ජපානයේ ගීෆූ නුවර දී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (08) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
එහි දී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශනත්, එම ඉසව්වේම රිදී පදක්කම පසිඳු කොඩිකාරත්, මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම ඩිලිෂි කුමාරසිංහත් සහ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම අමාෂා ද සිල්වා විසිනුත් දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ජපානයේ දී විශිෂ්ට දස්කම් දක්වයි
18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අද (7) ජපානයේ…

එහි දී තම හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 45.79ක කාලයක් වාර්තා කරමින් මීටර් 400 ඉසව්ව අවසන් කරන අරුණ දර්ශන රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

පසිඳු කොඩිකාර ද තත්පර 46.93ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
ශ්‍රී ලංකාව පිලිපීනයේ දී පදක්කම් තුනක් දිනයි
පිලිපීනයේ ඉලගාන් හි පැවති පිලිපීන ජාතික විවෘත ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ක්‍රීඩකයින්…

නමුත් මීටර් 200 නැම්මට ළඟාවෙත්ම ඉන්දියානු ක්‍රීඩිකා ජිස්නා සහ තායිපේ ක්‍රීඩිකා යන්ග් තරගයේ පැහැදිලි ඉදිරියක් ලබා ගන්නා බවක් පෙනුණ ද, ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වූ ඩිලිෂි අවසන් මීටර් 100 දී තායිපේ ක්‍රීඩිකාව අභිබවා යමින් දෙවැන්නා ලෙස තරගය නිමා කළේ ඉන්දියානු ක්‍රීඩිකා මැතිව්ස් හට ද හොඳ අභියෝගයක් වෙමිනි.
ඩිලිෂි විසින් තත්පර 54.03ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීමට සමත් විය. මෙහි ප්‍රථම ස්ථානය දිනූ ජිස්නා මැතිව්ස් ද ඇයගේ හොඳම කාලය වාර්තා කරමින් තරගය නිමා කළේ තත්පර 53.26 කාලයක් වාර්තා කරමිනි.
දිනයේ පැවති අවසන් තරගය වන මීටර් 100 බාලිකා ධාවන ඉසව්වේ දී කාගේත් කතාබහට ලක්වුණු චීන ක්‍රීඩිකාවක් වන ෆෙන්ග් ලුලූ සහ අමාෂා එක ළඟ මංතීරු දෙකක දී ධාවනය ආරම්භ කළාය.

තරගයේ අවසන් මීටර් 10ට එළඹෙත්ම ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර පමණක් දැඩි සටනක් නිර්මාණය වූ අතර අමාෂාට තරගයේ රිදී පදක්කමට හිමිකම් කීමට සිදු වූයේ තත්පර දශම 3කින් ෆෙන්ග් ලුලු තරගය නිමා කළ නිසාවෙනි.
එහි දී අමාෂා රිදි පදක්කම සමඟින් තමාගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූයේ තත්පර 11.71කින් තරගය අවසන් කරමිනි. රන් පදක්කම දිනා ගත් චීන ක්‍රීඩිකා ෆෙන්ග් ලුලූ තත්පර 11.68 ක කාලයක් වාර්තා කළාය.
තරගාවලිය තවත් දින දෙකක් පුරාවට පැවැත්වීමට නියමිත අතර එම තරගවල වාර්තා සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.
| 9th June 2018 | ||||
| 06.15am | Aruna Darshana | Men’s 200m | Heats | |
| 06.50am | Amasha De Silva | Women’s 200m | Heats | |
| 07.10am | Harsha Karunarathne | Men’s 800m | Heats | |
| 07.40am | Pasindu Kodikara | Men’s 400m Hurdles | Heats | |
| 11.30am | Aruna Darshana | Men’s 200m | Semi Finals | |
| 11.50am | Dilishi Kumarasinghe | Women’s 800m | Final | |
| 12.00pm | Harsha Karunarathne | Men’s 800m | Final | |
| 12.05pm | Ridma Nishadi | Women’s Long Jump | Final | |
| 01.00pm | Men’s 4X400m | Heats | ||
| 01.25pm | Parami Wasanthi | 3000m Steeple chase | Final | |
| 10th June 2018 | ||||
| 10.05am | Pasindu Kodikara | Men’s 400m Hurdles | Final | |
| 10.15am | Tharindu Dasun | Men’s High Jump | Final | |
| 10.30am | Amasha De Silva | Women’s 200m | Final | |
| 10.50am | Aruna Darshana | Men’s 200m | Final | |
| 12.55pm | Men’s 4X400m | Semi Final | ||
| 12.55pm | Women’s 4X400m | Final | ||
| 1.10pm | Men’s 4X400m | Final | ||
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















