ඉන්දියාව පහසු ජයක් ලබද්දී බංගලියෝ තියුණු ජයක් ලබයි

237

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවැනි සහ සිව්වැනි තරග ඊයේ (23) නිමා වූ අතර එහි දී ඉන්දියාව පාකිස්තානයට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළ අතර බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළේය.

ඉන්දීය ක්‍රීඩකයෝ පහසුවෙන්ම බංග්ලාදේශය පරාජය කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (21) නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා…

ඩුබාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් පැවති ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 63ක් ඉතිරිව තිබිය දී ය.

පාකිස්තාන ඉනිමේ දී නැවත වතාවක් ලකුණු අතරට පිවිසීමට ෂොයිබ් මලික් සමත් විය. පෙර තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ මලික් මෙම තරගයේ දී ලකුණු 78ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 90කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඊට අයත් විය. මලික් මේ රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 43 වැනි අර්ධ ශතකයයි.

ෂොයිබ් මලික් සහ නායක සෆ්රාෂ් අහමඩ් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 107ක සබඳතාවක් එක් කළහ. සෆ්රාෂ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 44කි. එම ඉනිම පන්දු 66කින් වාර්තා වූ අතර හතරේ පහර 2ක් ඊට ඇතුලත් විය.

ඊට අමතරව පාකිස්තාන ඉනිම ඉහළ දැමීම වෙනුවෙන් ෆකාර් ෂමන් පන්දු 44ක් දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 31ක් ද, අසීෆ් අලි පන්දු 21ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 30ක් ද එක් කළහ.

කඩුලු ලබා ගැනීමේ දී ජසිප්‍රිට් බුම්රා, යුෂේන්ද්‍ර චාහල් සහ කුල්දීප් යාදව් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවල දී දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් කැපී පෙණෙන දක්ෂතා…

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 210ක සබඳතාවක් එක් කිරීමට නායක රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් සමත් වූහ.

රෝහිත් ෂර්මා තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම 19 වැනි ශතකය වාර්තා කළේ 106 වැනි පන්දුවේ දී ය. නොදැවී වාර්තා වූ රෝහිත්ගේ ඉනිම ලකුණු 111ක් වූ අතර ඒ වෙද්දී ඔහු පන්දු 119කට මුහුණ දී සිටි අතර හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය.

මෙම තරගයේ දී ෂර්මා ලකුණු 94ක් ලබා ගැනීමත් සමඟින් එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 7000ක් වාර්තා කිරීමට සමත් විය. එමෙන්ම රෝහිත්ගේ මෙම ඉනිම පාකිස්තානයට එරෙහිව රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. මීට ප්‍රථම ඔහු පාකිස්තානයට එරෙහිව ලබා සිටියේ පසුගිය වසරේ ලබා සිටි ලකුණු 91යි.

ඉන්දීය ඉනිමේ අනෙක් ශතකලාභියා වූයේ ෂිකර් ධවාන් ය. ඔහු තම ශතකය 95 වැනි පන්දුවේ දී වාර්තා කළේය. දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ධවාන් දැවී යන විට පන්දු  100කට මුහුණ දී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් වාර්තා කරගෙන සිටියේය. ධවාන් ඊයේ රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 15 වැනි ශතකයයි.

ධවාන්ගේ මෙම ඉනිම පාකිස්තානයට එරෙහිව රැස් කරන ලද ඉහළම ඉනිම වූ අතර ඊට පෙර ඔහු සතුව තිබූ වාර්තාව වූයේ 2015 වසරේ දී ඇඩිලේඩ් හිදි වාර්තා කරන ලද ලකුණු 73යි.

ඉන්දීය ඉනිම ජයග්‍රහණයෙන් නිමා වෙන විට අනෙක් අන්තයේ අම්බටි රායුදු නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය.

පාකිස්තානය; කඩුලු 7ක් දැවී 237 (50.0): ෆකාර් ෂමන් 31, සෆ්රාෂ් අහමඩ් 44, ෂොයිබ් මලික් 78, අසිෆ් අලි 30, ජසිප්‍රිට් බුම්රා 2/29, යුෂේන්ද්‍ර චාහල් 2/46, කුල්ඩීප් යාදව් 2/41

ඉන්දියාව; කඩුල්ලක් දැවී 238 (39.3): රෝහිත් ෂර්මා නොදැවී 111, ෂිකර් ධවාන් 114


බංගලියන්ට ලකුණු 3ක තියුණු ජයක්

අබුඩාබි හි ෂෙයික් ෂායෙඩ් ක්‍රීඩාංගණයේ දී පැවති ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ දී ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 249ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 246ක් පමණි.

මෙම තරගයේ දී 27 හැවිරිදි වමතින් දඟපන්දු යවන නෂ්මුල් ඉස්ලාම් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිම වැඩිම ලකුණලාභියා වූයේ මහමුදුල්ලා රියාද් ය. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේ ය. එය මහමුදුල්ලාගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 20 වැනි අර්ධ ශතකයයි. මහමුදුල්ලා සහ ඉම්රුල් කයිස් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් එක් කළහ.

බංගලි ඉනිම අවසන් වෙද්දී කයිස් නොදැවී ලකුණු 72ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට පන්දු 89ක් වැය වී තිබූ අතර එකතු කර තිබූ හතරේ පහර සංඛ්‍යාව 6කි. එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 15 වැනි අර්ධ ශතකය වාර්තා කළ කයිස් ලබා ගන්නා ලද දෙවැනි ලකුණේ දී එක්දින තරග පිටියේ 2000 වැනි ලකුණ ද  වාර්තා කිරීමට සමත් විය.

ඔවුන් දෙදෙනාට අමතරව ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 43ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් සහ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පන්දු 52ක දී හතරේ පහර 2ක සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්හ.

පන්දු යැවීමේ දී අෆ්තාබ් අලාම් කඩුලු 3ක් ලබා ගත් අතර මුජිබ් උර් රහමන් සහ රෂීඩ් ඛාන් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් කඩුලු 4ක්ම ඉතිරිව තිබුණි. පන්දු යවන්නා වූයේ මුස්ටෆිෂුර් රහ්මන් ය. ඔහු එම පන්දු වාරය ලකුණු 4කට සීමා කරමින් යැවුවේ කඩුල්ලක් ද දවා ගනිමිනි.

ඇෆ්ගන් ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ හෂ්මතුල්ලා ශහිඩි ය. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේ ය. ශහිඩි ඊයේ රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 5 වැනි අර්ධ ශතකයයි.

දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි. ගෙවී ගිය සැප්තැම්බර් 17…

ඊට අමතරව මොහොමඩ් ශාෂාඩ් ලකුණු 53ක් ලබා ගත්තේ ය. පන්දු 81ක් පුරා විහිදුණ එම ඉනිමට හතරේ පහර 8ක් ද ඇතුලත් විය. ඔහු විසින් අද රැස් කරන ලද්දේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 13 වැනි අර්ධ ශතකයයි.

ඇෆ්ගන්වරුන්ගේ සටන්කාමී ඉනිමේ දී නායක අස්ගර් අෆ්ගන් ලබා ගත් ලකුණු 39 ද, මොහොමඩ් නබි ලබා ගත් ලකුණු 38 ද විය.

කඩුලු ලබා ගැනීමේ දී මෂ්රෆි මොර්ටාසා සහ මුස්ටෆිෂුර් රාහ්මන් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

බංග්ලාදේශය; කඩුලු 9ක් දැවී 249 (50.0): ලිටන් දාස් 41, මුෂ්ෆිකර් රහීම් 33, ඉම්රුල් කයිස් නොදැවි 72, මහමුදුල්ලා රියාද් 74, අෆ්ටාබ් අලාම් 3/64

ඇෆ්ගනිස්තානය; කඩුලු 7ක් දැවී 246 (50.0) මොහොමඩ් ශාෂාඩ් 53, හෂ්මතුල්ලා ශහිඩි 71, අස්ගර් අෆ්ගන් 39, මොහොමඩ් නබි 38, සමිඋල්ලා ෂෙන්වරි නොදැවී 23, මෂ්රෆි මොර්ටාසා 2/62, මුස්ටෆිෂුර් රාහ්මන් 2/44

තරගාවලියේ සුපිරි වටයේ අවසන් තරග මේ මස 25 වැනි දා පැවැත්වීමට නියමිත ය. ඒ අනුව ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර ඩුබායි හි දී ද, බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගය අබුඩාබි හි දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<