ආසියා ක්‍රිකට් කිරුළ ඉන්දියානුවන් අතට

237
Indian cricketer Virat Kohli (L) and Shikhar Dhawan (R) run between the wickets during the Asia Cup T20 cricket tournament final match between Bangladesh and India at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on March 6, 2016. / AFP / MUNIR UZ ZAMAN

13 වන ආසියානු කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය අද (6) බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්විණි. තරඟය ආරම්භ කිරීමට විනාඩි 100 ක පමණ ප්‍රමාදයක් සිදු වුයේ ඇද හැලුණු අධික වර්ෂාපතනය නිසා වෙනි.

කෙසේ වෙතත් කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ඇරයුම් කල අතර තරඟය එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා විය.

ප්‍රේක්ෂකාගාරයේ වාසිය ද සමඟින් පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුගල, දැඩි ප්‍රහාරයක් ඉන්දීය පන්දු යවන්නන්ට එල්ල කල අතර ප්‍රථම කඩුල්ල ලෙස පන්දු 9කදී ලකුණු 14 ක් ලබා ගත් සවුම්ය සරක්කාර් දැවී ගිය අතර, තවත් ලකුණු 3ක් එක් වෙද්දී ලකුණු 13 ක් ලබා සිටි තමින් ඉක්බාල් ද දැවී යන ලදි. පන්දුවාර 6 ක් නිමා වන විට කඩුළු 3ක් Bangladesh cricketer Shakib Al Hasan (R) plays a shot as the Indian cricket captain Mahendra Singh Dhoni (L) looks on during the Asia Cup T20 cricket tournament final match between Bangladesh and India at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on March 6, 2016. / AFP / MUNIR UZ ZAMANදැවී ලකුණු 37 ලබා තිබිණි. පන්දු 16 කදී ලකුණු 21 ක් ලබා ගත් සකීබ් අල් හසන් 3 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. මෂ්රෆ මොට්ටාසා ලකුණු ලබා නොගත් අතර මෂ්රෆ රහීම් ලකුණු 4 කට දැවී යන ලදි.  අවසාන පන්දුවාර 2 ක තුල ලකුණු 28 ක් ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කල මහමදුල්ලා ලකුණු 33 ක්ද, සබීර් රහමන් නොදැවී ලකුණු 32 ක්ද, ලබා ගෙන බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුළු 5 ක් දැවි ලකුණු 120 ක සීමාවට ගෙන ඒමට හැකි විය.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්දරන් අශ්වින් පන්දුවාර 3 කදී ලකුණු 14 කට එක් කඩුල්ලක්ද, ජාස්ප්‍රිට් බුම්රා පන්දුවාර 3 කදී ලකුණු 13 කට එක් කඩුල්ලක්ද ,රවීන්ද්‍ර ජඩේජා පන්දුවාර 3 කදී ලකුණු 25 කට එක්  කඩුල්ලක්දලබා ගන්නා ලදි.

පන්දුවාර 15 කදී ලකුණු 121 ක තරඟකාරී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක සබඳතාව ලකුණු 7 කට සීමා කරමින් රෝහිත් ශර්මා දැවී යන ලදි. අනතුරුව පිවිසි විරාට් කෝලි හා එක් වු ශිකර් ඩවාන් ලකුණු 94 ක සබඳතාවක් ගොඩනැගු අතර ශිකර් ඩවාන් පන්දු 44 කදී 4 පහරවල් 9ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 60 ක් ලබා ගත් අතර, අනතුරුව පැමිණි මහේන්ද්‍ර සිං දෝනි නොදැවී  පන්දු 6 කදී වේගවත් ලකුණු 20 ක් ගැනීමට එක් 4 පහරක් හා 6 පහරවල් 2 ක් එල්ල කරන ලදි, එයට සහය වු විරාට් කෝලි නොදැවී පන්දු 28 කදී 4 පහරවල් 5 ක් සමග ලකුණු 41 ක් ලබා ගන්නා ලදි. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 5 කදී කඩුළු 2 ක් දැවී  ලකුණු  122 ක් ලබා ගෙන තරඟය කඩුළු 8 කින් ජයග්‍රහණය කරමින් 6 වන වරටත් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි විය. පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් පන්දුවාර  3 කදී  ලකුණු  14 ට එක් කඩුල්ලක්ද ,අල් අමීන් හුසේන් පන්දුවාර 3 කදී ලකුණු 30 කට එක් කඩුල්ලක්ද ලබා ගන්නා ලදි.

තරඟයේ වීරයා ලෙස ශිකර් ඩවාන් ද ,තරඟාවලියේ වීරයා ලෙස සබිර් රහමන් සම්මාන දිනා ගන්නා ලදි.