ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 91කින් ජය ගැනීමට සමත් විය.
ඒ අනුව තරගාවලිය පහසුවෙන්ම හා ඉක්මනින්ම ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙට (28) දිනයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වෙන දෙවැනි තරගය ජය ගත යුතු වෙනවා. මේ එම තරගයට පෙරවිමසුමක්.
මාලිංග වෙනුවෙන් කුසල් පෙරේරාගෙන් විශිෂ්ට ශතකයක්!
දශක එකහමාරක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දර දිය ඇදි විශිෂ්ටයෙකු වන ලසිත් මාලිංග වෙනුවෙන්…..
මුහුණට මුහුණ
1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 45ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 38ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කර සිටී. ඊට අමතරව තවත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඉපැරණි තරග ඉතිහාසය තුල ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් ලබාගෙන ඇත්තේ 48.24ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු බංග්ලාදේශය සමඟින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
- දිමුත් කරුණාරත්න
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 26ක දී ලකුණු 525ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක 4ක් සමඟින් 25.25ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
එසේම දිමුත් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින තරග 11 තුල ලකුණු 467ක් රැස්කරගෙන ඇත්තේ ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
පළමු තරගයේ දී – ලකුණු 36
- තමිම් ඉක්බාල්

ජාත්‍යන්තර එක්දින තරග 202ක් තුළ ඔහු විසින් ලකුණු 6871ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.80ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 47කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 22ක දී ලකුණු 645ක් ලබාගෙන තිබෙන්නේ 32.64ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් ඇතුලත්ය.
- කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 15ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 41.44ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
පළමු තරගයේ දී – ලකුණු 111
Video – ලහිරු කුමාරට කියලා දුන්නේ මොකක්ද – මාලිංග හෙළි කරයි
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම තරගයෙන් ජාත්‍යන්තර…
- මහමදුල්ලා රියාද්

ඔහු ජාත්‍යන්තර එක්දින තරග 183ක දී ලකුණු 3979ක් ලබාගෙන ඇත්තේ 34.30ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. මහමදුල්ලාගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 21ක් හා ශතක 3ක් ඇතුළත්ව ඇත.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 24ක් ක්‍රීඩා කොට ලකුණු 411ක් ලබාගෙන තිබෙන නිසාවෙනි.
තර්ජනාත්මක පන්දු යවන්නන්
- ලහිරු කුමාර

ඒ අතරින් ඔහුගේ ප්රබලතම අවිය වන්නේ වේගවත් කෙටි බවුන්සර් පන්දුවයි. ලහිරු කුමාර ජාත්‍යන්තර එක්දින තරග 9ක දී කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 7.51ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
පළමු තරගයේ දස්කම් – ලකුණු 45කට එක් කඩුල්ලයි
- ටස්කින් අහමඩ්

ලකුණු 28 කඩුලු 5ක් දවා ගැනීම එක් කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ටස්කින් එක් පන්දුවාරයකට දල වශයෙන් 5.94ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කොට කඩුලු 6ක් දවාගෙන ඇත.
Video – මාලිංග අවසන් එක්දින තරගය උපරිමයෙන් ක්‍රීඩා කළා – Cricketry
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරගය ඊයේ (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය…..
- නුවන් ප්‍රදීප්

ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමේ ලෙස වාර්තා වී ඇත්තේ ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමීමයි. ප්‍රදීප් පළමු තරගයේ දී බංග්ලාදේශ පිතිකරුවන් ඉතාමත් හොඳින් සිය ග්‍රහණයට හසුකර ගැනීමට සමත් විය.
පළමු තරගයේ දස්කම් – ලකුණු 51කට කඩුලු තුනයි
- මුස්ටෆිසුර් රහමාන්

මොහු ජාත්‍යන්තර එක්දින තරග 54ක දී කඩුලු 103ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.93ක් ලෙස දැක්වේ. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.22ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 6/43කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 7ක දී කඩුලු 11ක් රහමාන් විසින් දවාගෙන ඇත.
පළමු තරගයේ දස්කම් – ලකුණු 75කට කඩුලු දෙකයි
ආර්. ප්‍රේමදාස තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට සවස් කාලයේ යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 25-30 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
එසේම මෙම ක්‍රීඩාංගණය පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ ක්‍රීඩාංගණය සැලකිය හැකි අතර පන්දු යවන්නන් අතරින් වේගපන්දු යවන්නට වඩාත් හිතකර වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දසුන් ශානක (දෙවන හා තෙවන එක්දින ක්‍රිකට් තරගයට)
බංග්ලාදේශ එක්දින සංචිතය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා
ඇඹුලා කඩුලු 8ක් ලබා ගනිද්දී පිතිකරුවෝ සැකකාර ඉනිමක
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොලත්…
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, ලහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත.
බංග්ලාදේශය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, සබීර් රහමාන්, මෙහෙදී හසන්, මොසදික් හුසේන්, සෞම්‍ය සර්කාර්, රුබෙල් හුසේන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහමාන්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3873ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4009ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් නම් බංග්ලාදේශය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් මේ තරගය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.
- ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රි)
- ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රි)
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු සහ තවත් බොහෝ දෑ සමඟින් තරගාවලිය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















