අරුණ හා අමාෂා ජාත්‍යන්තරයට අභියෝගයක් වෙයි

IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශුරතාවලිය 2018

391
Aruna and Amasha

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය, අරුණ දර්ශන හා නැගී එන කනිෂ්ඨ ධාවන රැජින අමාෂා ද සිල්වා අද (11) ෆින්ලන්තයේ Tampere හිදී IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ ශූරතාවලියේ තරග බිමට පිවිසුණි.

තරගාවලියේ දෙවන දිනය වන අද දිනයේ අමාෂා, අරුණ දෙදෙනාම සිය ඉසව්වල අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලැබූ අතර එම තරග හෙට (12) පැවැත්වෙනු ඇත. අරුණ පළමු තේරීම් තරගය ජය ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසුණු අතර අමාෂා තේරීම් තරගය අවසන් කළේ පස්වැනියා ලෙස වුවත් තේරීම් තරගවල වේගවත්ම පරාජිතයින් සිව්දෙනා අතරට ඇතුළත්වීමට හැකි වීම නිසා ඇයට ද අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි විය.

නව වාර්තාවක් සමඟින් පාරමී යලි තරග බිමට

IAAF වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලිය අද (10) ෆින්ලන්තයේ Tampere හිදී ආරම්භ වූ අතර දින..

නිමා වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අරුණ දර්ශණ වයස අවුරුදු 20න් පහළ මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. අරුණ  තෙවැනි තේරීම් තරගයේ අටවැනි මංතීරුවේ ධාවනයේ යෙදුණි. ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පළමු ස්ථාන තුනෙන් එකකට පිවිසීම අත්‍යවශ්‍ය වූ අතර 8 වැනි මංතිරුව එතරම් පහසු අභියෝගයක් නොවුනත් විශිෂ්ට ධාවනයක යෙදුණු ඔහු 46.81කින් ඉසව්ව අවසන් කිරීමට සමත් විය.

අරුණ දර්ශන තරගය අවසාන කරමින්

අරුණ දර්ශන IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ තරගාවලියට එක්වුණේ තරගාවලියේ 7 වැනියට හොඳම කාලය ද වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම කාලය වශයෙන් තත්පර 45.79ක දක්ෂතාවයක් දක්වමිනි.

අරුණ තේරීම් තරගය නිමා කළේ 46.81කින් වූ අතර ඔහු තේරීම් තරග සියල්ලේම කාල ගණන සටහනේ සයවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ජැමෙයිකානුවන් වන, දෙවන ස්ථානය දිනා ගත් ක්‍රිස්ටෝපර් ටේලර් හා සිව්වැනි ස්ථානයේ සිටින චාන්ට්ස් සෝයර් දෙදෙනා රන් පදක්කම සඳහා අරුණගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වනු ඇත.  

බාබඩෝස් හි ජොනතන් ජෝන්ස් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස තත්පර 46.05කින් තේරීම් තරග නිමා කළ අතර ඔහු තේරීම් තරග කාල ගණන සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිද්දී ඉතාලි ක්‍රීඩක Edoardo Scotti තත්පර 46.52ක සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය සමඟ සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.

ඒ අනුව අරුණ හෙට (12) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.20ට පැවැත්වෙන තෙවන අවසන් පූර්ව තරගයේ තරග වදින අතර සයවැනි මංතීරුවෙන් තරග වදින අරුණට අවසන් මහා තරගයට පිවිසීමට නම් පළමු ස්ථාන දෙක අතරට පිවිසීමට සිදු වනු ඇත. අරුණත් සමඟ සිව්වැනි මංතීරුවේ තරග වදින ජැමෙයිකාවේ ක්‍රිස්ටෝපර් ටේලර් සිය හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 44.88කින් ඉසව්ව නිමා කර ඇති අතර ඔහු අරුණගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වනු ඇත.

අමාෂාත් අවසන් පූර්ව තරගයට පිවිසෙයි

අමාෂා ද සිල්වා අද දිනයේ ධාවන පථයට පිවිසුණු දෙවන ශ්‍රී ලාංකීය නියෝජනය වූ අතර සිය තේරීම් තරගයේ පස්වැනි ස්ථානය හිමි වීමට සිදුවීම නිසා අවසන් පූර්ව වටයට පිවිසීමට, වේගවත්ම පරාජිතයින් සිව්දෙනා අතරට පිවිසීමට හැකි වේ දැයි දැන ගැනීමට ඇයට සියලු තේරීම් තරග නිමා වනතෙක් සිටීමට සිදුවිය.

කෙසේ වෙතත් ඇය වාර්තා කළ තත්පර 11.75ක කාලය හොඳම පරාජිතයින් සිව්දෙනා අතරට පිවිසීමට ප්‍රමාණවත් වූ නිසා ඇයට අවසන් පූර්ව තරගයේ ස්ථානයක් හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත වූ අතර මෙම කණ්ඩායම එදා මෙදා තුර තරගාවලියට එක්වූ විශාලතම ශ්‍රී ලංකා කණ්ඩායමයි. බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති හා මීටර 800 ඉසව්වෙන් දිලිෂි කුමාරසිංහ ඊයේ (10) තරගාවලියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනාටම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කරගැනීමට හැකියාවක් නොලැබුණි. ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා මීටර 400X4 කණ්ඩායම් දෙක ඉදිරි දිනවල ධාවන පථයට පිවිසීමට නියමිතය.   

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<