නූලෙන් පදක්කමක් අහිමි වේ

373

ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 12 වන දිනයේ ඊයේ (30) නිමා විය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම පදක්කම් බලාපොරොත්තු දෙකක් ඊයේ බිඳ වැටුණු නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ සුපිරි දස්කම් දැක්වීමට සමත් විය.

සියලු බලාපොරොත්තු 400X4 සහය දිවීමේ කණ්ඩායම මත පැටවේ

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වන දිනය ඊයේ නිමාවට පත්විය. ඊයේ (29) දිනයේ අවසන් …

දිනයේ ප්‍රධානම හා ඉතිරිව තිබූ එකම මලල ක්‍රීඩා පදක්කම් බලාපොරොත්තුව වූ පිරිමි 4X400 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරග ඊයේ පැවැත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනා සුපිරි ධාවනයක නිරත වූ අතර පදක්කමක් අහිමිවුණත් තරගයේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් ආසියාව පුදුම කිරීමට ඔවුන් සමත් විය.

අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර හා කාලිංග කුමාරගේ හට අපහසු 8 වන මංතීරුව පැවරුණත් ඔවුන් තේරීම් තරග අවසන් කර තිබුණේ හොඳම පස්වැනි කාලය වාර්තා කරමිනි.

පළමුව ධාවනයේ නිරත වීමේ වගකීම ගත් යොවුන් අරුණ දර්ශන පළමු යෂ්ටි හුවමාරුව වන විට අපහසු මංතීරුවක ධාවනයේ යෙදෙමින් වුවත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ තබන්නට සමත් විය. අජිත් ප්‍රේමකුමාරට එතරම් සාර්ථකත්වයක් අත්නොවුණු අතර ශ්‍රී ලංකාව දෙවන යෂ්ටි හුවමාරුව වන විට පස්වැනි ස්ථානයට ඇද වැටුණි. යොවුන් ක්‍රීඩක පසිඳු කොඩිකාරට තුන්වැනි වටයේ අභියෝගය හිමි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ධාවනයේ නිරත වූ ඔහු සුපිරි ධාවනයක නිරත වෙමින් පරතරය සෑහෙන දුරට අඩු කර ගැනීමට සමත් විය. කාලිංග කුමාරගේ අවසන් වටයේ වගකීම් උපරිම ලෙස ඉටු කළ නමුත් අවාසනාවන්ත ලෙස පදක්කමක් අහිමිව ගියේ ඉසව්වේ සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ජාතික වාර්තාව මගහැරුණේ තත්පර 0.03කිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශිෂ්ට තත්පර 3:02.74කින් ඉසව්ව නිමා කළ අතර ඉසව්වේ ජාතික වාර්තාව දැක්වුණේ 3:02.71ක් ලෙසයි.     

මේ අතර ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඊයේ හත්වැනි අටවැනි ස්ථාන තේරීමේ තරගය සඳහා සහභාගී වූ අතර ඕමානය හමුවේ ගෝල 2-5ක් ලෙස පරාජය වීම නිසා අටවැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට ඔවුන්ට සිදු විය.

වසර ගණනාවකට පසු හොං කොං හා ඉන්දුනීසියාව පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ජපානය, කොරියාව හා ඉන්දියාව හමුවේ පරාජයන් ලබන්නට ඔවුන්ට සිදු විය. 1978 වසරට පසු මේ ශ්‍රී ලංකා කණ්ඩායමක හොඳම දක්ෂතාව වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 1978 වසරේ හත්වැනි ස්ථානයේ තරගාවලිය අවසන් කරන්නට සමත් විය.

ඊයේ දිනයේ ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව කාණ්ඩ අදියරේ පළමු තරගය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරග වැදුණි. එහි දී එක්සත් අරාබි එමීර් කණ්ඩායම අන්ත අසරණ කරමින් ලකුණු 68-00ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කවිඳු පෙරේරා උත්සාහක දිනුම් ත්‍රිත්වයක් හා ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම සහභාගී වූ දෙවන කාණ්ඩ වටයේ …

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව සුපිරි ආරම්භයක් ලබා ගත් නමුත් දෙවන තරගයේ දී දකුණු කොරියාව හමුවේ නොසිතූ පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය. පළමු අර්ධයේ ලකුණු 07-17ක් ලෙස දකුණු කොරියාව පෙරමුණේ සිටි අතර දෙවන අර්ධයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රබල තරගයක් ලබා දුන්නත් කාලය හරස් වීම නිසා තරගය අවසන් වූයේ ලකුණු 26-31ක් ලෙස කොරියාවට ජය හිමි කර දෙමිනි.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද (31) ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වෙනු ඇත.

රාජිත පුෂ්පකුමාර කිලෝග්‍රෑම් 81 පිරිමි බර පන්තියේ ජූඩෝ තරග සඳහා ඊයේ සහභාගී වූ අතර 32ගේ වටයේ තරගයෙන් ඉන්දියානු ක්‍රීඩකයෙකු හමුවේ තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු විය.

කිලෝග්‍රෑම් 73 ජූඩෝ ඉසව්වේ අවසන් 32ගේ වටයට එක්වුන චාමර නුවන් Rysmambet Bektur හමුවේ පරාජය විය.   

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ මේසපන්දු ඉසව් සඳහා ද එක්වූ අතර ඉමේෂ් උදය පිරිමි කේවල ඉසව්වේ අවසන් 64 වටයෙන් තරගාවලියෙන් ඉවත් වූයේ ලාඕසයේ Sonpasith Mosangsinh හමුවේ වට 4-1ක් ලෙස පරාජය වීම නිසයි. ඉෂාරා මදුරංගි කාන්තා කේවල ඉසව්වේ අවසන් 64 වටයේ දී පකිස්තානයේ  ෆාතිමා කාන් හා තරග කළ අතර පාකිස්තාන ක්‍රීඩිකාව හමුවේ ඉෂාරා වට 4-0ක් ලෙස පරාජය විය.

ගයන්තිකාගේ, රුමේශිකාගේ හා ඉඳුනිල්ගේ බලාපොරොත්තු බිඳ වැටේ

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වන දිනය අදයි …

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම 13-16 ස්ථාන තේරීමේ අවසන් පූර්ව වටයට පිවිසුණු අතර පළමු වටය පරාජය වුවත් වට 3-1ක් ලෙස තරගය ජයගෙන 13-14 ස්ථාන තේරීමේ අවසන් මහා තරගයට පිවිසෙන්නට ඔවුන් සමත් විය.

තරගාවලියේ රග්බි, වොලිබෝල් ඇතුළු තවත් ඉසව් කිහිපයක් අද (31) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සවිස්තර වාර්තා සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<