මාස් කාන්තාවන් බැබළෙද්දී යුධ හමුදා සෙබළුන්ගෙන් බර අවි ප්‍රහාර

509

බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික බොක්සිං වළල්ලේ දොරගුළු විවර කරන අන්තර්මධ්‍යම බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (01) පැවැත්වුණේ කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදී යි. මෙහිදී මාස් ලීනියා බොක්සිං සමාජයේ කාන්තා ක්‍රීඩිකාවන් කාන්තා අංශයේ වැඩි ගෞරව තමන් සතුකරගත් අතර යුධ හමුදා ක්‍රීඩා සමාජය පිරිමි අංශයේ රන් පදක්කම් 6ක් තමන් සතුකර ගත්තේය.

කාන්තා, කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරිය – කව්මිණි ගමගේ (මාස් ලීනියා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්. ඉලංගරත්න (පොලිස් ක්‍රීඩා සමාජය)

තරගයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ කව්මිණි මෙසේ කීවාය.

“සතුටුයි. ඊළඟ තරගාවලියටත් හොඳින් පුහුණු වෙනවා. උදව් කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ජාතික තරගාවලියේදී ජයග්‍රහණ ලැබීම තමයි බලාපොරොත්තුව.”

කාන්තා, කි.ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරිය – එස්. ප්‍රනාන්දු (මාස් තුරුලිය ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ඒ. රණසිංහ (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බරපන්තිය

  • ශූරිය – අයි. කෞශල්‍යා (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – අයි. දසුනිකා (හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – වී. කුමාරි (මාස් ලීනියා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ආර්. මෙන්ඩිස් (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

  • ශූරිය – එම්. මධුවන්ති (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ඩී. ප්‍රියදර්ශනී (පොලිස් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – ජී. බටුවිට (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ඩී. සිල්වා (මාස් ලීනියා ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – කේ. ජයසුන්දර (මාස් ලීනියා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්.චේතනා (මාස් තුරුලිය ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 75 ලයිට් මිඩ්ල් වෙයිට් බරපන්තිය

  • ශූරිය – එන්. කළුආරච්චි (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්. පෙරේරා (කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය)

කාන්තා, කි.ග්‍රෑ. 81ට වැඩි සුපර් හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරිය – එච්. ජයදේව (මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – පී. ජයසිංහ (පොලිස් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරයා – පී. බණ්ඩාර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එන්. කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරයා – වී. රූපසිංහ (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එම්. පුෂ්පකුමාර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

  • ශූරයා – සී. ප්‍රේමවංශ (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ඩබ්ලිව්. සුගත් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

  • ශූරයා – බී. ජයම්පති (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එස්. කුමාර (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරයා – ආර්. ප්‍රියදර්ශන (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එල්. චන්ද්‍රබණ්ඩාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරයා – සී. මධුශංක (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – වී. නිකලස් (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

  • ශූරයා – ආර්. ප්‍රේමකුමාර (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ඩී. සම්පත් (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – එන්.බණ්ඩාර (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එම්. සම්පත් (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – ආර්. සඳකැලුම් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – පී. වාරියප්පෙරුම (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 91ට වැඩි සුපර් හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – එම්. මීගස්තැන්න (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – කේ. ජයසේන (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩකයා – පී. බණ්ඩාර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම ක්‍රීඩිකාව – කව්මිණි ගමගේ (මාස් ලීනියා ක්‍රීඩා සමාජය)
යුධ හමුදා බොක්සිං පුහුණුකරු සම්පත් ජයතිලක මහතා (දකුණේ)
යුධ හමුදා බොක්සිං පුහුණුකරු සම්පත් ජයතිලක මහතා (දකුණේ)

ඊයේ අවසන් වූ බොක්සිං තරගාවලිය ආධුනික තරගාවලියක් වූවත් යුධ හමුදා ක්‍රීඩකයන්ගේ දස්කම් මැද මුළු තරගාවලියම එළිය වූ බව කිවහැකිය. එහි පුරෝගාමියා වූ යුධ හමුදා පුහුණුකරු සම්පත් ජයතිලක මහතා මෙසේ ThePapare.com හමුවේ සිය අදහස් දැක්විය.

“අපේ ජයග්‍රහණය ගැන මට හුඟක්ම සතුටුයි. ක්‍රීඩකයෝ අවුරුදු කිහිපයක් පමණක් බොක්සිං ක්‍රීඩා කරන අය. ඒත් අධිෂ්ඨානයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඔවුන් ලොකු දස්කම් වලට ගියා. මේ වගේ ක්‍රීඩකයෝ ටිකක් ඉද්දී යුධ හමුදාවේ බොක්සිං අනාගතය නම් පැහැදිලියි කියලා කියන්න පුළුවන්.”

මෙම තරගාවලියේ ශූරියන් සහ ශූරයන් එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ලේටන් කුසලාන ජාතික බොක්සිං තරගාවලියට පියමනින්නේ ජාතික ක්‍රීඩකයන්ද සමඟිනි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට