Bangabandhu කුසලානයේ ක්‍රීඩක වෙන්දේසිය අවසන්

Bangabandhu විස්සයි විස්ස කුසලානය

2776
Bangabandhu T20 Cup

Bangabandhu විස්සයි විස්ස කුසලානයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (12) පැවැත්වුණා. එහි දී Mushfiqur Rahim, Beximco Dhaka කණ්ඩායම විසින් තෝරා ගත් අතර Gemcon Khulna විසින් Shakib Al Hasan තෝරා ගනු ලැබුණා. 

පළමුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හිමි වුණු Beximco Dhaka කණ්ඩායම Shakib වෙනුවට Mushfiqur Rahim තෝරා ගැනීම මේ ක්‍රීඩක වෙන්දේසියේ විශේෂත්වයක් වුනා.      

ශාරීරික සුවතා පරීක්ෂණය සමත් වුණු 157 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන තිබුණා. එහි දී ක්‍රීඩකයින් කාණ්ඩ හතරකට බෙදා තිබුණු අතර A කාණ්ඩයේ ක්‍රීඩකයින්ට බංග්ලාදේශ ටකා ලක්ෂ 15ක වැටුපක් හිමි වීමට නියමිතයි. A කාණ්ඩයට ක්‍රීඩකයින් හතර දෙනෙක් ඇතුළත් වුනා. B, C හා D කාණ්ඩවල ක්‍රීඩකයින්ට පිළිවෙළින් ලක්ෂ 10, ලක්ෂ 6 හා ලක්ෂ 4 බැගින් වැටුප් හිමි වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

Fortune Barishal කණ්ඩායම Tamim Iqbal තමන්ගේ කණ්ඩායමට එකතු කර ගනිද්දී Gazi Group Chattogram වමත් වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman තෝරා ගත්තා. පළමු වටයේ දී සියලුම කණ්ඩායම් A කාණ්ඩයට අයත් ක්‍රීඩකයින් තෝරා ගද්දී Minister Rajshahi කණ්ඩායම B කාණ්ඩයට අයත් තුන් ඉරියව් ක්‍රීඩක Saifuddin තෝරා ගැනීම විශේෂත්වයක් වුනා. Khulna කණ්ඩායම දෙවන වටයේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නායක Mahmudullah ව තෝරා ගත් අතර ඔහු මේ වන විට COVID-19 වැළඳීම නිසා ස්වයං නිරෝධායනයේ සිටිනවා.      

Dhaka කණ්ඩායම Shakib Al hasan තෝරා නොගැනීම බොහෝ දෙනා විමතියට පත් කළා. ඒ BPL තරගාවලියේ දී ඔහු Beximco ම අයිතිය දරන Dhaka Dynamites නියෝජනය කර තිබීමයි. කෙසේ වෙතත් ඔහු පසුගිය තරග වාරයේ දී Dhaka කණ්ඩායම අතහැර Rangpur Riders කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වීම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් බවට පත් වුනා. 

හිටපු බංග්ලාදේශ එක්දින නායක Mashrafe Bin Mortaza ආබාධයක් නිසා ක්‍රීඩක වෙන්දේසියට එක් වී තිබුණේ නැහැ. කෙසේ වෙතත් කණ්ඩායම්වලට වෙන්දේසියෙන් තොරව ක්‍රීඩකයින් ඇතුළත් කරගැනීමේ වරප්‍රසාදයක් ඇති නිසා ඔහුගේ ආබාධය සුව වුවහොත් ඔහුට තරගාවලිය ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව තිබෙනවා.

Gemcon Khulna කණ්ඩායම – Shakib Al Hasan, Mahmudullah Riyad, Imrul Kayes, Hasan Mahmud, Anamul Haque Bijoy, Al Amin Hossain, Shamim Patwary, Ariful Haque, Shafiul Haque, Shuvagata Hom Chowdhury, Shahidul Islam, Rishad Hossain, Zakir Hasan, Nazmul Islam Apu, Salman Hossain හා Jahirul Islam

Fortune Barishal කණ්ඩායම – Tamim Iqbal, Afif Hossain Dhrubo, Taskin Ahmed, Irfan Sukkur, Mehidy Hasan Miraz, Abu Jayed, Towhid Hridoy, Tanvir Islam, Sumon Khan, Saif Hassan, Aminul Islam Biplob, Mahidul Islam Ankon, Parvez Hossain Emon, Kamrul Islam Rabbi, Abu Sayem හා Sohrawardi Shuvo

Gazi Group Chottogram කණ්ඩායම – Mustafizur Rahman, Litton Kumer Das, Mohammad Mithun, Soumya Sarkar, Shoriful Islam, Ziaur Rahman, Taijul Islam, Mosaddek Hossain Saikat, Shamsr Rahman, Nahidul Islam, Shykat Ali, Mominul Haque, Rakibul Hasan, Sanjit Saha, Mahmudul Hasan Joy හා Mehadi Hasan

Minister Rajshahi කණ්ඩායම – Saifuddin, Mahedi Hasan, Nazmul Hossain Shanto, Quazi Nurul Hasan Sohan, Mohammad Ashraful, Farhad Reza, Arafat Sunny, Ebadat Hossain, Fazle Mahmud Rabbi, Rony Talukder, Anisul Emon, Rezaur Rahman, Jaker Ali Anik, Rakibul Hasan, Muqidul Islam Mugdho හා Sunzamul Islam.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<