කෝන්වෝල්ගේ පන්දුකරණය ඉදිරියේ ඇෆ්ගනිස්තානුවන් දණ නමයි

87

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව් හිදී පැවති එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (29) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තීරණය කළේය. 

ක්‍රිකට් ක්‍රීඩක බෙයිලිට ඉහළ තනතුරක්

ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක ජෝර්ජ් බෙයිලි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සාමාජිකයින්…..

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 187ක් පමණි. එහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජාවෙඩ් අහමදි ලකුණු 39ක් ලබා ගත් අතර ඊට අමතරව අමීර් හම්සා ලකුණු 34ක් හා අෆ්සර් සසායි ලකුණු 32ක් වාර්තා කළේය. 

එහෙත් අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව හෝ ඉක්මවීමට ඉඩ ලබා නොදීමට රකීම් කෝන්වෝල් ප්‍රමුඛ කොදෙව් පන්දු යැවීමේ බලඇණිය වගබලාගත්හ.

මෙහි දී අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රකීම් කෝන්වෝල් තම දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 75කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූයේ ඇෆ්ගනිස්තානුවන්ට එරෙහිව තම ආධිපත්‍යය පතුරුවා හරිමිනි. ඊට අමතරව නායක හෝල්ඩර් කඩුලු 2ක් දවා ගනු ලැබීය.

අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 277ක් රැස්කළේ තරගයේ පළමු ඉනිමෙන් ලකුණු 90ක් ඉදිරියෙන් සිටිමිනි.

එහි දී කොදෙව් පිතිකරණයේ සියලුම බර කරට ගනිමින් නැංගුරම බවට පත් වූ ශමාර් බෲක්ස් පන්දු 214කින් ලකුණු 111ක් රැස් කළේ හතරේ පහරවල් 15ක් හා එක් හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. 

බෲක්ස්ගේ ඉනිමට අනෙක් අන්තයෙන් යම් සහයක් ලබා දීමට හැකි වූයේ ජෝන් කැම්බල් හා ශේන් ඩෝව්රිච් දෙදෙනාට පමණක් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 55ක් හා 42ක් වාර්තා කළහ. එහෙත් සෙසු කිසිදු පිතිකරුවෙකුට අවම වශයෙන් ලකුණු 20 සීමාව හෝ ඉක්මවීමට හැකියාවක් නොලැබුණි.

ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර…..

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දුකරණයක නිරත වූ අමීර් හම්සා ලකුණු 74කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට යම් සහයක් ලබා දුන් රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවා ගනු ලැබීය.

ඉන්පසුව තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන පිතිකරුවන් යළිත් වරක් කොදෙව් පන්දුකරණය ඉදිරියේ අසාර්ථක වූයේ යන්තම් ලකුණු 120කට තම ඉනිම ද කෙළවර කර දමමිනි. එහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් හුදකලා පිතිකරණයක නියැලුණු ජාවෙඩ් අහමදි ලකුණු 62ක් ලබා ගත් අතර අන් කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවෙකු හට ලකුණු 30 සීමාව හෝ ඉක්මවීමට හැකියාවක් නොලැබුණි.

පන්දු යැවීමේ දී හෝල්ඩර්, කෝන්වෝල් හා චේස් තිදෙනා අතර කඩුලු 3 බැගින් සමව බෙදී ගියේය.

ඒ අනුව කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා හිමි වූයේ ලකුණු 33ක ඉතා පහසු ඉලක්කයක් වන අතර ඔවුන් එය එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වූයේ කඩුලු 9ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.

උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි…..

මේ සමඟින් දෙරට අතර පැවති එකම ටෙස්ට් තරගය ඉතා පහසුවෙන්ම ජය ගැනීමට කොදෙව්වන් සමත් වූ අතර කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ රකීම් කෝන්වෝල්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.

ඇෆ්ගනිස්තාන පළමු ඉනිම – 187/10: ජාවෙඩ් අහමදි 39, අමීර් හම්සා 34 අෆ්සර් සසායි ලකුණු 32, රකීම් කෝන්වෝල් 7/75

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 277/10: ශමාර් බෲක්ස් 111, ජෝන් කැම්බල් 55, ශේන් ඩෝව්රිච් 42, අමීර් හම්සා 5/74

ඇෆ්ගනිස්තාන දෙවන ඉනිම – 120/10: ජාවෙඩ් අහමදි 62, ඊබ්‍රාහිම් සද්‍රාන් 23, රොස්ටන් චේස් 3/10, ජේසන් හෝල්ඩර් 3/20

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – 33/1: ජෝන් කැම්බල් 19*, අමීර් හම්සා 1/5

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<