සමස්ත ලංකා මලල ක්‍රීඩාවලට මිලියන 70ක්!

88

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරට සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පිළිබඳව මාධ්‍ය හමුවක් ඊයේ (22) ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

තරගාවලියේ මලල ක්‍රීඩා තරග ඔක්තෝබර් මස 30, 31 සහ නොවැම්බර් මස 1, 2, 3 දිනවල දී සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 30 වැනිදා පෙ.ව. 9.00ට සහ සමාප්ති උත්සවය නොවැම්බර් මස 03 වැනිදා ප.ව. 2.30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී  පැවැත්වේ. 

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් ………

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන ශ්‍රී ලංකාවේ අතිදක්ෂ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම මෙහි මූලික අභිප්‍රායයි.

මෙවර තරගාවලියේ සමාරම්භක උළෙලේ ගිනිසිළුව රැගෙන යනු ලබන්නේ ආසියාවෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය Gateway විද්‍යාලයේ ෂෙලින්ඩා ජැන්සන් සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ චමෝද් චමෝද් යෝධසිංහ දෙදෙනා විසිනි.

තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා,

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා තවත් මුවහත් කර උපරිම කුසලතා පිළිබිඹු කරගැනීම සඳහා මෙය අවස්ථාවක් කරගන්න පුළුවන්. 1984 දී තරගාවලිය පටන් ගත්තේ ග්‍රාමීය දරුවන්ගෙ දක්ෂතා උඩට ගන්න. කොට්ඨාස තරග, කලාප තරග, පළාත් තරග වැනි සියල්ලම පසු කරලා තමා මෙතනට එන්නේ. ඒ සඳහා ලක්ෂ 23ක් පාසල් දරුවෝ සහභාගී වෙනවා. ඒත් එතනින් සමස්ත ලංකා ක්‍රීඩා උළෙලට එන්නේ 39, 000යි.” ලෙස පැවසීය.

මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ,

“අපි මේ පවත්වන්නේ මලල ක්‍රීඩා තරග විතරයි. අපි පසුගිය 10 වැනිදා ඉඳගා මේ වෙනකන් ක්‍රීඩා තරග 27ක් පවත්වලා තියෙනවා. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33,000ක් සහභාගී වෙලා තියෙනවා. එහි දී කුරුණෑගල කණ්ඩායම් තරග 13ක් ද, නුවර කණ්ඩායම් තරග 9ක් ද, කොළඹ කණ්ඩායම් තරග 4ක් ද පැවැත්වූ අතර හම්බන්තොට වොලිබෝල් තරග අද අවසන් වුනා. පොළොන්නරුවෙත් තරග පැවැත්වූවා” ලෙසයි.

Video- මම බලාපොරොත්තු වෙනවා ලබා ගත් ජයග්‍රහණයට සමාන සේවයක් කරන්න – සුසන්තිකා

ශ්‍රී ලංකාවට දෙවන ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය …….

“ජාත්‍යන්තරයට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි මේ දක්වා බිහි කරලා තියෙන්නේ මේ සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලිය ඔස්සේයි. අද ජාත්‍යන්තරයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50%ක් මීට සහභාගී වනවා. දෙසැම්බර් මාසයේ නේපාලයේ තිබෙන දකුණු ආසියාතික තරගාවලියට මින් 50%ක් සහභාගී වනවා. ඒ කියන්නේ සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලිය ඔස්සේ තමයි දක්ෂ දරුවෝ රටට බිහිකරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින ශාරීරික අධ්‍යාපන ගුරු මහත්ම මහත්මීන් තමයි ඒ ගැන හොයලා බලන්නේ.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් මට්ටමේ දරු දැරියන් හට තමන්ගේ දස්කම් ඔප්නංවා ගැනීමට හා ඒවා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරගැනීමට අවශ්‍ය මානව සම්පත, සෞඛ්‍යය හා පෝෂණය වැනි අංග සපුරනු ලබනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම සමස්ත ලංකා මලල ක්‍රීඩා වලට විතරක් රුපියල් මිලියන 70ක් වෙන් කරලා තිබෙනවා. මෙහි දී ක්‍රීඩා 28ක් සඳහා විනිසුරුවන් 3468ක් සහ ළමයින් 39,000ක් සහභාගී වනවා. මේ 39,000ටම අපි දිවා ආහාරය ලබා දීලා තිබෙනවා. මෙච්චර මුදල් වෙන්කරලා තියෙන එකේ අපිට අවුරුද්දකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක්වත් හොයාගන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ජයග්‍රහණය” ලෙසින් ද ඒ මහතා අවසන් වශයෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සුනිල් ජයවීර (විශේෂ උපදේශක – ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා), එන්. එම්. රණසිංහ (ලේකම්), හේමන්ත ප්‍රේමතිලක (අතිරේක ලේකම්) දයා බණ්ඩාර (ක්‍රීඩා අධ්‍යක්ෂ) යන මහත්වරුන් සහභාගී වූහ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<