Home Sinhala ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් අභියස

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් අභියස

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

184

වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස්ගේ දඟ කැවෙන දඟපන්දු හමුවේ කඩුලු ආරක්ෂා කර ගැනීමේ දැඩි සටනක නිරත වී සිටින බංග්ලාදේශය දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය (2) අවසානයේ දී සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටිනවා.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දිවා ආහාරයෙන් පසුව මිනිත්තු 15ක් පමණ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සුරංග ලක්මාල්ගේ කඩුල්ල දැවී යාමත් සමඟින් සිය දෙවැනි ඉනිම ද අත්හිටු වීමට තීරණය කළා. 

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබාගෙන පළමු ඉනිමේ ලද ලකුණු 242ක වාසිය ද සමඟින් බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වුණු නායක දිමුත් කරුණාරත්න අද (02) උදෑසන සිය 26 වැනි අර්ධ ශතකය රැස් කර ගත් අතර ඔහු මේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් කරගනිමින් පන්දු 78ක දී ලකුණු 66ක් ලබා ගත්තා. 

ඒ අනුව දිමුත් මෙවර තරගාවලිය තුල ලකුණු 428ක් ලබා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තරගාවලියක් තුල ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට සමත් වුනා. ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු Shoriful Islam  වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි Yasir Aliගේ දක්ෂ උඩ පන්දු රැකීම නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යාමට දිමුත්ට අවස්ථාවක් තිබ්බා.

ධනංජය ද සිල්වා සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ දිමුත් ලකුණු 73ක සබඳතාවයක් ගොඩනංවමින් සිටිය දී අතිරේක පන්දු යවන්නකු ලෙසින් පැමිණි Saif Hassanගේ මංගල කඩුල්ල වශයෙන් දිමුත් පිටියෙන් ඉවත් වුනා. 

ධනංජය ද සිල්වා 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 41කට දැවී යන විට Taijul Islam දෙවැනි වතාවටත් සිය මව්බිමෙන් පිටත දී කඩුලු 5ක් දවා ගත්තා. ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර Taijul Islam රැක ගැනීම නිසාවෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 24කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 24යි.

Taskin Ahmedගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර Taijul Islam රැක ගැනීම නිසාවෙන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 24කට දැවී ගියා.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24ක් ලබා සිටි Tamim Iqbalගේ ප්‍රබල කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුනා. Tamim මැද ඉන්නේ පතිත වුණු පන්දුවට පිත්ත හුවා දැක්වුවද අදහා ගත නොහැකි ලෙසින් තියුණුව දඟ කැවුණු පන්දුව ඔහුගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ලගේ දෑත් ආවරණ අතර සිරවුණා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ලකුණු අතරට පැමිණීමට දැඩි අරගලයක නිරතව සිටින Saif Hassan දුර්වල පන්දු දුටු විට හිදැස් අතරින් හතරේ පන්දුව ගලා යෑමට සලස්වමින් ලකුණු 34ක් ලබා ගත්තා. මෙතෙක් තරගාවලියේ ඔහු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව එය වුනා.

තේ පානයට පන්දුවාර 3ක් ඉතිරිව තිබිය දී Najmul Hossain Shanto දැවී ගියේ ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි. Shanto එහි දී ඉදිරි පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කළ ද පන්දුවේ තිබූ තියුණු දඟ කැවීම නිසා පිත්තත් පාදයත් අතරින් ගොස් කඩුල්ලේ වැදුණේ Shanto මවිත කරමිනි

බංග්ලාදේශ මැදපෙළ සවියක් කළ Mushfiqur Rahim 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 40ක් ලබා ගත් අතර නායක Mominul Haque ලකුණු 32කට දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ රමේෂ් මෙන්ඩිස් විසින් වන අතර පළමු ඉනිමේ දී ද Mominul Haqueගේ කඩුල්ල දවා ගත්තේ රමේෂ් වීම කැපී පෙනුණා.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය හෙට (3) පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න Th’Papare.com සමඟින්.

Result


Sri Lanka
493/7 (159.2) & 194/9 (42.2)

Bangladesh
251/10 (51) & 227/10 (71)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Liton Das b Shaiful Islam 118 190 15 0 62.11
Lahiru Thirimanne c Liton Das b Taskin Ahamed 140 253 15 0 55.34
Oshada Fernando c Liton Das b Mehidy Hasan Miraz 81 221 8 0 36.65
Angelo Mathews c Liton Das b Taskin Ahamed 5 15 1 0 33.33
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Taijul Islam 2 9 0 0 22.22
Pathum Nissanka b Taskin Ahamed 30 84 3 0 35.71
Niroshan Dickwella not out 77 72 8 1 106.94
Ramesh Mendis c Mushfiqur Rahim b Taskin Ahamed 33 68 2 0 48.53


Extras 7 (b 3 , lb 2 , nb 1, w 1, pen 0)
Total 493/7 (159.2 Overs, RR: 3.09)
Fall of Wickets 1-209 (63.1) Dimuth Karunarathne, 2-313 (104.1) Lahiru Thirimanne, 3-319 (108.1) Angelo Mathews, 4-328 (111.5) Dhananjaya de Silva, 5-382 (135.4) Pathum Nissanka, 6-382 (136.2) Oshada Fernando,

Bowling O M R W Econ
Abu Jayed 22 4 69 0 3.14
Taskin Ahamed 34.2 7 127 4 3.71
Mehidy Hasan Miraz 36 7 118 1 3.28
Shaiful Islam 29 6 91 1 3.14
Taijul Islam 38 7 83 1 2.18
Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Lahiru Thirimanne b 92 15 12 0 613.33
Saif Hassan c Dhananjaya de Silva b 25 62 4 1 40.32
Najmul Hossain Shanto c Lahiru Thirimanne b Ramesh Mendis 0 4 0 0 0.00
Mominul Haque lbw b Ramesh Mendis 49 104 7 0 47.12
Mushfiqur Rahim lbw b 40 62 7 0 64.52
Liton Das c Lahiru Thirimanne b 8 11 2 0 72.73
Mehidy Hasan Miraz lbw b Suranga Lakmal 16 33 1 0 48.48
Taijul Islam hit-wicket b 9 50 1 0 18.00
Taskin Ahamed lbw b 0 11 0 0 0.00
Shaiful Islam b Suranga Lakmal 0 8 0 0 0.00
Abu Jayed not out 0 4 0 0 0.00


Extras 12 (b 2 , lb 9 , nb 1, w 0, pen 0)
Total 251/10 (51 Overs, RR: 4.92)
Fall of Wickets 1-98 (25.4) Saif Hassan, 2-151 (43.2) Tamim Iqbal,

Bowling O M R W Econ
Suranga Lakmal 10 0 30 2 3.00
Vishwa Fernando 7 1 19 0 2.71
Angelo Mathews 2 0 7 0 3.50
Ramesh Mendis 31 7 86 2 2.77
Dhananjaya de Silva 1 0 6 0 6.00
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 2 6 0 0 33.33
Dimuth Karunarathne c Tamim Iqbal b Saif Hassan 66 78 7 1 84.62
Oshada Fernando st Liton Das b Taijul Islam 1 5 0 0 20.00
Angelo Mathews c Saif Hassan b Taijul Islam 12 35 0 1 34.29
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 41 52 4 1 78.85
Pathum Nissanka c Shaiful Islam b Taijul Islam 24 31 2 0 77.42
Niroshan Dickwella c Taijul Islam b Taskin Ahamed 24 25 2 0 96.00
Ramesh Mendis c Tamim Iqbal b Taijul Islam 8 12 1 1 66.67
Suranga Lakmal b Taijul Islam 12 6 0 0 200.00
Praveen Jayawickrama not out 3 5 0 0 60.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 194/9 (42.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Mehidy Hasan Miraz 14 3 66 2 4.71
Shaiful Islam 1 0 8 0 8.00
Taijul Islam 19.2 2 72 5 3.75
Taskin Ahamed 4 0 26 1 6.50
Saif Hassan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Niroshan Dickwella b Ramesh Mendis 24 26 3 1 92.31
Saif Hassan c Suranga Lakmal b Praveen Jayawickrama 34 46 5 1 73.91
Najmul Hossain Shanto b Praveen Jayawickrama 26 44 4 0 59.09
Mominul Haque b Ramesh Mendis 32 48 4 0 66.67
Mushfiqur Rahim c Dhananjaya de Silva b Ramesh Mendis 40 63 5 0 63.49
Liton Das lbw b Praveen Jayawickrama 17 46 1 0 36.96
Mehidy Hasan Miraz c Pathum Nissanka b Praveen Jayawickrama 39 89 4 0 43.82
Taijul Islam c Niroshan Dickwella b Dhananjaya de Silva 2 30 0 0 6.67
Taskin Ahamed c Dimuth Karunarathne b Ramesh Mendis 7 33 0 0 21.21
Shaiful Islam not out 0 2 0 0 0.00
Abu Jayed lbw b Praveen Jayawickrama 0 3 0 0 0.00


Extras 6 (b 3 , lb 2 , nb 1, w 0, pen 0)
Total 227/10 (71 Overs, RR: 3.2)
Fall of Wickets 1-31 (7.1) Tamim Iqbal, 2-73 (16.4) Saif Hassan, 3-104 (22.5) Najmul Hossain Shanto, 4-134 (31.6) Mominul Haque, 5-171 (41.4) Mushfiqur Rahim, 6-183 (50.2) Liton Das, 7-206 (61.2) Taijul Islam, 8-227 (69.4) Taskin Ahamed, 9-227 (70.3) Mehidy Hasan Miraz, 10-227 (70.6) Abu Jayed,

Bowling O M R W Econ
Suranga Lakmal 4 2 14 0 3.50
Ramesh Mendis 28 2 103 4 3.68
Praveen Jayawickrama 32 10 86 5 2.69
Dhananjaya de Silva 7 1 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<