ගලීනා සහ සෆ්රාන් ශ්‍රී ලංකාව රනින් බබළවයි

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල 2021

243

බහරේනයේ දී අද (05) සාර්ථක 5 වැනි වරටත් ක්‍රියාත්මක වූ ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

වයස අවුරුදු 17න් පහළ F42-47 කාණ්ඩයේ දුර පැනීම ඉසව්ව නියෝජනය කළ මුහම්මදු සෆ්රාන් 5,60ක දක්ෂතාවයක් සමඟින් ලකුණු 794ක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඔහු කැකුනගොල්ල අරක්යාල  මුස්ලිම්  මහා විද්‍යාලයේ ක්‍රීඩකයෙකු වන අතර මේ ඔහු මෙවර තරගාවලියේ ජයග්‍රහණය කළ දෙවැනි පදක්කම වීම විශේෂත්වයක්.

ඊයේ පැවති 17න් පහළ මීටර් 100 අවසන් තරගය සඳහා සහභාගී වූ සෆ්රාන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඔහුට අමතරව S6-10 කාණ්ඩයේ මීටර් 100 සමනල ආර කාන්තා ඉසව්ව නියෝජනය කළ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩිකා ගලීනා බස්නායක රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වුනා. එ් මිනිත්තු 1:32.86 දක්ෂතාවයක් වාර්තා කරමිනුයි.

ඇය සහභාගී වූ S1-10 කාණ්ඩයේ මීටර් 100 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:12.09ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ඇය සමත් වුනා.

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය හෙට (06) පැවැත්වීමට නියමිත අතර තරගාවලිය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<