ඕල් බ්ලැක්ස් වෙතින් ICCයට කොලොප්පමක්

5688

ICCයට කොලොප්පම් කිරීම ක්‍රිකට් ආයතනයකට එතරම් සුබදායී නැහැ. එහෙත් රග්බි ආයතනයකට එය මොන වගේ වේවි ද?

පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුවත් ඔවුන්ට ජය ලබා දුන් ක්‍රමය ගැන තවමත් ඇතැම් ප්‍රේක්ෂකයන් සතුටු වන්නේ නැහැ. ඊට හේතුව නවසීලන්ත – එංගලන්ත අවසන්  තරගයේ දී දෙවරක්ම ලකුණු සමවීමෙන් අනතුරුවත් වැඩිම හතරේ සහ හයේ පහරවල් ගණනක් එල්ල කොට තිබූ එංගලන්තය ජය ගැනීමයි. 

මේ පිළිබඳව නවසීලන්ත රග්බි කණ්ඩායම වන ඕල් බ්ලැක්ස්  කණ්ඩායමේ ට්විටර් ගිණුමේ ඊයේ (27) සඳහන් වුනා.

Video – දකුණු අප්‍රිකානු කඟවේනා – Bryan Habana

බ්‍රයන් හබානා නම් වූ වේගවත් රග්බි වින්ග් ක්‍රීඩකයාගේ කතාව.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති නිදහස් කුසලාන (Freedom Cup)’ රග්බි අවසන් තරගයේ ලකුණු සමවුවත් පෙර ශූරයන් වූ නවසීලන්තයට කුසලානය රඳවා ගැනීමට හැකි වුනා. කණ්ඩායම් දෙකම වාර්තා කළේ ලකුණු 16 බැගින්. එහෙත් පන්දු යොමු (passes) හෝ ස්ක්‍රම් (Scrum) ගණන පදනම් කොටගෙන ජයග්‍රහණය ලබා දීම රග්බි ක්‍රීඩාවේ ක්‍රමය නොවේ. 

වෙලිංටන්හිදී හතරේ හයේ පහරවල් ගණනයක් නැත. තරගය ජය පරාජයෙන් තොරයි. වීර ටෙස්ට් තරගය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට (ස්ප්‍රින්ග්බොක්ස්) තුති.”

ඔවුන් ට්විටර් පණිවුඩයේ මෙලෙස සඳහන් කොට තිබුණා. එහි ගැබ්ව තිබුණේ රග්බි යනු කුමන ආකාරයේ ක්‍රීඩාවක් ද යන්නයි. විස්සයි – විස්ස ක්‍රිකට් නීතියක් වූ “හතරේ හයේ පහරවල් ගණන නීතිය” එක්දින ක්‍රිකට් වලට නොගැළපෙන බව බහුතර දෙනාගේ මතයයි. 

Video – ලොව හොඳම රග්බි සෙන්ටර් ක්‍රීඩකයා – Brian O’Driscoll

බ්‍රයන් ඔ’ඩ්‍රිස්කල් නම් වූ ශ්‍රේෂ්ඨ අයර්ලන්ත රග්බි ක්‍රීඩකයා ගැන…

එහෙත් ලෝක කුසලාන තරගාවලියට පෙර සියලු කණ්ඩායම් තරගාවලි නීති සහ රෙගුලාසි වලට එකඟ වී  තිබීම නිසා නවසීලන්තයට කිසිවක් කිරීමට හැකි වුනේ නැහැ. ඔවුන් පරාජය භාරගත්තා. එහෙත් ඉන් සති කිහිපයකට පසුවත් ඒ ගැන උපහාසාත්මක අදහස් පළවීමෙන් පෙනී යන්නේ ප්‍රේක්ෂකයන් 100%ක්ම නවසීලන්ත පරාජයට එකඟ නොවන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<