රංජිත් පරදවා අනුර ජය ගනී

439

පසුගිය දිනවල වඩාත් කතා බහට ලක්වූ නිලවරණයක් වන “ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය” අදින් (1) අවසන් වූයේ අනුර ද සිල්වා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ධූරයට පත්කරමිනි.

30 දෙනෙකුගේ සංචිතය තෝරා අවසන්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට (AFC) සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන්…

නිලවරණයේ සභාපති අසුන සඳහා රංජිත් ප්‍රනාන්දු සමඟින් අනුර ද සිල්වා යන මහත්වරුන් තරග කළ අතර ඡන්ද 104ක් සමඟින් සභාපති අසුන දිනා ගන්නට අනුර ද සිල්වා සමත් විය. ප්‍රතිවාදී රංජිත් රොද්‍රිගෝ හට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 79ක් පමණි.

නිලවරණය සභාපති ධුරය, උප සභාපති ධුර (5), ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, නියෝජ්‍ය ලේකම් (පරිපාලන), නියෝජ්‍ය ලේකම් (තාක්ෂණික) සහ සහකාර භාණ්ඩාගාරික යන තනතුරු සඳහා පැවැත්විය. තේරී පත්වූ නිලධාරීන් 2017-2021 වර්ෂ සඳහා සිය ධුරවල රාජකාරි කරනු ඇත.

රංජිත් රොද්‍රිගෝගේ පාර්ශවයෙන් තරග කළ අය අතරින් භාණ්ඩාගාරික තනතුර සඳහා තරග කළ ටිරෝන් ප්‍රනාන්දු මහතා (104) පමණක් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. ඒ ෆස්ලාන් සමීන් (80) පරාජය කරමිනි.

ජස්වර් උමාර් ප්‍රධාන ලේකම් ධූරය සඳහා තේරී පත් වූ අතර ඒ. අරුලනන්තසෝති සහ ජගත් කුමාර ද සිල්වා පරිපාලන සහ තාක්ෂණික නියෝජ්‍ය ලේකම්වරුන් ලෙස පිළිවෙළින් තේරී පත් විය.

උප සභාපතිවරුන් ලෙස ඇන්තනි ඩෙවිඩ්, උපාලි හේවගේ, ෆාරුක් නගෝර්තම්බි සහ පද්මසිරි මුණසිංහ තේරී පත් විය.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට