බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වුණ දෙවැනි තෙදින තරගය ද ඊයේ (08) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.
තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලද ලකුණු 302ට පිළිතුරු සපයමින් සිටි බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 231ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔවුන් ඊයේ දිනයේ දී සිය පළමු ඉනිම ලකුණු 328ක් කරා රැගෙන යමින් පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගැනීමට සමත් වුනා.
මෙහි දී බංග්ලාදේශ මැද පෙළ ශක්තිමත් කළ Md Rakibul Hossan විසින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ රසිත් නිම්සර කඩුලු 4ක් දවා ගන්නා අතරේ නායක කිත්ම විතානපතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 24ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් කඩුලු 5ක් දැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
මේ වෙනුවෙන් කිත්මගේ පිත්තෙන් ලකුණු 32ක් ඉනිමට එක් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිම – 286/7 (80) රෙහාන් පීරිස් 139, රජිත් නවෝද්‍ය 48, සෙනුජ වකුණුගොඩ 30, Md Abdur Rahim 5/53, Ahsanul Haque Mahim 3/47
- බංග්ලාදේශ පළමු ඉනිම – 231/5 (62.5) Adrito Ghosh 87, Md Ridoy Hossain 55, Md Rakibul Hossan 46, රසිත් නිම්සර 4/64 කිත්ම විතානපතිරණ 3/51
- ශ්‍රී ලංකා දෙවන ඉනිම – 110/5 (35.2) කිත්ම විතානපතිරණ 32, රෙහාන් පීරිස් 25, All Rafi 2/24
තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුනා.
මේ අනුව දෙරට අතර පැවැත්වුණු තෙදින ක්‍රිකට් තරගාවලියේ තරග ද්විත්වය ම විසඳුමින් තොරව නිමාව දුටුවා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<