තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

829

චීනය 17-12ක් ලෙසින් පරාජය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් පූර්ව වටය වෙත ප්‍රවිෂ්ට වීමට ශ්‍රී ලංකාවට අද (31) හැකි විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානම පදක්කම් බලාපොරොත්තුව වන්නේ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමයි. එම පදක්කම් බලාපොරොත්තුව තවදුරටත් එලෙසින්ම රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට හැකි විය.

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම සහභාගී වූ දෙවන කාණ්ඩ වටයේ තරගය අද (30) පස්වරුවේ පැවැත්විය……

මුල සිටම ඉතා තියුණු තරගයක් වූ මෙම තරගයේ වාසිය ප්‍රථමයෙන්ම තම කණ්ඩායම සතුකර ගැනීමට චීනයට හැකි විය. තරගය ආරම්භ වී 2 වැනි මිනිත්තුවේ දී චීනයේ චාඕ ෂෑන්ග් ශ්‍රී ලංකාවේ ආරක්ෂක වළල්ල බිඳ හෙලමින් උත්සාහක දිනුමක් චීනයට දිනා දුන් අතර එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය. (0-5)

එම උත්සාහක ගෝලයෙන් නොසැලුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එයට පිළිතුරු සැපවූයේ තරගයේ 5 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එම උත්සාහක දිනුම සහ එහි ප්‍රවර්තනය යන දෙකම සාර්ථක කර ගනු ලැබුවේ 22 හැවිරිදි ක්‍රීඩක සුදම් සූරියආරච්චි විසිනි. (7-5)

ඉන් සුළු වෙලාවකට පසු තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙත දිනා දීමට අත්දැකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හැකි විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (12-5)

පළමු අර්ධය නිමා වීමට ආසන්න වී තිබිය දී රීසා රෆයිඩීන් විසින් තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහණය කර දීමට සමත් විය. ඒ අනුව කණ්ඩායම් දෙක අතරේ ලකුණු පරතරය තවදුරටත් වර්ධනය විය. නමුත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක නොවීය. (17-5)

ශ්‍රී ලංකාවේ එම අසාර්ථක ප්‍රවර්තන දෙක තරගයේ අවසාන ප්‍රතිඵලයට සෘජුව බලපාන්නට ඉඩ තිබූ නමුත් එය එසේ නොවීම ශ්‍රී ලංකාවේ වාසනාවක් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 17 – 05 චීනය

තරගයේ දෙවැනි අර්ධයේ දී චීනයෙන් එල්ල වන අභියෝගය ඉතා දැඩි විය. ඒ අවසරයෙන් දෙවැනි අර්ධයේ 3 වැනි මිනිත්තුවේ දී චැන්ෂුන් ෂෑන් විසින් උත්සාහක දිනුමක් ලබා ගනිමින් සහ එය සාර්ථකව ප්‍රවර්තනය කරමින් කණ්ඩායම් දෙක අතරේ පැවති ලකුණු පරතරය ඉතා කුඩා එකක් බවට පත් කිරීමට සමත් විය. (17-12)

ඉන්පසුව ද චීනයෙන් එල්ල වූ අභියෝගය ඉතා දැඩි වූවත් එම අභියෝගය ඉතා සාර්ථකව මෙල්ල කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් තරගය අවසන් වන තෙක්ම කිසිදු කණ්ඩායමකට නැවත ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

අවසාන ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 17 – 12 චීනය

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු තවත් දිනකට ඉතිරි වූ අතර ශ්‍රී ලංකාව සහ ප්‍රබල ජපානය අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගය හෙට (1) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 12.26ට පැවැත්වෙනු ඇත.

අනෙක් අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන්නේ දකුණු කොරියාව සහ හොංකොං දේශය අතරයි.

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • ශ්‍රී ලංකාව – සුදම් සූරියආරච්චි (1T,1C), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), රීසා රෆයිඩීන් (1T)
  • චීනය – චාඕ ෂෑන්ග් (1T), චැන්ෂුන් ෂෑන් (1T,1C)

ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ලකුණු 36-00ක් ලෙස ඉතා පහසුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අද (31) හැකි විය.

දකුණු කොරියාවත් සමඟ ඊයේ (30) පැවති තරගයෙන් පරාජය වීමත් සමඟ, අර්ධ අවසන් පූර්ව වටයට පහසුවෙන් පිවිසීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත යුතුවම තිබුණි.

තරගයේ පාලනය මුල සිටම සියතට ගන්නා ලද්දේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසිනි.

“විස්විදු” ශූරතාවයේ අවසන් සතියට ප්‍රබල කණ්ඩායම් 4ක්

අන්තර් විශ්වවිද්‍යල රග්බි ශූරතා තරගාවලිය මේ වන විට අවසානය දක්වා පැමිණෙමින් තිබේ. මාසයක් පුරාවට විශ්ව විද්‍යාල 13ක…..

තරගයේ 3 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සුදම් සූරියආරච්චිට හැකි වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හැකි විය. (7-0)

ඉන් නොනැවතුන සූරියබණ්ඩාර තරගයේ 6 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය ඉහළ නැංවීය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ සුදම් සූරියආරච්චි විසිනි. (14-0)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 00 ඇෆ්ගනිස්තානය

දෙවැනි අර්ධයේ දී ද තරගයේ පාලනය අත්නොහැරි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි අර්ධයේ 3 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් රැස් කිරීමට සමත් විය. එහි හිමිකරු වූයේ කවිඳු පෙරේරා ය. (19-0)

ඉන්පසු තව තවත් ඇෆ්ගනිස්තානය වෙත පීඩනය එල්ල කළ ශ්‍රී ලාංකිකයන් දෙවැනි අර්ධයේ 4 සහ 6 වැනි මිනිත්තු වලදී උත්සාහක දිනුම් දෙකක් ජයග්‍රහණය කළේය. එම උත්සාහක දිනුම් රැස් කරන ලද්දේ පිළිවෙළින් රීසා රෆයිඩීන් සහ සුදම් සූරියආරච්චි විසිනි. (29-0)

ඒ අනුව කණ්ඩායම් දෙකෙහි ලකුණු පරතරය වැඩි වූ අතර ජයග්‍රහණය පිළිබඳ ඇෆ්ගනිස්තානයට තිබූ සියලුම බලාපොරොත්තු අතහැර දමන්නට සිදු විය.

විරෝධය නොතකා විදෙස් ක්‍රීඩකයින් මෙරටට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ලසිත ගුණරත්න මහතාගේ පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා දේශීය රග්බි පිටිය තවත් තරගකාරී….

තරගය අවසන් වීමට ආසන්නව තිබිය දී නැවතත් ක්‍රියාත්මක වූ විශිෂ්ට ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ක්‍රියා කළේය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබුවේ 36-00ක ජයක් ශ්‍රී ලංකාවට ලබා දෙමිනි.

අවසාන ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 36 – 00 ඇෆ්ගනිස්තානය

ඒ අනුව තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු 7ක් ලබා, C කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ආබාධයක් හේතුවෙන් ඊයේ දිනයේ ක්‍රීඩා නොකළ ධනුෂ්ක රන්ජන් මෙම තරගයට ද ක්‍රීඩා නොකළේය. එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වන අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී හෝ ඔහුට ක්‍රීඩා කළ හැකි වේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අස්වැසිල්ලක් වනු ඇති බව නොඅනුමානය.

අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 4.06ට චීනයත් සමඟින් පැවැත්වෙනු ඇත.

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • ශ්‍රී ලංකාව: සුදම් සූරියආරච්චි (2T,1C), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (2T,2C), කවිඳු පෙරේරා (1T), රීසා රෆයිඩීන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<