අෆ්රිඩිගේ චරිතාප්‍රදානයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගේ බෙලි කැපෙයි

641
A Pakistani cricket fan holds Pakistan's cricketer Shahid Afridi's autobiography as he came for a press conference to present the book in Karachi on May 4, 2019. - When Pakistan's Shahid Afridi smashed a 37-ball century against Sri Lanka in 1996, he not only registered the fastest-ever one-day ton, he also became the youngest player to score 100 runs in an international. Or did he? In a new autobiography, the fiery all-rounder says he was aged 19 when he blasted onto the world stage with his record-breaking innings, and not 16 as history suggests. (Photo by RIZWAN TABASSUM / AFP)

ක්‍රීඩා පිටිය තුල දී පමණක් නොව ඉන් පිටතදීත් ඉතාමත් විනෝදකාමි සරල චරිතයක් ලෙස පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද ලෙස ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශහීඩ් අෆ්රිඩි හැඳින්විය හැක.

ඔහු ක්‍රීඩා කළ සමයේ ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය, විශේෂයෙන්ම කිසිදු ආයාසයකින් තොරව පන්දුව හයේ සීමාවට ඔබ්බෙන් එල්ල කිරීමට ඔහු සතුව වූ අපූර්ව හැකියාව වගේම  ඔහුගේ වේගවත් පා දඟපන්දුව ඉදිරියේ ප්‍රබල පිතිකරුවන් පවා පසුබැසි අවස්ථාවන් ද ඉතා සුලබ දසුනක් විය.

බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇත්තේ තවත් ඉතාමත් අල්ප කාලයකි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම්…

ඉතින් පසුගිය දිනයක අෆ්රිඩි තමන් එදා මෙදාතුර නොයෙකුත් බාධක කම්කටොළු හැලහැප්පීම් මධ්‍යයේ ආ ජීවන ගමන් මඟ පිළිබඳ නැවත වරක් සිහියට නඟමින් ඒ ඔස්සේ ලියැවුණු සිය චරිතාපදානය එළිදක්වා තිබුණු අතර එහි දී ඔහු මෙතෙක් කලක් තරමක් මතභේදයට තුඩු දුන් නොයෙක් කරුණු කාරණා කිහිපයක් ගැන හෙළිදරව් කර තිබීම මෙහි දී වඩාත් කැපී පෙණුනි.

අෆ්රිඩි 1996 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දු 37ක් පමණක් වැය කරමින් වාර්තා කළ එම සුපිරි ශතකය වසර ගණනාවක් නොබිඳිණු වාර්තාවන් කිහිපයකට හිමිකම් කියන්නට වූ අතර ඒ අතරින් වේගවත්ම එක්දින ශතකය රැස්කළ ක්‍රීඩකයා සහ එක්දින ජාත්‍යන්තර තරගයක දී ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රීඩකයා යන වාර්තාවන් ද්විත්වයම තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඔහු සමත් විය.

නමුත් සැබෑවටම මා අවසානයට සඳහන් කළ වාර්තාවේ හිමිකරු අෆ්රිඩි ද?

ක්‍රිකට් ලෝකයේ ප්‍රවේගකාරී පිතිහරඹ රටාවේ නව පෙරළියක් සිදු කරමින් වයස අවුරුදු 16 දී ඔහු මෙම විශ්මිත ඉනිම දියත් කළා යැයි ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු විශ්වාස කළ නමුත් සැබෑවටම එම ඓතිහාසික ඉනිම ක්‍රීඩා කළ අවස්ථාවේ තම සැබෑ වයස අවුරුදු 19ක් වූ බව අෆ්රිඩි “ගේම් චේන්ජර්” නම් වූ ඔහුගේ චරිතාපදානයේ සඳහන් කර තිබීම සැමගේම අවධානයට බඳුන් වූ කාරණයක් විය.

එහි සඳහන් වන පරිදි ඔහු උපන් වර්ෂය 1975 වන නමුත් අදාළ පාර්ශවයන් අතින් සිදු වූ අතපසුවීම් කිහිපයක් නිසාවෙන් ඔහුගේ සත්‍ය වයස කිසිදු ස්ථානයක හරියාකාරව සටහන් වී නොමැති නිසාවෙන් මෙය සිදුවන්නට ඇති බවය.

එය එසේ වුවහොත් ඔහුගේ සැබෑ වයස දත්ත වාර්තාවල සටහන්ව තිබෙන වයසට වඩා වසර පහකින් වැඩි වන අතර ඒ අනුව පෙර කී වාර්තාගත ඉනිම දියත් කළ අවස්ථාවේ දී ඔහුගේ නිරවද්‍ය වයස අවුරුදු 21කි. එතැන ද ගැටලුවක් මතුවන බැවින් තවමත් මේ පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

ලෝක කුසලාන සිහිනය බොඳ කළ ස්ත්‍රී දූෂණ චෝදනාව

1999 වසරේ ලෝක කුසලානයට නම් කල දකුණු අප්‍රිකානු සංචිතයෙන් අවසාන මොහොතේ මකායා න්ටිනි ඉවත් කර ගැනීමට…

ලෝක පූජිත විස්ඩන් සඟරාවට අනුව අඩුම වයසකින් ශතකයක් වාර්තා කළ ලොව ළාබාලතම පිතිකරුවා වීමේ ගෞරවය තවමත් අෆ්රිඩිගේ නම ඉදිරියෙන් ලියැවී ඇති නමුත් පන්දු අවම ප්‍රමාණයක් වැය කරමින් රැස් කළ වේගවත්ම ශතකයේ වාර්තාව අළුත් කිරීමට 2014 වර්ෂයේ දී කොරී ඇන්ඩර්සන් සහ ඒ. බී. ඩිවිලියර්ස් ක්‍රියාත්මක කළ සුවිශේෂී ඉනිම් ද්විත්වයට හැකි විය.

මෙම මාතෘකාව මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර මෙන්ම බොහෝ විචාරකයින් අතර ද ඉතා සුලබව කතා බහට ලක්වන කාරණාවක් වන අතර විශේෂයෙන්ම ආසියානුකරයේ ක්‍රීඩකයින් තමන්ගේ වයස නිවැරදි අයුරින් ඉදිරිපත් නොකිරීම නිසාවෙන් පසුගිය වසර කිහිපය පුරාවට මෙම ගැටලුකාරී තත්වයෙහි  වර්ධනය වීමක් දැක ගත හැකි වේ. අෆ්රිඩිගේ මෙම සිදුවීම කරළියට පැමිණීමත් සමඟම තවදුරටත් මෙම උද්ගතව ඇති තත්වය සඳහා වගකිව යුතු බොහෝ දෙනෙකුගේ නෙත් විවර වීමට පටන් ගෙන ඇත.

තවද අෆ්රිඩි තම සිහින මංගල එක්දින ජාත්යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව එසේ සාර්ථක නිමා කිරීමෙන් සති කිහිපයකට අනතුරුව පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ එකතු වන්නේ කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග සංචාරයක් සඳහා එක්වීම සඳහාය.

එම වර්ෂයේ දී ම එනම් 1996 වසරේ දී හසන් රාසා නමැති පාකිස්තාන ජාතික ක්‍රීඩකයා ඔහුගේ මංගල ටෙස්ට් තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වැඳීම සඳහා සුදුසුකම් ලබන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 14ක් වන බව එරට ක්‍රිකට් බලධාරීන් විසින් ලේඛනගත කර තිබුණි. කෙසේවූවද එම දත්ත වාර්තාවන්හී නිවැරදිභාවය පිළිබඳ තිබූ සැකය නිසාවෙන් එය පිළිගත නොහැකි බවට විස්ඩන් සඟරාව ප්‍රකාශයට පත්කොට තිබුණි.

වයස් පිළිබඳව මතුව ආ කතා බහට අමතරව තවත් ආන්දෝලනාත්මක මත ප්‍රකාශයක් කිහිපයක් අෆ්රිඩිගේ ග්‍රන්ථයේ සටහන්ව තිබීම නිසාවෙන් ක්‍රිකට් ලෝකය වඩාත් උණුසුම් වී තිබේ. ඒ අතරින් පාකිස්තානයෙන් බිහි වූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා ලෙස අදටත් සැලකෙන ජාවේඩ් මියන්ඩාඩ් හට අෆ්රිඩි විසින් “ඔහු ගතිගුණ අතින් ඉතා කුඩා කෙනෙක්” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය වෙතට කාගෙත් අවධානය යොමු වී ඇත.

ඔහු මුල සිටම මගේ පිතිකරණ ශෛලියට කැමැත්තක් දැක්වූයේ නැහැ. මට මතකයි 1999 ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී විශේෂයෙන්ම චෙන්නායි ටෙස්ට් තරගයට පෙර ඔහු මට කණ්ඩායමත් සමඟ පිතිකරණ පුහුණුවීම් කටයුතුවල නියැලෙන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නමුත් මම එදා ඔහුට ශතකයකින් පිළිතුරු ලබා දුන්නා වගේම ඒ ටෙස්ට් තරගයත් දිනවලා දුන්නා.”

ජාවේඩ්ට මං ගැන තිබ්බේ ඉතාමත් පහත් මානසිකත්වයක්. එදා ඒ තරගයෙන් පස්සේ තිබුණු ත්‍යාග ප්‍රදානෝත්සවයට කලින් ඔහු මාව පැත්තකට ඇඳලා අරගෙන කිව්වා ‘මේක හොඳට අහගන්න ඔයාගේ කතාවේ දී මටත් අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනෑ’ කියලා.මට එවෙලේ ඒක අදහගන්නත් බැරි වුනා.”

පාකිස්තානයේ සුපිරි වේගයේ අනාගතය

එක්දින පිටිය වසර ගණනාවක් මුළුල්ලේ සිටම තම ග්‍රහණයේ රඳවා ගත් ඕස්ට්‍රේලියානුවන් හට ලෝක කුසලානය දෙවතාවක් හිමි කර…

ඔහු ගැන පොඩි හරි ගෞරවයක් තිබුණා නම් ඒ සියල්ල ඔහු විසින්ම එදා නැති කරගත්තා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම අයෙකු වෙන්නට පුළුවන් නමුත් ගතිගුණ අතින් ඔහු ඉතාමත් කුඩා මිනිසෙක්.”

ජාවේඩ් වෙත එල්ල කරන දෝෂාරෝපණයෙන් අනතුරුව අෆ්රිඩි තවත් ඔහුගේම සඟයෙකු වන වකාර් යුනිස් පිළිබඳව ද එවැනිම මතයක පිහිටුවා අදහස් දක්වා තිබුණේ වකාර් යනු එතරම් ඇගයීමට ලක්කළ යුතු නායකයෙකු නොවන අතර පුහුණුකරුවෙකු වශයෙන් ද ඔහු ඉතාමත් අසාර්ථක පුද්ගලයෙකු ලෙසින්ය.

1992 වසරේ දී පාකිස්තානය වෙත ලෝක කුසලානය හිමි කර දුන් කණ්ඩායමේ නියමුවා මෙන්ම වත්මන් පාකිස්තානයේ රාජ්‍ය නායකයා ද වන ඉම්රාන් ඛාන් මහතාගේ කණ්ඩායමක් මෙහෙය වීමේ හැකියාව සහ නායකත්ව ශෛලිය පිළිබඳව ද සිය අදහස් වචනවලට පෙරළා තිබූ අෆ්රිඩි සඳහන් කර තිබුණේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් දැඩි පීඩනයකින් යුතුව තරග වැදි බවත්, දැන් ඒ ආකාරයෙන්ම ඔහු වත්මන් පාකිස්තාන කැබිනෙට්ටුව ද පාලනය කරනු ඇති බවත්ය.

එංගලන්ත ජාතික බොබ් වුල්මර් මහතා යටතේ පාකිස්තාන කණ්ඩායම පුහුණුව ලැබූ කාලසමය පිළිබඳ තම මතකයන් ආවර්ජනය කරමින් අෆ්රිඩි සඳහන් කොට තිබෙන්නේ බොබ් ඉතා මැනවින් කණ්ඩායමට අවශ්‍ය ගුරුහරුකම් ලබා දුන්නා පමණක් නොව ඔහු පුහුණුකරු ධූරය හෙඹ වූ කාලසීමාව තුල දී පෞද්ගලිකව තමාගේ දක්ෂතාවන් වර්ධනය කර ගැනීමට ලබා දුන් සහය ඉතාමත් අගය කොට සලකන බවය.

2007 වර්ෂයේ දී ඉන්දීය ආරම්භ පිතිකරු ගෞතම් ගාම්බීර් සමඟ ඇති වූ බහින් බස් වීම පිළිබඳව ද කතා කිරීමට ද අෆ්රිඩි අමතක නොකළේ එම සිදුවීම අතරතුර දී ගාම්බීර් ක්‍රියා කළ ආකරය පිළිබඳ තමාට පුදුමයක් නොමැති බව ද එහි දී සඳහන් කරමිනි.

ඔහු ස්වභාවයෙන්ම බොරු කේන්තිකාරයෙක්. මං හිතන්නේ ඒක ඔහු හිතන පතන විදියේ වැරැද්දක්.”

මට තාම මතකයි ඔහු එක ලකුණක් සම්පූර්ණ කරන්න ගිහින් මගේ ඇඟට ගොඩවුන හැටි. එවෙලේ විනිසුරුවන්ට ඒ සිදුවීම එතනින් නතර කරන්න සිදු වුනා, එහෙම නොවුනා නම් මම මැදිහත් වෙලා ඒක ඉවරයක් කරන්න තිබ්බා.”

කෙටියෙන්ම කිව්වොත් ඒ ඇති වුන බහින් බස් වීමේ දී අපි දෙන්නගේම කාන්තා පාර්ශවයන් ඒ කතාවට ගාවගන්න අපිට සිදු වුනා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<