2018 සමස්ත ලංකා පාසල් කිලෝමීටර 15 මාර්ග ධාවන තරගයේ බාලක හා බාලිකා ශුරතාවයන් පිළිවෙළින් දිනා ගැනීමට අඹගස්දූව ජනාධිපති විද්‍යාලයේ එරංග මදුශංක නයනජිත් සහ නැගී එන යොවුන් ක්‍රීඩිකාවක් වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා විසින් සමත් විය.
ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර
පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, මලල ක්‍රීඩා පිටියෙන්…

ලෝක යොවුන් මීටර 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම් තුළ දෙවන ස්ථානට පත්ව සිටින පාරමී ලබන මාසයේ ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ ප්‍රධානතම ශ්‍රී ලංකා බලාපොරොත්තුව ද වේ. මිනිත්තු 57 යි තත්පර 58 ක් තුළ දී ඉසව්ව නිම.
ඉන්දුනීසියා ගිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර
18 වන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේය.

බාලක අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් එරංග මදුශංක ඉසව්ව නිම කළේ මිනිත්තු 48 යි තත්පර 45 කාලයක් වාර්තා කරමිනි. ඔහුගේම පාසලේ චමින්ද නුවන් මිනිත්තු 48 යි තත්පර 31 කින් ඉසව්ව නිම කරමින් දෙවන ස්ථානය දිනාගන්නා විට පයාගල බණ්ඩාරනායක විද්‍යාලයේ එරංග සිල්වා මිනිත්තු 50 යි තත්පර 20 කාලයක් වැය කොට එහි තෙවන ස්ථානය තහවුරු කරගත්තේය.
බාලිකා කිලෝමීටර 5 ධාවන තරගයේ ජය ලබා ගැනීමට ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ ලක්මිණි දුලංජලි ක්‍රීඩිකාව සමත් වූ අතර අතර බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ගිත්මි සංජානා දෙවන ස්ථානයටත් හැටන් දෙමළ මධ්‍ය විද්‍යාලයේ රිශාන්ති ගවරවිලා තෙවන ස්ථානයටත් පත් විය. බාලක කිලෝමීටර 5 ධාවන ඉසව්වේ ජයග්‍රහණය අඹගස්දූව ජනාධිපති විද්‍යාලයේ කවීශ ඉඳුරුව දිනාගත් අතර එහි දෙවන ස්ථානය වෑකඩ මධ්‍ය මහා විද්‍යාලයේ සංදීප වික්‍රමසිංහ ද එම පාසලේම තිළිණ මදුශාන් තෙවන ස්ථානය ද දිනා ගන්නා ලදී.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















