කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් ලොකු පුටුව බන්දුල දිසානායකට

215

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු වන බන්දුල දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ සභාපති ලෙස තේරිපත්ව තිබෙනවා. 

පසුගිය ඉරිදා (29) Online ක්‍රමයට පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී දිසානායක මහතා ඒකමතික ඡන්දයෙන් මෙම තනතුර සඳහා තේරිපත්ව තිබෙනවා. 

1994 වසරේ පටන් දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ විධායක සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු මීට පෙර සම්මේලනයේ මහලේකම් සහ උප සභාපති තනතුරුවල ද කටයුතු කර තිබෙනවා. 

2021-23 කාලසීමාව දක්වා කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ විධායක සාමාජිකයින් ලෙස තේරීපත් වූ අයවලුන් පහත පරිදි වේ. 

  • උප සභාපතිවරුන්: මොහාන් ද සිල්වා, අරුණ ද සිල්වා, සමන්ත දොඩන්වෙල, නලීන් අපොන්සු 
  • ලේකම්: අශාන් වෙලගෙදර 
  • භාණ්ඩාගාරික: Kuzeema Mansoor
  • සහකාර ලේකම්: උපාලි මනුකුලරත්න 
  • සහකාර භාණ්ඩාගාරික: උදය ඉමල්ෂ
  • තරගාවලි සභාපති: ශම්මි ගුණසේකර
  • තේරීම් සභාපති: මාලන් රණසිංහ
  • කමිටු සාමාජිකයින්: Lucien Merrinage, දුලන්ත සුමතිපාල

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<