ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක්

6874

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ යම් යම් වෙනස්කම් කිහිපයක් ඊයේ (5) දිනයේ දී සිදුකර තිබේ. ඒ අනුව මීට පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින්ව සිටි බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් ඉවත් කොට නව තේරීම් කමිටුවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවතට!

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය …….

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ඉවත් කරමින් පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල්  මහතා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වැඩ කටයුතු සිදු කරන ලදි. 

ඒ අනුව අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තවත් වසරක කාලයක් සඳහා පත්වීම් ලබාගෙන තිබෙන අතර මීට පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින් වූ චමින්ද මෙන්ඩිස් මහතා ද නව තේරීම් කමිටුව සඳහා ඇතුළත් කොට ඇත.

සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා මින් පෙර සිටි තේරීම් කමිටුවට ඇතුලත්ව නොසිටි සාමාජිකයෙක් වන විනෝතන් ජෝන් මහතාව අලුතින් පත් කර තිබේ. 

කෙසේ නමුත් පෙර පැවති තේරීම් කමිටුවේ සාමාජිකයින් වූ බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන් දෙදෙනාගෙන් අයෙක් පිළිබඳව සලකා බැලීමට නියමිත බව ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදි.

“තවත් වසරක කාලයක් සඳහා අද අපි අලුතින් තේරීම් කමිටුවක් තෝරාගත්තා. අසන්ත ද මෙල් මහතා එහි ප්‍රධානියා, ඒ වගේම ඔහු තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, චමින්ද මෙන්ඩිස්ගේ කොන්ත්‍රාත්තුව නැවතත් දීර්ඝ කළා. විනොතන් ජෝන් මහත්මයාව අපි අලුතෙන් ගෙනාවා තේරීම් කමිටුවට. කලින් හිටපු තේරීම් කමිටුවේ හිටපු අයගෙන් එක නමක් අපි තාම දැම්මේ නැහැ .” යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව තේරී පත්වූ මේ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ  පළමු වගකීම වන්නේ මේ මස 14 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – නවසීලන්ත තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමයි.

දැනට තෝරගෙන තිබෙන නව තේරීම් කමිටුව,

  • අසන්ත ද මෙල් මහතා – කමිටු ප්‍රධානී/කණ්ඩායම් කළමනාකරු
  • චමින්ද මෙන්ඩිස් මහතා – කමිටු සාමාජික
  • විනෝතන් ජෝන් මහතා  – කමිටු සාමාජික

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<