19න් පහළ ක්‍රිකට් නායකත්වය ඉසිපතනයට

1177

ඉන්දියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය කොළඹ ඉසිපතන විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක අයන සිරිවර්ධන හට ලබා දී ඇත.

දිමුත් සහ චන්දිමාල් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ජාමෙ බේරා ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (24) නිමා වන විට …

ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඒ අනුව ඔවුන්ට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 09 දෙනෙක් ඉදිරි සංචාරය සඳහා විවේක ගන්වා ඇති අතර එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වෙන අවුරුදු 19න් පහළ ICC ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබා දී ඔවුන් අතරින් ඒ සඳහා හොඳ කණ්ඩායමක් තෝරා ගැනීමේ අරමුණ ඇතිව තේරීම් කමිටුව විසින් එම තීරණය ගෙන ඇත.

ඉදිරි සංචාරය සඳහා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇති අයන සිරිවර්ධන දක්‍ෂ දකුණත් මැදපෙළ පිතිකරුවෙකු සහ පිට දඟපන්දු යවන්නෙකු වන අතර ඔහු පසුගිය වසරේ දී පැවති දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

එළඹෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ‘India Green’, ‘India Blue’ සහ ‘India Red’ යන කණ්ඩායම් සමඟ සීමිත පන්දුවාර තරග 3කට සහභාගී වීමට නියමිත අතර මෙම අභියෝගතා ශූරතාවලිය සඳහා විදේශීය කණ්ඩායමක් සහභාගී වන්නේ ඉතිහාසය තුළ පළමු වරට වීම සුවිශේෂත්වයකි.

තරගාවලිය හෙට (26) ආරම්භ වී දෙසැම්බර් මස 02 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් 4ම එකිනෙකා සමඟ තරග වැදීමෙන් අනතුරුව එහි දී ඉහළම දක්‍ෂතා දක්වන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයටත්, අනෙක් කණ්ඩායම් දෙක 3 වන ස්ථානය සඳහා වන තරගයටත් සුදුසුකම් ලබයි. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ වැන්කඩේ ක්‍රීඩාංගණයේ දී ය.

තරග කාලසටහන

  • Sri Lanka Board President U19 XI vs India Green – නොවැම්බර් මස 26 – BKC ක්‍රීඩාංගණය, මුම්බායි
  • Sri Lanka Board President U19 XI vs India Red – නොවැම්බර් මස 28 – CCI ක්‍රීඩාංගණය, මුම්බායි
  • Sri Lanka Board President U19 XI vs India Blue – නොවැම්බර් මස 29 – BKC ක්‍රීඩාංගණය, මුම්බායි

‘ක්‍රිකට් පිස්සෝ’ සමූහය සයිබර් අවකාශයේ හිතවත්කම් අලුත් කරයි!

සයිබර් අවකාශය පුරා විසිරී පැතිරී සිටින ක්‍රිකට්ලෝලීන් එකට එක්කාසු කොට ගනිමින් පැවැත්වෙන ‘ක්‍රිකට් පිස්සෝ’ ලීග් (CPL) ශූරතාවය මෙවර තෙවැනි වරටත් අති සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට …

ශ්‍රී ලංකා සංචිතය –

  1. අයන සිරිවර්ධන (නායක) – ඉසිපතන විද්‍යාලය
  2. විශ්ව චතුරංග – වේල්ස් කුමාර විද්‍යාලය
  3. ධනංජය ලක්ෂාන් – රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
  4. කමිල් මිෂාර – රාජකීය විද්‍යාලය, කොළඹ
  5. සන්තුෂ් ගුණතිලක – සාන්ත පීතර විද්‍යාලය
  6. නිශාන් මදුෂ්ක – මොරටු මහා විද්‍යාලය
  7. නිපුන් ධනංජය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
  8. නුවනිඳු ප්‍රනාන්දු – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  9. රවිඳු සංජන – සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
  10. හරීන් බුද්ධිල – සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
  11. හේෂාන් හෙට්ටිආරච්චි – මහානාම විද්‍යාලය
  12. රන්දීර් රණසිංහ – සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
  13. නිපුන් මාලිංග – මහින්ද විද්‍යාලය, ගාල්ල
  14. නිපුන් ලක්ෂාන් – තර්ස්ටන් විද්‍යාලය
  15. කලණ පෙරේරා – සාන්ත තෝමස් විද්‍යාලය – ගල්කිස්ස

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<