ස්ටීව් ඔකීෆ් පිත්තෙනුත් දස්කම් දක්වයි

218
Australia v Sri Lanka XI 2nd day

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ අන්තර් ජාතික ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය ඊයේ  (18) පී.සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. එම තරඟයේ දෙවන දිනය අද (19) ක්‍රියාත්මක විය.

ඊයේ දිනයට තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව මෙසේ දැක්විණි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම (පළමු දිනය නිමාවන විට) – 127-1 (32) ඇන්තනී බර්න්ස් 64*, ශෝන් මාෂ් 47, උස්මාන් කවාජා 11* , ශෙහාන් ජයසූරිය 1/23

පසුගිය ලිපි: ස්ටීව්ගේ දඟ කැවීමෙන් ශ්‍රී ලංකා පිත්ත දඟ කැවෙයි

අනතුරුව දිනය ආරම්භ කරමින් තවත් ලකුණු  26ක් ලකුණු පුවරුවට එක්වූ විට දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සිටි ඇන්තනී බර්න්ස් ලකුණු 72කට දැවීගිය අතර ඔහුගේ ඉණිම 4 පහරවල් 6කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය. ලකුණු 166කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු විට පිටියට එක්වූ නායක ස්ටීවන්  ස්මිත් හා චාර්ල්ස් වොගන්ස් 4වන කඩුල්ල සඳහා ලකුණු 88ක දැවැන්ත සබඳතාවයක් පවත්වාගෙන යාමට සමත් විය. ස්මිත් නායකත්වයක ඉණිමක් දියත් කල අතර ඔහුගේ පිත්ත 4 පහරවල් 6ක වගකීම අැතිව ලකුණු 57කට දැවීයන ලදි. වොගන්ස් 5වන කඩුල්ල ලෙස ලකුණු 43කට දැවීගිය අතර ඔහු 4 පහරවල් 2ක් එල්ල කරන ලදි.

අනතුරුව කැන්ගරුවන් ගේ ලකුණු පුවරුව ලකුණු 284කට කඩුලු 6ක් ලෙස සටහන් වන විට තවත් සාර්ථක ආරම්භක සබඳතාවයක් පවත්වාගෙන යමින් 7 වන කඩුල්ල සඳහා ලකුණු 51 ක සබඳතාවයක් එක් කිරීමට මයිකල් නෙවිල් හා ස්ටෙෆාන් ජෝන් ඔකීෆ් සමත් විය. 7 වන කඩුල්ල ලෙස ලකුණු 25කට නෙවිල් දවාලීමට දසුන් ශානක සමත් විය. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 9 දෙනෙකුම භාවිතා කිරීම කැපී පෙනෙන්නට විය.

අනතුරුව පන්දු යවන්නන් ද මනාව පිතිකරුවන් ගේ වගකීම ඉටුකරන බව ක්‍රීඩා ලෝලීන්ට පෙන්වීමට 8 වන කඩුල්ල සඳහා මිචෙල් ස්ටාක් හා ජෝන් ඔකීෆ් ලකුණු 59ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එය ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල ආදර්ශයක් විනි. ස්ටාක් 4 පහරවල් 3ක් හා 6 පහරවල් 3ක් සමඟ අගනා ලකුණු 45ක් ලබාගැනීමට සමත් විය. දිනයේ දැවීගිය අවසන් කඩුල්ල ලබාගැනීමට ශෙහාන් සමත් විය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 416 ලකුණු පුවරුවේ සටහන් කල අවසන්ව තිබියදීය. කෙසේ වෙතත් 10වන කඩුල්ල සඳහාද සාර්ථක නොබිදුනු සබඳතාවයක් පවත්වාගෙන යාමට ඔකීෆ් හා මුන්රෝ බර්ඩ් සමත් විය. එම සබඳතාවය ලකුණු 15* කි. තරගයේ දෙවන දිනය නිමාවන විට පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දක්ෂ ලෙස ක්‍රීඩා කරන  ඔකීෆ් 4 පහරවල් 7ක් සමඟ ලකුණු 62* ලබාගනිමින් පිටියේ රැදී සිටින අතර බර්ඩ් එක් 4 පහරක් සමඟ ලකුණු 9*ක් ලබාගනිමින් සිටියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉණිම (2වන දිනය නිමාවන විට) – 431-9 (122) ඇන්තනී බර්න්ස් 72, ජෝන් ඔකීෆ් 62*, ස්ටීවන් ස්මිත් 57, ශෝන් මාෂ් 47, ශෙහාන් ජයසූරිය 5/109

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා මේවන විට ලකුණු 202 ඉදිරියෙන් සිටියි.

හෙට (20) තරගයේ තෙවන හා අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට