සියල්ලම ඔවුන්ගේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරාතුව දවා ගැනීමට නායක රන්ධිර රණසිංහ ඇතුළු සාන්ත ආනා විද්‍යාල කණ්ඩායම සමත් විය. රාජකීය විද්‍යාලය ලකුණු 84ක් වැනි මට්ටමකට රැගෙන ගිය තුන් ඉරියව් මැදපෙළ ක්‍රීඩක කමිල් මිශාර ලකුණු 27ක් ලබා ගත්තේය.

ලකුණු 85ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක සාන්ත ආනා විද්‍යාලය කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ ය. එහි දී ධනංජය බණ්ඩාර ලකුණු 35ක් ලබාගෙන සිය විද්‍යාල ලකුණු පුවරුව සවිමත් කළේය. සුපිරි 16 තරග වටය යටතේ පැවති සීමිත පන්දුවාර තරගයක් වන මේ තරගයත් රාජකීය විද්‍යාලය පරාජය වීම නිසා ලබන වසර තුළ ඔවුන්ට සීමිත පන්දුවාර තරග අංශයෙන් පළමු පෙළ කාණ්ඩයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවත් අද අහිමි වී ගියේය. පසුගිය දා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ රාජකීය විද්‍යාලය පරාජය වීම නිසා 2017/18 දෙදින ක්‍රිකට් තරගාවලියෙන්  ද ඉවතට යාමට ඔවුන්ට සිදු විය.

රාජකීය විද්‍යාලය – 84 (34): කමිල් මිශාර 27, රන්ධිර රණසිංහ 3/14, පසිඳු තෙන්නකෝන් 2/03.

සාන්ත ආනා විද්‍යාලය – 85/2 (21.1): ධනංජය බණ්ඩාර 35.

තරග ප්‍රතිඵලය – සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 8ක දැවැන්ත ජයක්

හෙට (24) සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 44 වන එක්දින පාසල් මහා ක්‍රිකට් තරගය ඩයලොග් TV චැනල් අංක 1, MyTV හරහා මෙන්ම ThePapare.com හරහා සජීව ලෙස නැරඹීමට හැකි අතර, මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර 12 වන වරටත් පැවැත්වෙන එක්දින තරගය ද ThePapare.com හරහා සජීව ලෙස විකාශනය කිරීමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<