බංග්ලාදේශයට නව ඉහළ දස්කම් පුහුණුකරුවෙක්

287
(tobyradfordcricketcoaching)

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ දස්කම් පුහුණුකරු ලෙස ටෝබි රැඩ්ෆෝර්ඩ් පත් කර තිබෙනවා. මීට පෙර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම්වල ඉහළ දස්කම් පුහුණුකරු ලෙස කටයුතු කළේ Simon Helmut.

තහනමට‌ ‌පසුව‌ ‌එන‌ ‌ශකීබ්ට‌ ‌ශ්‍රී‌ ‌ලංකාවේ‌ ‌දොර‌ ‌ඇරෙයි‌ ‌ද?‌ ‌

“අපි ටෝබි රැඩ්ෆෝර්ඩ් අපේ මීළඟ ඉහළ දස්කම් පුහුණුකරු ලෙස පත් කර ගත්තා” බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ දස්කම් සභාපති නයිමුර් රහ්මාන් Cricbuzz වෙත පවසා තිබුණා. 

“රැඩ්ෆෝර්ඩ් වසරකට දවස් 100ක් අපේ කණ්ඩායම් සමඟ කටයුතු කරයි. අපි ඔහුත් එක්ක ගිවිසුම්ගත වුනේ වසරකටයි. ඒ වසරේ ප්‍රගතිය බලලා තමයි අපි ඉදිරියට තීරණ ගන්නේ” රහ්මාන් පවසා සිටියා.

රැඩ්ෆෝර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්. ලොව පුරා ක්‍රිකට් ඇකඩමි රැසකම ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. රැඩ්ෆෝර්ඩ්ගේ පළමු අභියෝගය වන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සූදානම් කිරීමයි. එළඹෙන සැප්තැම්බර් 23 වැනිදා ශ්‍රී ලංකා සංචාරයට පිටත් වන බංග්ලාදේශ කණ්ඩායම සමඟ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ දස්කම් කළමනාකරණ ඒකකයත් පැමිණීමට නියමිතයි.

2018 වසරේ දී ද බංග්ලාදේශයේ ඉහළ දස්කම් කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ වියදම් දැරීමට අකමැති වූ නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමි වුනා.

සර්වාන් CPL තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර ක්‍රිකට් තරග දෙකකින් අනතුරුව ඉහළ දස්කම් කළමනාකරණ ඒකකය යටතේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමඟ සිව්දින තරග දෙකක් හා පන්දුවාර 50 තරග පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<