හෙල්ලත් අරන් ඔලිම්පික් යන සුගත්ගේ සැලැස්ම එළියට

215
Athletics Olympic Dividend 2017 & future developments

“ජාතික හෙල්ල විසි කිරීමේ සැණකෙළිය” නම් සිව් අවුරුදු මලල ක්‍රීඩා වැඩසටහනක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (6) කොළඹ දී පැවැත්විය. මෙය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසිනි.

දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට කුමාර් හා සජිනි

එළඹෙන පෙබරවාරි මස 4 වෙනිදා ඉරාකයේ, බැග්ඩෑඩ් අගනුවර දී පැවත්වීමට නියමිත දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් ශන්මුගේෂ්වරන් හ සජිනි වික්‍රමසූරිය එක්වීමට නියමිතයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ වනුයේ 2020 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මීළඟ ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන එම පදක්කම් සිහිනය ජය ගැනීම බව මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.

මීට අමතරව, ශ්‍රී ලංකාව පුරා හෙල්ල විසි කිරීමේ දක්ෂ පුහුණුකරුවන් රාශියක් සිටියත්, ඔවුන් සැඟවී සිටින බවත්, ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගෙන අවශ්‍ය පුහුණුව හා අනෙකුත් පහසුකම් ලබා දීමත් මෙම වැඩසටහනේ තවත් අරමුණක් බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල වාර්තාකරු සමන් කුමාර මහතා ප්‍රකාශ කලේ 2020 වන විට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නිර්මාණය කිරීම මෙහි අවසන් ප්‍රතිඵලය බවයි.

දැනට ශ්‍රී ලංකාව තුල එම ඉසව්වේ පිරිමි අංශයෙන් මීටර 65, 70 සහ 80ට වැඩියෙන් හෙල්ල විසි කරනු ලබන ක්‍රීඩකයන් පිළිවෙලින් හයදෙනෙකු, තුන්දෙනෙකු හා එක් අයෙකු සිටින බවත්, 2020 වන විට එම කාණ්ඩය යටතේ පිළිවෙලින් 40 දෙනෙකු, 15 දෙනෙකු, 5 දෙනෙකු හා මීටර 90 වැඩියෙන් දුර විසි කරන එක් ක්‍රීඩකයෙකු බිහි කිරීම අරමුණ බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම එම ඉසව්වේ කාන්තා අංශයෙන් මීටර 40 වැඩි හා මීටර 50 වැඩි කාණ්ඩ යටතේ ක්‍රීඩිකාවන් තිදෙනා බැගින් සිටින අතර, 2020 වන විට එම කාණ්ඩ යටතේ පිළිවෙලින් ක්‍රීඩිකාවන් 35 දෙනෙකු සහ 12 දෙනෙකු ද, මීටර 60 වැඩියෙන් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුද හා මීටර 66 වැඩියෙන් ක්‍රීඩිකාවක් ද බිහි කිරීම මෙහි දී සිදු වන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයෙන් ලබාදෙන අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයට ඉදිරිපත්කල වැඩසටහනකට අනුව මෙය ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් නිලධාරීන්  කිහිපදෙනෙකු සහභාගී විය.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට